Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
20
"හරිම අසීරුයි තනියම ජිවත් වෙන්න. දික්කසාද වුනා කියලා දැනගත්ත ගමන්ම වෙන ප්‍රයෝජන තකා ආශ්‍රය කරන්න එනවා.." - මේධා ජයරත්න

- "හරිම අසීරුයි තනියම ජිවත් වෙන්න. දික්කසාද වුනා කියලා දැනගත්ත ගමන්ම වෙන ප්‍රයෝජන තකා ආශ්‍රය කරන්න එනවා.." - මේධා ජයරත්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

42,536 Views
"එක ගෙදර හතුරෝ වගේ ඉන්න බැහැ. ඊට වඩා හොදයි කතාබහ කරලා අයින් වෙන එක.."

"මගේ ජිවිතේ දික්කසාදය තුලත් තියෙන්නේ අමිහිරි අත්දැකීම්.."

බොහෝ නිර්මාණවලින් පසුගිය කාලයේ දකින්න ලැබුණු මේධා ජයරත්නට මේ වෙද්දී ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමි වෙනවා. තරුණ පෙණුම රැකගන්න උත්සහ කරන මේධා ආදරේ, විවාහය, දික්කසාදය වගේම ඇයගේ නිර්මාණ ගැන වෙනස්ම කතාබහකට අපිත් වුණා. මේ හැමෝම ආදරේ කරන මේධා ගැන අලුත්ම තොරතුරුයි.

අලුත් නිර්මාණ ගැන කියලම කතාබහ ආරම්භ කරමු මේධා..?
දුලීකා මාරපන නිෂ්පාදන දායකත්වය ලබා දෙන අලුත්ම ටෙලි නාට්‍යකට මට ආරාධනාවක් ලැබුණා. මේ වෙද්දී එහි රූගත කිරීම් ආරම්භ කරලා තියෙන්නේ. ලගදි විකාශය වෙයි. ඒ නාට්‍යයේ මම වෙනස්ම චරිතයකින් දකින්න ලැබෙනවා.

දරුවෝ දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් වුණාට මේධා තවමත් තරුණ පෙණුම රැකගෙන ජිවත් වෙනවා. ඒ නිසාද පසුගිය කාලයේ එකම චරිත රාමුවකට කොටු වුණේ ..?
නිර්මාණ කිහිපයක මම ලොකු දරුවෝ ඉන්න අම්මා කෙනෙක්ගේ චරිත රගපෑවේ. එකෙන් මට හානියක් වුනා කියලා මම හිතනවා. ඒ නිසා මම ඒ රාමුවෙන් ඈත් වෙන්න තීරණය කළා. දැන් නම් මට විවිධ චරිත ලැබෙනවා. දැන් තියෙන පෙනුමට ගැළපෙන චරිත.

මේධාගේ වෘත්තීය රංගනයද, එහෙම නැත්තනම් බිස්නස්ද..?
මම වෙන කිසිම වෘත්තීයක් කරන්නේ නැහැ. මගේ වෘත්තීය දැනට රංගනය තමයි.

මේධා දැන් පෙම්වතියක්ද, යළිත් විවාහය ගැන හිතනවද..?
තවම මට පෙම්වතෙක් නැහැ. විවාහ ජිවිතයක් ගැන තවම හිතලත් නැහැ.

ආදරේ කරන්න විවාහ වෙන්න වයස් භේදය බලපානවා කියලා මේධා හිතනවද..?
ආදරේට කොහෙත්ම වයස් භේදයක් නැහැ කියලා මම පුද්ගලිකව හිතනවා. එහෙම උදාහරණ අපේ සමාජයේ ඕනෑතරම් තියෙනවා. වයස කියන්නේ ඉලක්කමක් විතරයි. ආදරේ තියෙන තැන, ආදරේ රැදෙන තැන, ආදරේ රැකෙන තැන ආදරේ නතර වෙනවා කියලා තමයි මම නම් හිතන්නේ. ආදරේදී ආරක්ෂාව රැකබලා ගැනීම වැදගත්. අපේ සමාජයේ මතය තමයි විවාහයේදී කෙල්ල කොල්ලට වඩා වයසින් අඩු වෙන්න ඕන කියන එක. එහෙම වෙන්න ඕන නැහැ. ආදරේ තියෙන තැන කොහොමත් ආදරේ නතර වෙනවා.

වැඩිමහල් අය තමන්ගේ දරුවන්ගේ වයසේ ඉන්න තරුණ තරුණයින් ආදරේ කිරීම වරදක් නැහැ කියලද මේධා කියන්නේ..?
ඒක මම නම් වරදක් හැටියට දකින්නේ නැහැ. නමුත් ඒ ආදරේ ඕනවට වඩා ලෝකෙට සමාජයට නිරාවරණය නොකර ඉන්නවා නම් හොදයී. පිටරටවල ඕන තරම් ඒ වගේ ප්‍රේම සම්බන්ධතා දකින්න ලැබෙනවා. ඒ වගේම මේ ෆීල්ඩ් එකේ හෝ කලාකරුවන් විතරක් නෙමෙයි ඒ වගේ ආදර කතාවල පැටලෙන්නේ. සාමාන්‍ය ජිවිත ගත කරන අයත් එහෙමයි.

ආදරය කොළයකට විතරක් සිමා වෙන්න ඕන දෙයක්ද..?
එහෙම වෙන්න ඕන නැහැ. මොකද විවාහ නොවී එකට ජිවත් වෙන අය අපේ රටේ විතරක් නෙමෙයි ඕනෑම රටක ඉන්නවා. ආදරේ විස්වාස කියන දේ මත තමයි එකට ජිවත් වෙන්නේ. විවාහ වුනු අයත් අනියම් සම්බන්ධතා තියාගන්නේ වෙනතැනක ආදරේ දැනුනු නිසා වෙන්න ඇති. ආදරේ, බැදීම් කියන දේ වෙනස් නොවී තිබීම විතරයි වැදගත් වෙන්නේ. නමුත් නීතිමය කටයුතුවලදී විවාහයේ ලියකියවිලි අවශ්‍ය වෙනවා. නමුත් එහෙම කියලා ආදරේ කොලයකට විතරක් සිමා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ.

විවාහ වෙලා එකට ඉන්න බැරි තරම් ප්‍රශ්න තියනවා නම් දික්කසාද වෙන්න ඕනද, එහෙම නැත්තනම් දරුවෝ, අනාගතය, හෝ සමාජ මත ගැන හිතලා ප්‍රශ්න මතින් විවාහ ජිවිතේ ගෙනියන්න ඕන කියලා ඔබ හිතනවද..?
මම නම් හිතන්නේ එකට ඉන්න බැරි නම් කතාබහ කරලා අයින් වෙන්න ඕන කියලයි. අනිත් අයගේ නිදහස ගැනත් හිතන්න ඕන. එහෙම කතාබහ කරලා විවාහයෙන් වෙන් වෙන අය අපේ රටේ හරි අඩුවෙන් දකින්නේ. එකට ඉන්න බැහැ කියලා දික්කසාද වෙන්න ඉල්ලුව ගමන්ම නැති දේවල් කියලා හෝ දරුවන්ව ගාවලා මඩගහනවා. එහෙම සමාජයක් තමයි දකින්න ලැබෙන්නේ.

මොකද දරුවෝ අපි ලග හැමදාම ඉන්නේ නැහැ. වයස සම්පුර්ණ වුනු ගමන් එයාලා එයාලගේ ජිවිතේ හොයාගෙන යනවා. එතකොට අපි එතනින් එහාටත් ජිවත් වෙන්න ඕන. එක ගෙදර හතුරෝ වගේ ඉන්න බැහැ. එහෙම ඉන්නවට වඩා හොදයි කතාබහ කරලා අයින් වෙන එක. මගේ ජිවිතේ දික්කසාදය තුලත් තියෙන්නේ අමිහිරි අත්දැකීම්. ඉන්න කාලේ හොද කියලා අයින් වුනාට පස්සේ නැති වැරදි කියනවා. හැමතැනකදිම වැරැද්ද පැටවෙන්නේ ගැහැනියගේ පැත්තට තමයි. ඒ නිසා මම හිතනවා එක වහලක් යට සමගියෙන් ආදරෙන් ඉන්න බැරි නම් දික්කසාද වෙන එක හොදයි කියලයි.

විවාහ ජිවිතෙන් ඉවත් වෙලා ඉන්න ඔබට දැන් පිරිමි ආකර්ෂණය වැඩි ඇති..?
පිරිමි ආකර්ෂණය නම් වැඩි වෙලා කියලා ලැබෙන ප්‍රතිචාරවලින් තේරෙනවා. නමුත් සමහර පිරිමි අය ආදරේට නෙමෙයි ඇසුරු කරන්නේ වෙන දේවල් බලාපොරොත්තුවෙන්. ඒ නිසා හරිම පරිස්සමින් ජිවත් වෙන්න ඕන.

තනි ගැහැණු කෙනෙකුට සමාජයේ ජිවත් වෙන්න අසීරුද..?
හරිම අසීරුයි තනියම ජිවත් වෙන්න. දික්කසාද වුනා කියලා දැනගත්ත ගමන්ම වෙන ප්‍රයෝජන තකා ආශ්‍රය කරන්න එනවා. පුදුම ආදරයක් තියෙන්නේ එහෙම අය අපේ ෆීල්ඩ් එකෙත් දකින්න ලැබෙනවා. නමුත් මම ඒ අය එක්ක තරහා නොවී විහිළුවෙන් ඒ අයව මගහරිනවා. මම උපාධිධාරිනියක්. රැකියාවක් ගැන කාට හරි කිව්වොත් එයාලා මට උදව් කරන්න කලින් මගෙන් ප්‍රයෝජනයක් ගන්න බලන්නේ. එහෙම මිනිස්සු ඉන්න සමාජයක තනි ගැහැනියක් විදිහට කොහෙත්ම ජිවත් වෙන්න අමාරුයි.

හර්ෂණී වීරරත්න




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top