Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
31
“සමහරක් වල් සිපයියන්ගේ ගුබ්බෑයම්වල රිංගන් මම උන් එක්ක ඇති තරම් සෙක්ස් කරලා තියනවා..” - අක්කාගේ ගවුම් ඇන්ද, අසම්මත සම්බන්ධයන් හඹාගිය, ඉස්කෝල තුනකින් අයින් කරපු කොළඹ ජනප්‍රිය පාසලක ජා-ඇළ මීනු, ටවුන් හෝල් පාර අයිනේ ඉඳන් කියපු හිත කීරිගැහෙන කතාව - Photos [Exclusive]

- “සමහරක් වල් සිපයියන්ගේ ගුබ්බෑයම්වල රිංගන් මම උන් එක්ක ඇති තරම් සෙක්ස් කරලා තියනවා..” - අක්කාගේ ගවුම් ඇන්ද, අසම්මත සම්බන්ධයන් හඹාගිය, ඉස්කෝල තුනකින් අයින් කරපු කොළඹ ජනප්‍රිය පාසලක ජා-ඇළ මීනු, ටවුන් හෝල් පාර අයිනේ ඉඳන් කියපු හිත කීරිගැහෙන කතාව - Photos [Exclusive]Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

75,676 Views
“සනී ලියෝන්ගේ තාත්තවත් මගේ තාත්තා තරම් පීඩනයකින් ඉන්න නැතුවැති..”
 
“ඒ තමයි මගේ ප්‍රස්ට් ලව් ෆීලින් එක.. මම ගිහාන් අයියාට මැරීගෙන ආදරේ කළා..”
 
“අයියලාගෙම භාෂාවෙන් කිව්වොත්..? කොලුකාරයෙක්.. සමනල් පැටියෙක්..”
 
“සොරි අයියා... මම පොඩ්ඩක් ලේට් වුණා.. පොඩ්ඩක් නෙවෙයි මම හිතන්නේ..”
 
මේ තැනැත්තිව (මේ කෙනාට කාන්තාවක් කියනවද පිරිමියෙක් කියනවද කියලා ඔබම තීරණය කරන්න. ඒත් මම හිතන්නේ කතාව අතරමඟක අපිට හරි ආකාර නමක් හොයාගන්න පුළුවන් වෙයි.) මට මේ ඇත්තිව.. මුලින්ම මුණ ගැහෙන්නේ ජාතික රෝහලට හැරෙන පාර ළඟදී... මහා කලබලෙකින් ඒ ඇත්තී පණ කෙන්ද කඩාගෙන දුවනවා මම දකිනවා. ඊටත් පස්සේ ඒ තැනැත්තිගේ අමුතු රූප පෙට්ටිය දිහා බලන උනුන් උසුළු විසුළු කරන්න ගන්නවා.. තවත් එකෙක් මහා හයියෙන් “හූ” කියන්න ගන්නවා..
 
“ඒවා ඉතින් පුරුදුයි මට... ඔය මිනිස්සු හූ කියන එක.. එහෙම නැත්තම්.. සමහර වෙලාවට මම ටැක්සි-වල තමයි එහා මෙහා යන්නේ අයියේ... මොකද හුඟක් අය කැමති නෑ බස් එකේ යද්දි.. අපි ළඟින් ඉඳගන්නවත්.. එයාලා ඒක අඟවනවා..”

“එතකොට ඇත්තටම ඔයා පිරිමියෙක්ද? ගැහැනියෙක්ද?” ඒ මගේ පළවැනි ප්‍රශ්නය. කතාව ආරම්භයේම ඒ විදිහේ ප්‍රශ්නයක් අහන එක හරි නෑ නේද? ඒත් මේ කතාවම දුවන්නේ එතනින් පටන් අරගෙන.. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේ ඇත්තිගේ ඇත්තම වතගොත ඒ ඇත්තිගෙන්ම අහලා බලන්න..!
 
“ඒක මොකද මෙහෙම කියන්න බැරි.. අයියලාගෙම භාෂාවෙන් කිව්වොත්..? කොලුකාරයෙක්.. සමනල් පැටියෙක්.. නැත්නම්... පොන්... ක්... අයියේ... මම ඉපදෙනකොට පිරිමියෙක්... ඒත්... අයියේ... පුංචි කාලේ මම ආස කළේ කෙල්ලෙක් විදිහට ඉන්න.. මම අපේ අක්කාගේ ඇඳුම් හැමෝටම හොරෙන් ඇඳලා බලනවා.. මට හිතෙන්නෙම මම කෙල්ලෙක් කියලා.. මම ඒ විදිහට ඉන්න ආස කළා.. සමහර අය මාව පිළිකුල් කළා. එයාලා තමුසේ මහා ගෑනියෙක් වගේ කියද්දි මට මහා සතුටක් දැණුනා අයියේ... මොකද ඉතින්... ඒක තමයි මගෙත් බලාපොරොත්තුව වුණේ..”
 
“මේ අහන්නකෝ... ඔය කියන විදිහට.. ඔයා කෙල්ලෙක් වෙන්න ට්‍රයි කළා නම්...? නෑ මං කිව්වේ මේක ලංකාව.. හරිම පුංචි රටක්.. පුංචි මිනිස්සු ඉන්න.. සහ සාම්ප්‍රදායික මිනිස්සු ඉන්න.. මම හිතන් නෑ.. ඔයාගේ ඔය වැඩේට කවුරුත් කැමති වෙන්න ඇති කියලා..” මම පෑන් කොපුව කටේ ඔබාගත්තා. මේ ඇත්ති පිරිමියෙක් නම් ඇත්තටම.. ඒත්.. ගැහැනියක් වෙන්න ආසම කළා නම් මම ඒ ඇත්තිට “ගැහැනියක්” කියලා කට පුරා කියන්නම්...
 
එතකොට මෙතනින් එහාට මට සම්මුඛ වෙන්නේ ගැහැනියක්.. (සහ ඔබට.)



“හිතන්න අයියේ මං වගේ කෙනෙක් පවුලේ ඉන්නකොට මගේ දෙමව්පියෝ කොහොම ලෝකෙට මූණ දුන්නද කියලා.. සීරියස් කියනවා නම් මම හිතන් නෑ නිල් චිත්‍රපටි-වල රඟපාපු සනී ලියෝන්ගේ තාත්තවත් මගේ තාත්තා තරම් පීඩනයකින් ඉන්න ඇති කියලා.. සමහර වෙලාවට නැන්දලා මාමාලගේ ඇනුම් පද අහගෙන.. එයාලට ඔලුව පාත් කරගෙන.. තාත්තායි අම්මායි මං හින්දා අහන්න ඕනි සේරම කතන්දර ඇහුවා.. මට ඉස්කෝල දෙක තුනකින්ම අයින් වෙන්න සිද්ධ වුණා....” ගැහැනිය කතාව නවත්වලා ඇගේ මුහුණු පොතට එබෙනවා. ඒ මේ අත ඇඟිලි කුරු දුවන් යද්දි මම තප්පර ගානක් නිහඬව මේකිගේ වත මල දිහා විපරම් කරනවා. ටිෂූ කඩදැහි පිරිච්ච ගමන් මල්ලක්... පැණී බීම බෝතල් තුන හතරක්.. සන්ග්ලාස් කුට්ටම් දෙකක්.. ලිප්ස්ටික්.. කියුටෙක්ස්... තවත් බොහෝ දේ... විශ්මයාර්ථයක් අවසානයේ මම ආකාසේ දිගේ බඩ ගෑවා. ගැහැනියගේ ඇඟිලි තුඩුවක් නැවතුණු තැන.. මාත් හෙමින් ඇගේ දුරකථනයට එබිකම් කෙරුවා.
 
“දැක්කද අයියේ..? මේ ඉන්නේ මම.. ඉස්සරම.. චූටි කාලේ.. කියන්න පුළුවන්ද මම කියලා.. මේක ගන්නකොට තුන හරි හතර වසරේ වෙන්නැති මම... අපි මුලින්ම පදිංචි වෙලා හිටියේ ජාඇල.. පස්සෙ කොළඹ එනවා.. තාත්තාට ට්‍රාන්සර් එකක් හම්බෙලා...”
 
“ටිකක් ඉන්නකෝ.. සමාවෙන්න කතාවට ඩිස්ඩබ් කරනවා නම්.. ඔයාගේ තාත්තා සනී ලියෝන්ගේ තාත්තාට වැඩි පීඩනයකින් හිටපු කෙනෙක් කිව්වා..? මට කියන්න එතකොට..? ඒ තාත්තා... ඔයාගෙන් පළිගත්තේ කොහොමද?” මගේ ප්‍රශ්නයට යන්තම් හිනාවුණ ඇය ටිෂූ කඩදාසියකින් නළල් තලාව වහ ගත්තා.
 
“දන්නවද අයියේ.. මේ ලෝකේ වාසනාවන්තම කෙල්ල මම.. මම මොන විදිහේ කෙනෙක් වුණත් මගේ තාත්තා අද වෙනකන් මට අතක් උස්සලා නෑ... එයා එයාට ඕනි විදිහට මට ඉන්න කියන්නේ නැහැ. අඩුම සාම්ප්‍රදායිකව හිතන, මට කෑ කෝ ගහන මගේ අම්මටවත් මට වචනයක් කියන්න එයා ඉඩ දුන්නේ නෑ... තාත්තා මට නිතරම කිව්වේ, තමන්ගේ විදිහට ඉන්න.. තව කෙනෙක් කිව්ව පළියට වෙනස් වෙන්න එපා කියලා එයා මට කිව්වා.. තාත්තා මගේ හිත හැදුවා අනන්තවත්.. එයා අන්තිමේදී කිව්වා.. මේ ලෝකෙට මාව පෙන්නන්න බැරිම නම් ඒ අය ඉස්සරහා මට රඟපාන්න කියලා..”
 
“ම්ම්ම්.. මට තේරෙනවා.. එතකොට... එයත් සනී ලියෝන්ගේ තාත්තා වගේ.. දැන් මට කියන්න ඔයාගේ ආදර කතාව ගැන..?” මගේ ඊළඟ ප්‍රශ්නය ඉදිරියේ ඈ නිරුත්තර වුණා. තප්පර ගානක් නිහඬව ඉන්න ඈ අන්තිමට ඒ කතාව ගළප ගත්තා. (දැන් වෙන්න ඕනි මේ කතාව හරියටම පටන් ගන්නේ.)
 
“මට සමහරක් අය ඉදිරියේ මගේ හැඟීම් හංඟන්න බැරිවුණා. ඒක මගේ කරුමේ වෙන්නැති අයියේ.. ඔය විදිහට තමයි මට ගිහාන්ව මුණ ගැහෙන්නේ.. ගිහානුයි මමයි කළාම්බෝ එකම ඉස්කෝලේ.. මම ඉස්කෝලේ නම නොකියා ඉන්නම්..! කමක් නෑනේ.. ගිහාන් මට වඩා අවුරුද්දක් වැඩිමල්.. ඒත්.. එයා මගේ ටයිප් එකේ කෙනෙකුත් නෙවෙයි.. ඒත් මම ගිහාන්ට ආදරේ කළා.. ඒක මාර හැඟීමක් අයියේ.. ඒ තමයි මගේ ප්‍රස්ට් ලව් ෆීලින් එක.. මම ගිහාන් අයියාට මැරීගෙන ආදරේ කළා.. ඒත් එයා ඒක මුලින් දැනන් හිටියේ නෑ.. මට මතකයි එයා දවසක් තරහා වෙලා මම බ්ලේඩ් එකකින් අත කපා ගත්තා... ඒත් එයා හිතුවේ ඒක සහෝදරකමක් කියලා.. මට එයාට කියන්න ඕනි වුණා මගේ හිතේ තියෙන දේ ගැන... ඒත්... එයා නැතිවෙයි කියලා බය හිතුණා... ඒත් මගේ හැසිරීමෙන් එයාට ඒක තේරෙන්න ඇති.. තාත්තා කියනවා වගේ මට රඟපෑම දිගටම කරන්නත් බෑ.. ගිහාන් මාව මඟ අරින්න ගත්තේ ඔය අතරේදී...”


 
“ම්ම්ම්.. පස්සේ.. ඔයා ඒ හාදයාගෙන් පළි ගන්නවා?”
 
“අයියේ... ගිහාන් මට අයිති වස්තුවක්.. මට හිතෙන්නේ එහෙම.. මම කැමති වුණේ නෑ, එයා කෙල්ලෙක් දිහා බලනවටවත්.. එයා එහෙම බැලුවොත්.. මම එදාට අත් කපාගෙන විකාර කරගන්නවා.. දවසක් පෙති වගයක් බීලා මට සිහි නැතුව හොස්පිට්ල් පවා හිටියා.. ඒත් දන්නවද අයියේ..? ගිහාන් මාව අතැරියේ නෑ.. එයාත් නොදැනුවත්වම එයා මට ළංවුණා.. අපි ආදරේ කරන්න ගත්තා.. අවුරුදු ගාණක්... ඒක ඉස්කෝලේ සමහරක් අයගේ සීක්‍රට් එකක් වුණා... කොල්ලෝ දෙන්නෙක් එකට ඉන්න එක.. කොහොමත් ගණන් ගන්න දෙයක් නෙවෙයිනෙ..”
 
“එතකොට කොතනින්ද මේ සම්බන්ධේ පුපුරන්නේ..?” සමහරක් නඩු තීන්දු අතරමඟ රසවත් කෙටි විරාම-වලට යන එක සුදුසු දෙයක් නෙවෙයි. ඒත්.. මේ විරාමයට හේතුව මේ ඇත්තිගේ කතාව රහ නැති එක නම් නෙවෙයි.... ඉතින්.. ඒ ගැළපුමට හුඟ වෙලාවක් ගියා.. ඒ ඇත්තී අත තිබුණු ටිෂූ කඩදැහි සේරම ඉවර වුණා..
 
“මට මතකයි අද වගේ.. ස්පොට් මීට් දවස්-වල අපි කාටත් හොරෙන් කරපු දේවල්.. අයියට කියන්න ඕනි.. ගිහාන්ට මාව ආගන්තුක වුණාට.. මම පුංචි කාලේ එක එකාලා අතින් අතවරයට ලක් වෙලා තියෙනවා. සමහරක් වල් සිපයියන්ගේ ගුබ්බෑයම්වල රිංගන් මම උන් එක්ක ඇති තරම් සෙක්ස් කරලා තියනවා.. ඒක මම ලොකුවට හිතුව දෙයක් නෙවෙයි.. සාමාන්‍ය දෙයක්.. මොකද මම වෙනස් කෙනෙක්.. සාමාජය කොන් කරපු කෙනෙක්.. ඒත් අයියේ.... ගිහාන් එක්ක තිබ්බ බැඳීම... ඒක හුඟක් වෙනස්.. මේ මිනිහා මාව පරිස්සම් කරන විදිහ. මාව බදාගෙන ඉන්න විදිහ.. එයාගේ ගෙදර ගියාම තුරුළු කරන් නිදාගන්න විදිහ.. එයාගේ අතින් කෑම කවන විදිහ.. ඒවායේ තිබුණේ ආරක්ෂාවක්.. රැකවරණයක්.. මහ විශාල ආදරයක්...”


 
“ඒත් මේක... සම්මතයට පටහැනියි....” මම ලියන එක නතර කළා. හරියට “හොට් සීට්” එකක ඉඳගෙන ඉන්නවා හා සමානව මගේ ප්‍රශ්න පත්තරයට පිළිතුරු ලියන මේ තැනැත්ති අන්ත අසරණ වෙන තැන මෙතන... අත පාන්නවත් මොකෙක්වත් නැතිකොට.. තමන්ගේ ජීවිතේ අවලස්සනම පරිචයක් මේකී ආයෙම කියවන්න ගන්නවා.. ඒ... තද වේදනාවකින්..
 
“අපි අතරේ සිද්ධ වෙන්න ඕනි හැමදේම වුණා අයියේ... එයයි මායි එකතු වුණා හම්බවෙන හැම වෙලේම.. අවුරුදු ගාණක් යනකන්.. අපේ සම්බන්ධේ නැවතුණේ නැහැ.. ඒත් අන්තිමට ඒක එයාලගේ අම්මලා දැනගත්තා.. මට එහේ එන එක තහනම් වුණා.. එයාගේ තාත්තා මට කුණුහරපෙන් බැන්නා.. එයා වෙනස් වුණා අයියේ.. එයා මාව අයින් කෙරුවා එයාගේ ජීවිතෙන්.. අන්තිමට එයා තීරණය කළා.. ගෙදරින් හොයලා දීපු ලස්සන කෙල්ලව කසාඳ බඳින්න...” මේ කඳුළු “සමලිංගික” කඳුළුද කියන්න මම දන්නේ නැහැ. එහෙම නැත්තම් “සංක්‍රාන්තික කඳුළු” කියලා, නැත්නම් “සමරිසි කඳුළු” කියලා, තව කෙනෙකුට වර්ග කිරීමක් කරන්න පුළුවන්.. ඒත්.. ඒ ඇත්තම කඳුළු.. හැම මිනිහෙක්ම හැම ගෑනියෙක්ම වේදනාවේ උපරිමය පිටමං කරන තැන... මේ විදිහට කඳුළු කැටි බඳුන්-වලට එක්කහු කරනවා. මෑත් වෙනසක් නෑ...


 
“ඔයා ආයෙම එයාගෙන් පළිගත්තා.. අර පුරුදු විදිහටම...?” මම ඇහුවා. ඈ හිනාවුණා.
 
“මම එහෙම තමයි හිතුවේ... ගිහාන් කියන්නේ මගේ ජීවිතේ.. මට එයා නැති ජීවිතයක් නෑ.. ඒත් අයියේ..? මම කියන්නත් කලින්.. එයා කිව්වා.. එයාගේ ජීවිතෙන් යන්න.. නැත්තම් එයා එයාගේ ජීවිතේ නැති කරගන්නවා කියලා.. ඔයා වගේම මාත් පුදුම වුණා අයියේ.. ඒත් මම එයාට වද දුන්නා. අන්තිමට එයා ජිවිතේ නැති කරගන්න ගියා.. අයියේ.. ඒවා මහා ඉක්මනින් වුණේ...” ඒ ගැහැනිය ආයෙමත් විලාප තියන්න ගත්තා. කම්මුල් දිගේ රූරපු කඳුළු පේළි මේක්අප් තට්ටු කඩාගෙන බිඳගෙන පහළට වැටුණා.
 
“මොකද වුණේ ගිහාන්ට..?” මම ඇහුවේ කලබලෙන්..
 
“දෙයියන්ගේ පිහිටෙන් එයාට ලොකු අවුලක් වුණේ නැහැ.. අයියේ... මම දැන් ආවේත් එයාව බලලා.. මට එයාගේ කිට්ටුවට යන්න බැහැ තමයි.. ඒත් ඈතින් හරි බලලා එනවා... එයා මැරුණේ නෑ.. ඇත්තම කතාව මම එයාව මරාගත්තේ නෑ..”
 
“දැන් මොකද්ද ඔයාගේ තීරණය...?” එතුමිය ටික වෙලාවක් කල්පනා කරලා දිග හුස්මක් උඩට ගත්තා.
 
“මම ගිහාන්ව අත අරිනවා අයියේ..?”
 
“වට් ? ඔයාට ඒක කරන්න පුළුවන්ද එතකොට...?”
 
“ජිවිතේ සමහර තීරණ ගන්න වෙනවා අයියේ අමාරුවෙන් හරි.. ගිහාන් මට අයිති වස්තුවක් කියලා මම හිතුවට ඒක ඇත්තටම එහෙම නෙවෙයි.. මම දැක්කා එයා අමාරුවෙන් අර ඉස්පිරිතාලේ ඇඳේ කෑ ගහපු හැටි.. එයාලගේ අම්මලා මට ශාප කරපු හැටි.... මම ගිහාන්ට ආදරෙයි, ඒකේ වෙනසක් නෑ. ඒත් මම ආයේ එයා ළඟට යන්නේ නැහැ.. අමාරුවෙන් හරි මට පුළුවන් හිත හදාගන්න.. මට පොලිසියට යන්න වුණා තුන්පාරක් කට උත්තර දෙන්න... කමක් නෑ අයියේ... මම කා එක්කවත් තරහා නෑ. ගිහාන්ගේ සතුට තමා මට ඕනි.. මගේ මේ විදිහ මට වෙනස් කරන්න බෑ.. මම අසරණයි.. ගිහාන්ගේ සතුට තියෙන්නේ අර කෙල්ල ගාව..” අසරණ ඇගේ මතක කඳු කඩා බිම වැටෙනකොට අත්පොළසන් දෙන්න ගන්න තිරිසනුන් ගැන මට අනුකම්පා හිතුණා. අවසානයක් වෙනකන් තමන්ගේ ආදරේ වෙනුවෙන් සටන් කරපු එකියක් විදිහට ඈ මට මහා වටිනා කෙනෙක් වුණා...
 
“අන්තිමට දෙයක් අහන්නද?”
 
“අහන්න අයියේ..?”
 
“කවදමහරි දෙවියන්ගෙන් වරමක් ඉල්ලන්න ලැබුණොත්...? මොනාද ඉල්ලන්නේ..?” ඒ ගැහැනු පරාණය ඇස් පාතට බෑවුම් කළා. ඊළඟට හරිම ලස්සන හිනාවක් ආකාසේ දිගේ ඇන්ඳා.
 
“මම ඉල්ලනවා.. මාව සම්පූර්ණයනේම ගැහැනියක් කරන්න කියලා.. මගේ අම්මා වගේම ගැහැනියක්... හැම දුකක්ම උහුලන්න පුළුවන් විදිහේ ගැහැනු හිතක් එක්ක...”


 
මම පෑන සාක්කුවට ඔබා ගත්තා. තව ටික වෙලාවක් දුරකථනයේ යතුරු පුවරු ඇතුළේ සෙල්ලම් කරපු ඈ අන්තිමට මට අත වනලා පාරෙන් එහා පැත්තට පැන්නා. කතාව අවසන් කරන්නවත් තැනක් හිතාගන්න බැරුව මම කහඉර උඩ අතරමං වුණා... මම මගේ යාළුවට ඇමතුමක් දුන්නා...
 
“එයාගේ නම අහගන්න අමතක වුණා මචං..”
 
“අපි එයාට කියන්නේ මිලාන් කියලා.. ඒත් එයා වැඩියෙන්ම කැමති මීනූ කියනවට.. මම අහන්නම හිටියේ, උඹට මොනාද හිතුණේ ඒ උඩැක්කිය ගැන..? ලියාගන්න පුළුවන් වුණාද ආටිකල් එකක්...?”
 
මම රේල්ලුවට එද්දි මධ්‍යම රාත්‍රීය පහුවෙලා තිබුණා. ආයෙම එකම දවසක්වත් මට අර ඇත්තිව රෝහල් පාරේ මුණ ගැහුණේ නැහැ..
 
-By Samitha Lakshan

(මේ වෙනුවෙන් තොරතුරු සපයා අදාළ තැනැත්තිය සම්බන්ධ කර දුන් නිසංසලා සහ සදීප් දෙපළට බෙහෙවින් ස්තුතියි.)
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top