Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
14
“..ටිකෙන් ටික සර්............ වේගේ වැඩිවුණා.. මට වැඩියෙන් රිදුණා..” - හිතාගන්නවත් බැරි විදියට ගුරුවරයෙකු පාසලේදීම, එක දිගට තලා දැමූ පුංචි මල් කැකුළක(සඳුනි), අහන් ඉන්න බැරි අනුවේදනීය කතාව - Photos [Exclusive]

- “..ටිකෙන් ටික සර්............ වේගේ වැඩිවුණා.. මට වැඩියෙන් රිදුණා..” - හිතාගන්නවත් බැරි විදියට ගුරුවරයෙකු පාසලේදීම, එක දිගට තලා දැමූ පුංචි මල් කැකුළක(සඳුනි), අහන් ඉන්න බැරි අනුවේදනීය කතාව - Photos [Exclusive]Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

65,500 Views
“හැමෝම මම ලස්සන කෙල්ල කිය කිය ඉඹින්නේ...”
 
“එයාට ඇන්ටි කියන්නද එහෙම නැත්තම් අක්කා කියන්නද කියලා මම අම්මගෙන් අහලා තියනවා.”
 
“ඒ හැමදේම වුණේ පන්තියේ කවුරුත් නැති වෙලාවට...”
 
“සිරාවටම...? උඹ කියන්නේ මේක ඇත්ත ස්ටෝරියක් කියලාද? මට නම් විශ්වාස කරන්නත් අමාරුයි...” මම කිව්වේ ඒ ඩොකියුමන්ට්‍රිය ආයෙම උඩ පහළ හරවන ගමන්. මගේ අතිජාත මිත්‍රයා මුකුත් නොකියා ටික වෙලාවක් වෙන කොහේදෝ ලෝකෙක අතරමං වෙලා හිටියා.
 
“විශ්වාස කරන්න අමාරු දේවල් බොහෝමයක් මේ ලෝකේ සිද්ධ වෙනවා බං...”

“හැබෑට..? එතකොට දැන් කෝ මේ කතා නායිකාව..?”
 
“කතාව දැන් ඉවර වෙන්න ළඟයි. නඩු තීන්දුව දුන්නේ පෙරේදා.. මට ඕනි උඹ ලව්වා ඔය ඉලව්ව සම්පූර්ණ කරගන්න.. මට හිතෙනවා මේ කතාව ටිකක් වෙනස් එකක්.. ඒත් හැමෝටම මොකද්දෝ අනතුරු ඇඟවීමක් කරනවා ඒකෙන්..” මගේ මිත්‍රයා ඇල්පැනිති අහුරකින් මගේ දෙඅත් පිරෙව්වා. ෆයිල් කවර දුසිමකට වැඩිය පිරිච්ච මේසයක් ඉස්සරහා හිටගෙන මම අර දැරිවිගේ ඒ කියපු “ඉලව් කතන්දරේ” හොයන්න පටන් ගත්තා..
 
“කෝ බලමු ඒ ඉලව්ව...?” පින්තූර කෑල්ලක්වත් නොවුණු තැන.. මම ආසම කරපු සුරංඟනා කතාවක උන්නු “සින්ඩරෙල්ලා” කෙනෙක් මගේ මතකෙට ආවා.. අඟුටුමිට්ටෝ දෙළොස් දෙනෙක්... නපුරු මායාකාරියක්... ඇපල් ගෙඩියක්... රාජ කුමාරයෙක්.. ටිකක් ඉන්න..!! මේක ෆැන්ටසි කතාවක් නෙවෙයි...
 
“සඳුනි යාපා අබේවර්ධන...” නිල් පාට ෆයිල් එකේ ඉහළින්ම තිබ්බ නම...


 
“ඒ එයා...” මගේ මිත්‍රයා එහෙම කියන ගමන් දොර වහලා පිටත් වුණා.
 
“මාස්ක් එක අරන් පලයන්...”
 
“රෙද්ද ! හැමවෙලෙම අමතක වෙනවා..”
 
හොඳයි ! මේ මම කියවන්න යන්නේ සඳුනිගේ කතාව.. හරියට ඒ පුංචි එකි මගේ ඉස්සරහා හිටගෙන ඉන්නවා වගේ දැනෙන්නේ. ඒකිගේ පුංචි නිය තුඩු පොළෝ දෙබෑ කරන්නා වගේ තනන්නේ. තමන්ගේ ජීවිතේ අවපැහැ වෙච්ච තැනක්.. ආයෙම නිවැරදි කරන්නවත් බැරි තැනක් ගැන.. අවසිහියෙනුයි මේ පාපොච්චාරණය කරන්නේ......!
 
“මට මගේ නම දීලා තියෙන්නේ අපේ අම්මා.. සඳුනී.. ඊයා...!! මම ආස නෑ ඒ නමට... ඒක මට මහා අප්පිරියයි. අනිත් හැම ළමෙකුටම තියෙන්නේ හරිම ලස්සන නමක්.. මට හිතාගන්න බෑ මේ වගේ ජරා නමක් අම්මා මට මොකට දැම්මද කියලා.. මගේ යාළුවා හිමාෂා... අනිත් යාළුවා භාග්‍යා... ඒත් අම්මා කියනවා ඒ නමේ වරදක් නෑ කියලා...” ඒ කතාව පටන් ගන්න තැන ලොකු “කුතුහලයක්” රැඳෙන්නේ නැහැ. මම මුල් පරිඡේදය ඉක්මනින් පෙරළලා බැලුවා. හිස් වෙච්චි ඒෆෝ කොළයක් අස්සේ ඇඳපු කටු සටහන් ගොඩක්....................
 
“මේ කවුරු වෙන්න පුළුවන්ද එතකොට...?”
 
“මගේ එක වසර පන්තිභාර ටීචගේ නම සඳමාලි.. එයා තමයි ප්‍රයිමරියට හිටපු ලස්සනම ටීච.. හරිම ලස්සන සාරි අඳින්නේ. මම තමයි ක්ලාස් මොනිටර් වුණේ.. එයා මට සඳු කියලයි කියන්නේ.. මම මේ කිව්වේ අනිත් අය සඳුනි කියද්දි ටීච එහෙම කිව්වම ඒක හරිම ආදරණීයයි... තව දෙයක්.. මම මගේ තාත්තාව කවදාවත් දැකලා නෑ. අම්මා නම් කියන්නේ මට තාත්තා කෙනෙක් නෑ කියලයි. තාත්තා ගැන අහනකොට එයා වෙව්ලනවා මම දැකලා තියනවා. ආච්චි අම්මා නම් කිව්වේ අම්මයි තාත්තායි ඩිවෝස් වුණු කතාවක්. ඒත් මට පුදුමයි ඒ මනුස්සයා මාව බලන්නවත් එන්නේ නැති එක ගැන.. අම්මා වෙලාවකට බනිනවා, ඒ බලු මිනිහා පොඩි කෙල්ලෙක් තියන් ඉන්නවා කියලා...”
 
“ඒක ඇත්තටම අමුතුයි.. මේ සඳුනි පුංචි කාලේ ඉඳන්ම නරකාදියක ජීවත් වෙලා තියෙන්නේ.. ඒකි දැකලා තියෙන හැම රූප තහඩුවක්ම එහෙමයි...” මම කල්පනා කළා. කතාව තවම ඉවර නැහැ..
 
“සඳමාලි ටීචගෙන් පස්සෙ මම වැඩියෙන්ම ආදරේ කළේ සයන්ස් උගන්නපු සර්ට... මම එතකොට හය වසරේ වගේ ඇති.. සර් මට මාරම ආදරෙයි.. හැමදාම ටොෆි චොක්ලට් අරන් දෙනවා. පේරන්ට්ස් මීටින්-වලදී වුණත් මගේ වැරදි අඩුපාඩු කියන්නේ අඩුවෙන්. අම්මලාට එයා කියන්නෙම ක්ලාස් එකේ හොඳම ළමයා මම කියලා. ආ.. සර්ගේ නම තමයි ලක්ෂිත...”
 
“ලක්ෂිත සර්ද මේ කතාව අනිත් පැත්ත ගහන්නේ එතකොට...” මම උණු කෝපි කෝප්පයක් තොල ගෑවා. ඉහිරිච්ච කෝපි බිංදුවක් ඒෆෝ කොළයක පතිත වුණා. ඔහේ කැරකෙන විදුලි පංකාව දිහා බලාගෙනම මම ඇස් දෙකට විරාමයක් දුන්නා. ඒ තප්පර තුන හතරක “කෙටි විරාමයෙන්” පස්සේ නැවතත්... සුපුරුදු වැඩසටහනට...
 
“ආයුබෝවන් සඳුනි...”


 
“දන්නවද? ලක්ෂිත සර් මට කොච්චර ආදරේ ද කියනවා නම් මට බැරි පාඩම් එයා ආෆ්ටර් ස්කූල් මට කියලා දෙනවා. ළමයි හැමෝම ගියාට පස්සේ.. එයා මගේ ළඟට ඇවිත් මාව අතගානවා. සඳුනි ඔයා හරිම ලස්සන ගෑණු ළමෙක් කිය කියා එයා මාව ඉඹිනවා. අනේ මොකද ඉතින්... හැමෝම මම ලස්සන කෙල්ල කිය කිය ඉඹින්නේ... අනික ඉතින් මේ මම ආසම සර් නේ...? මොනා වෙනවද ඉම්බාට..? මමත් හරි ආසාවෙන් ළමයි කවුරුත් නැති වුණාම සර්ගේ ඔඩොක්කුවට පනිනවා.. සර් මාව කිති කවනවා හරිම ආදරෙන්... මට හිතෙන්නෙම ඒ එයා මට ආදරේ පෙන්නන හැටි... අනිත් අයට නොකරන විදිහේ සැලකිලි කරනවා කියන්නේ එයා මට ගොඩක් ආදරේ ඇති.. ලක්ෂිත සර් කවදාවත් මට රිද්දුවේ නෑ.. ඒත් එයාගේ සමහර දඟ වැඩවලින් මට රිදුණා. මගේ ඇඟ රිදෙන්න ගත්තා ඒවයින්.. ටිකෙන් ටික සර් අතගාන වේගේ වැඩිවුණා.. මට වැඩියෙන් රිදුණා... ඊටත් පස්සේ සර්... හුඟක් දේවල් කළා... ඒ හැමදේම වුණේ පන්තියේ කවුරුත් නැති වෙලාවට...”
 
“අනේ මේ නොදරුවාට මොනාද වෙන්න යන්නේ..” මේ හතරවැනි චුයින්ගම් එක. මම කෝපි කෝප්පේ ෆයිල් එකකින් වැහෙන්න ඇරලා ඉවර වෙච්ච එක පෑනක් අහකට විසි කළා.


 
“මගේ ඇඟේ අමුතු තුවාල.. පෑන් ඉරි තියනවා දැකලා අම්මා මගෙන් ඒ ගැන ඇහුවා.. මම ඉතින් එයාට ඇත්තම කිව්වා. එයා එදා මාව බදාගෙන ඇඬුවා මට හොඳට මතකයි. දෙයියනේ අර නපුංසකයා මගේ කෙල්ලව විනාශ කරලා කියලා එයා මහා හයියෙන් විලාප දුන්නා... එදා ආච්චි අම්මාත් ඇවිත් මාව නාවලා... ඇඟේ රතු වෙලා තියෙන තැන් රිදෙනවාද ඇහුවා.. ලක්ෂිත සර් මට මොනාද කළේ කියලා ඇහුවා.. අනිත් අයටත් එහෙම දේවල් කරනවාද ඇහුවා.. ඔය විදිහේ දාහක් ප්‍රශ්න... ඉවරයක් නෑ... මම දන්න විදිහට උත්තර දුන්නා. අනේ මන්දා පොඩි ළමෙකුගෙන් මෙහෙම ප්‍රශ්න අහනවද?”


 
“සඳුනිව ලක්ෂිත සර් දූෂණය කරලා... නැත්තම්.. අපයෝජනය කරලා.. ඒක කොයි තරම් ලොකු වරදක්ද? ඇයි මේ දරුවාව දෙමවුපියන්ට මඟ ඇරුණේ..?” මගේ ඔරලෝසුවේ දොළහේ කණිසම පෙන්නනවා. බිත්ති කුහර කඩාගෙන බිඳගෙන දුවන් එන භූත ධේනුවෝ දැන් මේ කතාව උනුන්ගේ කරගන්නවා. ඒ කතාව ඇතුළේ ඉන්න හිත්පිත් නැති කාලකණ්ණියාව උන් කීතු වලට ඉරා දමනවා. මම මේ කෙල්ලට අනුකම්පා නොකර ඉන්න හිතුවා.. ඒ වෙනුවට ඒකිගේ හිත් ලැහැබ ආදරෙන් පුරවන්න හිතුවා.


 
“උසාවියේ දෙපාරකට වැඩිය ඇහුවා මගේ තාත්තා ගැන.. මම ඉතින් දන්න විදිහට කිව්වා.. මොකද මගේ තාත්තා පොඩි කෙල්ලෙක් එක්ක පැනලා ගිහින්ලු නේහ්. අනිත් එක.. මම හරියටම දන් නෑ.. ඒ පොඩි කෙල්ලගේ වයස කීයද කියලා.. එයාට ඇන්ටි කියන්නද එහෙම නැත්තම් අක්කා කියන්නද කියලා මම අම්මගෙන් අහලා තියනවා. අම්මා ඒ වෙලාවට මහා ජරා වචනයක් කියලා.. එහෙම කතා කරන්න කියනවා.. සර්ගේ සිද්ධියෙන් පස්සෙ අම්මලා මාව ස්කූල් එකෙන් අයින් කරගත්තා. පස්සේ කුරුණෑගලම වෙන ලොකු ස්කූල් එකකට දැම්මා. ලක්ෂිත සර්ට මොනා වුණාද කියන්න මම දන්නේ නැහැ. හැබැයි ලක්ෂිත සර් අර විදිහට ඉම්බේ මාව විතරක් නෙවෙයිලූ.. අම්මලා කියනවා මං අහගෙන...”
 
“ඇප ඉල්ලුවට වැඩක් උනේ නෑ.. ඌට තියෙන චෝදනා බරපතල වැඩී... මට හිතාගන්න බෑ ගුරුවරු වෙලත් දරුවොන්ට මෙහෙම කරනවා කිව්වම..” මගේ මිත්‍රයා කියපු කතාව මට මතක් උනා. දැන් දැන් මේ පුංචි එකිගේ අවලස්සන කතාව මට අප්‍රසන්න කතන්දරයක් බවට පත් වෙනවා...
 
“දන්නවද? අදටත් මම ආසම නැති සබ්ජෙට් එක සයන්ස්...” පුංචි එකීගේ ඡායාවක් මට යන්තමින් මැවිලා පෙණුනා.
 
“ලක්ෂිත කියන සර්කාරයාට මොකද වුණේ බං..” මම මගේ මිත්‍රයා එක්ක දුරකථන සංවාදයක....
 
“ඌට දඬුවම් ලැබුණා.. ලැබෙන්න ඕනි උපරිමයෙන් මට හිතෙන්නේ...”
 
මම ෆයිල් කවරේ වහලා දැම්මා. ඒ අහිංසකීගේ මුහුණත් තහඩුවක් හෝ මට නොපෙනෙනකොට සින්ඩරෙල්ලාට අයිති මේ කතාවේ නපුරු මායාකාරයා ගැන මට ආවේ තද කේන්තියක්.. ඒ මායාකාරයා කොයි විදිහේ ඇපල් ගෙඩි කවලා මේ පුංචි එකිව තමන්ට නතු කරගන්න ඇද්ද? එහෙව් පාපතරයින්ට ස්භාවධර්මයා අනුකම්පා කරනවද? හැබෑටම එහෙම වෙන්න විදිහක් නෑ...............................

By Samitha Lakshan
 
(මෙම නඩු තීන්දුවට අදාළව වැරදිකරු වූ පාසලක සහ ටියුෂන් පන්තියක ඉගැන්වීම් කටයුතු වල යෙදුණු අදාළ ගුරුවරයාට වසර 29ක සිරදඬුවම් නියම කරනු ලැබුවා. මෙම ගුරුවරයා විසින් සිසුවියන් කිහිප දෙනෙකුම විවිධ අවස්ථාවන්වල අතවරයට ලක් කර ඇති බව ද හෙළිදරව් වුණා. සඳුනි සහ මෙම කතාවට යොදාගත් සියලු නම් ඔවුන්ගේ පුද්ගලිකත්වය තකා වෙනස් කර ඇති බව කරුණාවෙන් සලකන්න. මේ පිළිබඳ තොරතුරු සැපයූ ප්‍රගීත් එස්. නාලින්ද සොයුරාට ස්තුතියි..!!)
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top