“සනී ලියෝන්ගේ තාත්තවත් මගේ තාත්තා තරම් පීඩනයකින් ඉන්න නැතුවැති..”
“ඒ තමයි මගේ ප්‍රස්ට් ලව් ෆීලින් එක.. මම ගිහාන් අයියාට මැරීගෙන ආදරේ කළා..”
“අයියලාගෙම භාෂාවෙන් කිව්වොත්..? කොලුකාරයෙක්.. සමනල් පැටියෙක්..”
“සොරි අයියා... මම පොඩ්ඩක් ලේට් වුණා.. පොඩ්ඩක් නෙවෙයි මම හිතන්නේ..”
මේ තැනැත්තිව (මේ කෙනාට කාන්තාවක් කියනවද පිරිමියෙක් කියනවද කියලා ඔබම තීරණය කරන්න. ඒත් මම හිතන්නේ කතාව අතරමඟක අපිට හරි ආකාර නමක් හොයාගන්න පුළුවන් වෙයි.) මට මේ ඇත්තිව.. මුලින්ම මුණ ගැහෙන්නේ ජාතික රෝහලට හැරෙන පාර ළඟදී... මහා කලබලෙකින් ඒ ඇත්තී පණ කෙන්ද කඩාගෙන දුවනවා මම දකිනවා. ඊටත් පස්සේ ඒ තැනැත්තිගේ අමුතු රූප පෙට්ටිය දිහා බලන උනුන් උසුළු විසුළු කරන්න ගන්නවා.. තවත් එකෙක් මහා හයියෙන් “හූ” කියන්න ගන්නවා..
“ඒවා ඉතින් පුරුදුයි මට... ඔය මිනිස්සු හූ කියන එක.. එහෙම නැත්තම්.. සමහර වෙලාවට මම ටැක්සි-වල තමයි එහා මෙහා යන්නේ අයියේ... මොකද හුඟක් අය කැමති නෑ බස් එකේ යද්දි.. අපි ළඟින් ඉඳගන්නවත්.. එයාලා ඒක අඟවනවා..”