වෙනදාට වඩා අපේ ජනතාව මෙවර අවුරුදු පලාපල ගැන උනන්දුවෙන් පසු වෙනවා වැඩියි. පලාපල විශ්වාස නොකරන අය පවා. මොකද මේ වන විට ලොව පුරා ලෝක බලවතුන්ගේ බල අරගල උග්‍ර තත්වයකයි පවතින්නේ. ඒත් මේ ගෙවෙන කාලය මිනිස්සුන්ගේ හිතට ගෙන එන්නේ අමුතුම හැඟීමක්.
බලන්න අවට පරිසරයේ ගස් වැල් මලින් පලින් බර වෙලා තියෙන හැටි. කෝකිල කූජනයෙන් මුළු පරිසරයම ගීතවත් වෙලා නැතිවද? සූර්යදේව සංකල්පය අගයන කෘතවේදී ශශ්‍රී ලාංකිකයන් හැටියට මොන තරම් අමාරු කාලයක වුණත් මොන මොන අපහසුතා මැද වුණත් සූර්‍ය මංගල්‍යය හැකි ඉහළින්ම සමරන්න මැළි වෙන්නේ නෑ.
මේ අවුරුද්දේ හරියටම බක් මාසේ 14 වැනිදා පූර්වභාගයේදී නව අවුරුදු උදා වෙනවා.
අවුරුදු පුරෝකථන ඔක්කෝටම ඉස්සර වෙලා එකක් කියන්නම්. මේ අවුරුද්ද ඔයාලා හිතන තරම් නරකමත් නෑ. හැබැයි එහෙමයි කියලා සැහැල්ලුවට ගන්නත් බැරි අවුරුද්දක්. මොන ප්‍රශ්න කරදර ආවත් රටේ ජනතාව මෙතෙක් ප්‍රශ්න ගැටලුවලට මුහුණ දීලාම ලබා ඇති පන්නරය නව වසර තුළ අනිවර්යයෙන්ම කැපී පේනවා. රටේ ජනතාවගේ පරිණත හැසිරීම අර්බුද හමුවේ රටක් කඩා නොවැටෙන්න අනිවාර්යයෙන්ම හේතු වාසනා වෙනවා. උදාහරණයක් හැටියට බල ශක්ති අර්බුදය ගත්තොත් රටේ ජනතාව දුෂ්කර කාලය තුළදී එයින් අත් මිදීමට නිර්මාණාත්මක විසඳුම් හොයා ගන්නට පෙලඹේවි. ඒ වගේම කෘතගුණ දන්නා රටවල් කිහිපයක්ම එවැනි අර්බුද හමුවේ මේ පුංචි දිවයින හුදෙකලා කරන එකක් නෑ.
මාස අනුපිළිවෙලින් බක් මාසයේ අංක විද්‍යාත්මක පළාපලත් මෑතකදී අප පැවසුවා. වැඩි දුරටත් කියන්න තියෙන්නේ මේ 2026 අවුරුද්දේ අංකවල එකතුව සංයුක්ත ලෙස එකතු කළාම ලැබෙන පිළිතුර අංක 1 ක් වෙනවා. ඒ කියන්නේ 1, 4 හා 8 අයත් ශනිගේ ශ්‍රේණියේ අවුරුද්දක්. අංක විද්‍යාත්මකව අංක 1/4 එකටම ගෙන කියවන බව සබුද්ධික සුබසෙත පාඨකයන් සැම හොඳාකාරවම දැනුවත්.
ඒ නිසා මේ අවුරුද්දේදී ශනිගේ ශ්‍රේණියේ පෞද්ගලික අංකය යෙදෙන 1, 4, 8 අයට සිදුවීම් බහුල අවුරුද්දක වෙනවා. සැප-දුක දෙක මැද්දේ සියල්ල දෝලනය වෙද්දී පෞද්ගලික අංකය 4 වන අයට මේ අවුරුද්ද තුළ යම් සැනසිලිදායක බවක් ද ගෙන දෙනවා. ඒ වගේම තමයි පෞද්ගලික අංකය 3, 6 හා 9 වෙච්චි අය මේ වසර තරමක් කල්පනාකාරීව පූර්ව සැලසුමකින් යුතුව ගත කිරීම යහපත්. පෞද්ගලික අංකය 2,7 හා 5 වන අයටත් මේ වසර මිශ්‍ර පලදායක වනු ඇති.
මෙවර සිංහල අවුරුද්ද උදාවන දවසේ වසර, මාසය හා දිනය යන සියල්ලම සංයුක්තව එකතු කර ගත්තම ලැබෙන පිළිතුරත් අංක 1 ක් ම වෙනවා. පොදුවේ මුළු අවුරුද්දටම පෙර කී අනාවැකි යළි තහවුරු කෙරෙනවා. ඒ වගේම තමයි මේ රවිගේ බලය යළි තහවුරු වන වසරක්.
රටේ අභිමානය ජාත්‍යන්තරය හමුවේ පතළ වීම, රට ජාත්‍යන්තර කේන්ද්‍රස්ථානයක් බවට පත්වීම, නීතියේ ආධිපත්‍යය තහවුරු වීම, තරාතිරම නොබලා වැරදි කරුවන්ට දඬුවම් ලැබීම, වෛද්‍ය ක්ෂේත්‍රයේ නව පිබිදීම හා අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඇති වන ප්‍රබෝධය වඩාත් කැපී පේනවා. ඒ වගේම තමයි රටේ දිශානතිය කෙරෙහි පූජ්‍ය පූජක උතුමන්ලා විසින් වඩාත් සංවිධානාත්මකව සිදු කරන බලපෑම් තීරණාත්මක සාධකයක් බවට පත්වනවා.
ආගමික ප්‍රබෝධයත් කැපී පේනවා. රට තුළ පවතින සාපේක්ෂ වශයෙන් නිදහස් හා සාමකාමී වාතාවරණය හා සහනශීලී ආගමික පසුබිම නිසා දැවෙන ලෝකයාට නිවීම පතා කරන කර්මාන්තයන් රට තුළ ස්ථාපිත කර ගැනීමට මේ කාලය යහපත්. මේ තුළින් හෙළ වෙදකමට පවා හොඳ කලක් උදා වනවා.
ඔය අතර වාරයේදීම පරිසර උෂ්නත්වය ඉහළ යාම, නියඟය වගේම උෂ්ණ රෝග ආදිය සබැඳීවත් සැලකිලිමත් විය යුතුයි. ලෝක අර්බුදයක් මැද නියං තත්ත්වයත් උග්‍ර වුවහොත් රට තුළ ආහාර අර්බුදයක් ඇති නොවන බවට වග බලා ගැනීමට ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානය කල්තබාම යොමු වීමත් වැදගත් වේවි.
මේ වසර යනු අර්බුද මැද අප ගත කළ පළමු අවුරුද්ද නොවේ. එසේම අවසන් අවුරුද්ද නොවිය හැකිය. කොහොම වුණත් ඉරෙන් හඳෙන් හොඳීන් වැඩගත් ආගම-දහම හා ඡ්‍යොතිෂය වැනි පාරවිද්‍යා දැනුම පවා හොඳීන් අත්හදා බලන අප මේ සැම සිදුවීමක් තුළින්ම විනිවිද දකින්නේ ලෝක ස්වභාවය හා යථාර්ථය යන දෙක නොවන්නේද?
අන්තර්ජාලය ඇසුරෙන්..