Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
27
"මම හැමෝම එක්ක රණ්ඩු කළා ඒ මගේ දරුවා නෙමෙයි කියලා ,දුවට කිරි දුන්නේ නැහැ එතකොට එයා මැරෙයිනේ.." - දරු ප්‍රසූතියට බිය වූ මවකට අවසානයේ අත් වූ ඉරණම

- "මම හැමෝම එක්ක රණ්ඩු කළා ඒ මගේ දරුවා නෙමෙයි කියලා ,දුවට කිරි දුන්නේ නැහැ එතකොට එයා මැරෙයිනේ.." - දරු ප්‍රසූතියට බිය වූ මවකට අවසානයේ අත් වූ ඉරණමHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

36,122 Views
"මම දුක් වින්දේ එයා නිසා කියලා එයත් එක්කත් මට පුදුමාකාර තරහක් ආවේ.."

"බබා ලැබෙද්දී ගොඩක් ලේ ගිහින් මම මැරෙයිද කියලා මම ඇහුවා.."

ආක්ෂා වනිගසූරිය, මේ නම වගේම ඇයත් හරිම රූමත්. අමුතුවෙන් මුහුණේ ලස්සන, ශරීරයේ හැඩය ආක්ෂාට වෙනස් කරගන්න වුවමනාවක් තිබ්බේ නැහැ. දැන් ඇයගේ වයස අවුරුදු 24යි. ඇය විවාහ වෙන්නේ මිට වර්ෂ දෙකකට පමණ පෙරයි. අම්මා තාත්තාගේ හුරතලි විවාහ වෙලා ගියාට පස්සේ ආක්ෂා ජිවත් වෙන්නේ සැමියාගේ නිවසේ. සැමියාට විවාහ නොවූ වැඩිමහල් සහෝදරයෙක් හිටියා. ඔහු හා සැමියාගේ අම්මයි තාත්තයි හැරුණුකොට ඒ නිවසේ වෙන කවුරුවත් හිටියේ නැහැ. සැමියාගේ නිවස තිබුණේ ගාල්ලේ නමුත් ඔහු කොලඹ රැකියාවේ නිරත වෙලා නිවසට එන්නේ සති අන්තයේ. ඒ නිසා නිවසට වෙලා කාලය ගත කරන ආක්ෂාට අවශ්‍ය වුනා ඉක්මණින්ම දරු සුරතල් බලන්න. ඒත් ඒ හීනය දිනෙන් දින කල් ගියා.

ආක්ෂාගේ හොදම යෙහෙළියත් මවක් වෙන්න සුදානමින් හිටියා. ප්‍රසුත වේදනාවත් එක්ක දරුවා බිහි කළ ආක්ෂාගේ යහළුවා නිතරම ආක්ෂාට කිව්වේ " දරුවෙක් හදන්න ගිහින් මම වින්ද දුක උඹ නම් දැන්ම විදින්න ඕන නැහැ..කොන්දට බෙහෙතක් ගැහුවා දරුවා ලැබිලා දවස් ගානක් යනකල් ඒ හිරි වැටීම ගියේ නැහැ..පුදුමාකාර අමාරුවක් තිබ්බේ..අම්මෝ දරුවෝ නම් මට එපා මේ හොදටම ඇති.." එහෙමයි. ආක්ෂාට කතා කරන හැම මොහොතකම ඇයගේ ප්‍රසූත වේදනාව මතක් කරද්දී දරුවෙක් බිහි කරන්න පෙරුම් පුරමින් හිටිය ආක්ෂාට දරු ප්‍රසූතිය මතක් වෙලා මුළු ශරීරයම හිරි වැටෙන්න ගත්තා. මානසික වදදීමක් නිසා ඇය දන්න බොහෝ දෙනෙකුගෙන් දරු ප්‍රසුතියේ වේදනාව කොයි වගේද කියලා විමසන්න පටන් ගත්තා. දරුවෙක් ගැන හිටපු ඇයට දරුවෙක් බිහි කරන්න බයක් හිතෙන්න පටන් ගද්දි ඇය ගැබ් ගෙන ඇති බව සනාථ වුනා. අම්මා තාත්තා එක්ක සැපට හැදුනු ඇයට ප්‍රසුත වේදනාව මතක් වෙලා හිරිමක වේදනාවක් පවා දරා ගැනීමට නොහැකි වුනා.

"මට හිටියේ අම්මා තාත්තා විතරයි. පවුලේ වෙන කවුරුත් හිටපු නැති නිසා හැම අතින්ම මම සැප වින්දා..අවුරුදු දෙකකට කලින් විවාහ වෙලා මගේ හස්බන්ඩ්ගේ ගෙදර ආවා..එහෙ ඉන්නේ අම්මා තාත්තා හැරුනම අයියා විතරයි..මගේ හස්බන්ඩ් එන්නේ සිකුරාදා රෑ වෙලා..ඒ ගෙදර හැමෝමත් මට පුදුමාකාර විදිහට ආදරෙයි..මම තනි ළමයෙක් නිසා මම තේරෙන කාලේ ඉදලා හිතපු දෙයක් තමයි මම දැරුවේ දෙතුන් දෙනෙක් හදනවා කියන එක..මම අහලා තියෙනවා දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් දරුවා කුසට ආවට පස්සේ ඉදලා ඉපදෙනකල්ම වේදනා විදිනවා කියලා..නමුත් ඒ වේදනාව කොයි තරම් අමාරුද කියලා මම ගැබ් ගෙන මාස දෙකක් යන්නත් කලින්ම අත්වින්දා..මගේ හොදම යාළුවා නිලූ..එයා මට නිතරම කිව්වා දරුවෙක් උපද්දවන එක පිනක් වුණාට හරිම වේදනාකාරියි කියලා.. දරුවා කුසට ඇවිත් දවස දවස ගෙවිලා යද්දී මමත් වේදනා විදිනකොට දරුවා බිහි කරන්න යන්න මම බය වුනා... නමුත් මගේ සැමියා මට පුදුමාකාර ආදරෙයි..එයා මගේ හිත හරියට හැදුවා..මම අහලා තියෙනවා දරුවෝ ලැබෙන්න යද්දී අම්මලා මැරෙනවා කියලා..මට හිතුනා මගේ සැමියාව තනි කරලා මම මැරෙයිද කියලත්..මම ක්ලිනික් යන දවසට පවුල් සෞඛ්‍ය නිලධාරිනියගෙන් එක එක ප්‍රශ්න අහනවා..බබා ලැබෙද්දී ගොඩක් ලේ ගිහින් මම මැරෙයිද කියලා මම ඇහුවා දවසක් ..එයාලා හිනා වෙලා එහෙම අමාරු වෙන්නේ නැහැ බය වෙන්න එපා කියලා විතරයි කියන්නේ..මට හිතෙන්න පටන් ගත්තා එයාලත් බොරු කියනවා කියලා.."

දින සති මාස ගෙවී ගියා. ආක්ෂා හිත රවට්ටා ගෙන දරුවා ප්‍රසූත කරන්න සුදානම් වුනා..ප්‍රසුත වේදනාව එක්ක හිත ශක්තිමත් කරගෙන දරුවා බිහි කරන්න ඇය රෝහල් ගත වුනා..ඉදිරියට නෙරාගෙන ආ කුස පිරි මදිමින් ගැබිණි මව්වරුන් වාට්ටුවේ වේදනාවෙන් එහාට මෙහාට යනවා ඇස්දෙකින්ම ආක්ෂා දකිනවා...සායනයට යන කාලේ ගැබිණි මව්වරුන් දැක්කත් ඇයට මේ තරම් බයක් මිට පෙර දැනුනේ නැහැ. ආක්ෂාට ඇයගේ යෙහෙළිය කියූ දේ මතකයට ආවා. සැමියා රෝහලට ඇයව බලන්න ආ සැණින් ඔහුගේ අත්දෙකම බදාගෙන " දරුවා ලැබෙද්දී මම හදිස්සියේ හරි මැරුණොත්..හැමෝම කියයි නේද අම්මා මාරාගෙන ඉපදුණ දරුවා කියලා..ඔයාට මම නැතුව ඉන්න පුලුවන්ද..මම මැරුනොත් ඔයා වෙන කාවහරි බදියි නේද.." ඇයගේ ප්‍රශ්න වළක්වන්න ඔහු ඇයගේ අතක් තදින් අල්ලාගෙන " පිස්සු කතා නොකියා ඉන්න..ඔයාට මොකුත් වෙන්නේ නැහැ..ඔයා වගේම බඩේ ඉන්න බබත් හොදින් කියලා ඩොක්ටර් කිව්වනේ.." යැයි පැවසුවා. එහෙත් ආක්ෂාගේ බය නැති වුනේ නැහැ. පසුවදාම ප්‍රසුතාගාරයට ඇයව ගත්තා දරුවා ස්භාවික දරු උපත සදහා.ප්‍රසුතාගාරයේ හැම පැත්තෙන්ම ඇහෙන මරලතෝනි හඩ, කෙදිරිලි අස්සේ ආක්ෂාටත් කොන්ද පසාරු කරගෙන වේදනාවක් ආවා. දැන් දැන් ඇය මැරේවි යන බියෙන් ඇයත් කෑගහලා ඇඩුවා. මේ හැම වේදනාවක්ම තමන්ට ආවේ සැමියා නිසා බව ඇයට හිතෙද්දි ඔහු ගැනත් ඒ මොහොතේ ඇයට තදබල කේන්තියක් ආවා.පුදුමාකාර වේදනාවක් අවසානයේ ඇය දරුවා බිහි කළා. දුවෙක්ද පුතෙක්ද යන වග කලින් දැනගෙන නොසිටියේ එන දරුවා ආදරෙන් භාරගැනීමට සිටි නමුත් ඇයට විශාල වේදනාවක් දී බිහිවුයේ දුවක් බව ඒ මොහොතේ ඇයට හෙදියන් කියනවා ඇසුනා. ඇයගේ ඇස් කොණින් කදුළු ගලාගෙන ගියේ වේදනාවට වඩා ඇයගේ ජීවිතය බේරුණු නිසයි.

"දුව ඉපදුණාට පස්සේ මාව වෝඩ් එකට දැම්මා..මගේ දුව සුදුම සුදුයි..බෝලයක් වගේ හරිම ලස්සනට මට පෙනුනා..නමුත් දරුවාට කිරි දෙන්න කියද්දී මගේ කිරි එරිලා බේරිලා ගියත් කිරි දෙන්න මට තේරුනේ නැහැ..රෝහල් හෙදියකගේ උදව්වෙන් මම දුවට කිරි දුන්නා.. ඒත් දුව කිරි බොන්නේ නැතුව අඩනවා..මුලින් මම දැක්ක ලස්සන දුව නෙමෙයි මගේ ලග හිටියේ..කැත විරූපී වුනු ළමයෙක්..මගේ ඇද වටේට හිටපු අම්මලා මගේ දිහාත් දරුවා දිහාත් අමුතු විදිහට බලනවා මම බලාගෙන..මගේ සැමියා වගේම එයාගේ අම්මා තාත්තා නෑදෑ වෙන නැන්දා කෙනෙක් ආවා මාව බලන්න.. මට එයාලා එක්කත් තරහයි..එයාලත් දරුවා දිහා බලලා මොනවදෝ කියනවා වගේ මට පෙන්න ගත්තා...

මම හිතුවා නිතරම මගේ දිහා බලාගෙන ඉන්න ඉස්සර ඇදෙ හිටපු අම්මා මගේ දුවව මාරු කරලා කියලා..මම මගේ සැමියාට කිව්වට එයා ගණන් ගත්තේ නැහැ..ඔයා වගේ ලස්සන කෙලි පැටියෙක් මේ ඉන්නේ කියලා කිව්වා...අම්මලා එලියට ගියාට පස්සේ මගේ සැමියා අන්තිමට තමයි වෝඩ් එකෙන් ගියේ..මගේ ලග ඉදලා එයා හෙදියක් ලගට ගිහින් මාව පෙන්නලා මොනා හරි කියලා හයියෙන් හිනා වෙනවා මම දැක්කා..හවස මාව බලන්න ආවම මම එයා එක්ක කතා කලේ නැහැ.. යනකල් අහක බලාගෙන හිටියා..මේ මගේ දරුවා නෙමෙයි කියලා කිව්වම එයා පිළිගත්තෙත් නැහැ..මම දුවට කිරි නොදී හිටියා..එතකොට එයා මැරෙයි කියලා මම හිතුවා..මොකද එයා මගේ දරුවා නෙමෙයිනේ..බබා කෑගහද්දී නර්ස්ලා ඇවිත් කිරි දෙන්න කියනවා..මට තේරෙනවා මම කිරි දෙන්න දන්නේ නැහැ කියලා..මම වාට්ටුවේ හිටපු හැමෝම එක්ක රණ්ඩු කළා ඒ මගේ දරුවා නෙමෙයි කියලා..සැමියා එක්ක රණ්ඩු කළා..මට ජිවිතේ නැති කරගන්න හිතුණා..හැමෝම දරුවා දිහා බලලා හිනා වෙද්දී.."


ඇය දරුවා ලැබූ දිනට පසුදා සිට වාට්ටුවේ අනෙක් මව්වරුන් හා හෙදියන්, වෛද්‍යවරුන්, කාර්යමණ්ඩලය සමග නිරන්තරයෙන් කෑගසා රණ්ඩු වෙන නිසා වෛද්‍යවරුන් තේරුම් ගත්තා ඇයට මෝහ සංකුලතා සහිත පසුප්‍රසව විශාදය බව (postpartum depression with psychotic symptoms ). ඇයව තේරුම්ගත් වාට්ටුවේ වෛද්‍යවරුන් ඇයව වහාම මනෝ විශේෂඥ වෛද්‍ය රූමී රූබන් මහතා වෙත යොමු කර තිබෙනවා.

"ගැබ් ගන්න මව්වරුන් ඇතැම් පිරිසක් ප්‍රසව වේදනා ගැන බය වෙනවා. ප්‍රසවය ආසන්න වෙද්දී මේ තත්ත්වය වැඩි වෙනවා. හෝමෝන වෙනස් වීම, විවිධ වෙනස්කම්, ඇති වෙනවා. මේවා දරුවා ලැබිලා පැය 24ක් ගත වෙද්දී ලක්ෂණ මතු වෙනවා හෝ වැඩි වෙනවා. මවට දරුවා රැකබලා ගන්න ශක්තියක් නැහැ කියලා හිතනව. දරුවා ලැබුනට පස්සේ නිවසේ අයගේ ආදරේ අඩුවෙලා කියලා හිතනවා. නින්ද යන්නේ නැහැ.

ජිවිතේ ගැන කලකිරෙනවා, දරුවා ප්‍රතික්ෂේප කරනවා. දරුවාගේ ජිවිතේ විනාශ කරන්න හදනවා. ඇයගේ ජිවිතේ විනාහ කරගන්න උත්සහ කරනවා. සැක කරනවා. මේවගේ අවස්ථා වලදී ඒ මවව වහාම මනෝ වෛද්‍යවරයෙක් වෙත යොමු කරන්න ඕන. මේ අම්මාව මට යොමු කරන්නෙත් එහෙම. එයා හිතුවා එයාගේ දරුවා විරූපියි කියලා. දරුවා මාරු කරලා කියලා. නමුත් එයා හිතපු කිසිදෙයක් වෙලා නැහැ. එයාට එහෙම හිතිලා තියෙන්නේ..මනෝ වෛද්‍යවරයෙක් ලගට යොමු කළාට පස්සේ ඇයට ප්‍රතිකාර කරන්න ආරම්භ වෙනවා.

මුලින්ම ඇයට විද්‍යුත් කම්පන ප්‍රතිකාර ලබා දුන්නා. ඉක්මණින්ම ප්‍රකෘති තත්ත්වයට එන්න. ඒ වගේම මාස හයක් ඇයට ප්‍රතිකාර නිර්දේශ කළා. ඒ විතරක් නෙමෙයි ඇයව පසුවිපරම් කරන්න අදාල ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ දැනුවත් කළා.. ඒ මගින් ඒ මවව යහපත් පැත්තට යොමු කරන්න හැකියාව ලැබුණා. දැන් ඇය සාමාන්‍ය මවක් විදිහට දරුවාට ආදරේන් ජිවත් වෙනවා.."


හර්ෂණී වීරරත්න
විශේෂ ස්තූතිය - මනෝ විශේෂඥ වෛද්‍ය රූමී රූබන්
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top