සෞඛ්‍ය සායනයට පැමිණි ගැබිනි මවකගේ ප්‍රකාශයෙන් අන්ද මන්ද වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරියක පිළිබඳ මේ පුවත අසන්නට ලැබුණේ දකුණේ පළාතේ වෙරළබඩ සෞඛ්‍ය මධ්‍යස්ථානයකින්..
මව්වරුන් සඳහා වූ මෙම සායනය ආරම්භයේදීම සෞඛ්‍ය නීති රීති පිළිබඳව දැඩි උනන්දුවක් දැක්වූ නිලධාරිනිය මව්වරුන්ට කීවේ මුඛ ආවරණ හා මීටරයේ දුරස්ථභාවය හැමවිටම ආරක්ෂා කර ගත යුතු බවයි.
"ගෙදරදීත් එහෙම ඉන්න ඕනෑද?" යැයි එක කාටකාර මවක් විමසුවෙන් ඇය කීවේ, "පුළුවන් නම් හොඳයි" කියායි.
එවිට එම මව අසළ සිටි තවත් මවකට කිසිවක් කීවෙන් රැස්ව සිටි කීප දෙනෙක් අතින් කට වසාගෙන සිනාසුණා.
එය නිලධාරිණියට නෑසුනත් විමතියට පත් ඇය ඒ ගැන විමසුවා. කටකාර මව නිහඬ වුවත්, ඒ අසළ සිටි මවක්, "මිස් මෙයා කියනවා මේ නීතිය ගෙදර එක්කෙනාට කලින් උගන්නලා තිබුණා නම් අපට මෙහෙම වෙන්නේ නෑ කියලා" කීවෙන් සියල්ලෝම මුහුණු සඟවා ගත් අතර නිලධාරිනිය මොහොතක් යනතුර හොල්මන් වී සිටියේ ඊට සුදුසු පිළිතුරක් කීමට නොහැකි වූ නිසාලූ.