Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
24
“එයා මාව බලෙන් සිපගත්තා පේෂන්ලා කවුරුත් නැති වෙලාවක” - ප්‍රසිද්ධ දොස්තර කෙනෙක් හෝටල් ගානේ අරන් ගිය අහිංසක සමනළී, කතාව ශෝකාන්තයකින් අවසන් කර හැම එකතුවීමක්ම පියවරෙන් පියවර හෙළි කරයි - Photos

- “එයා මාව බලෙන් සිපගත්තා පේෂන්ලා කවුරුත් නැති වෙලාවක” - ප්‍රසිද්ධ දොස්තර කෙනෙක් හෝටල් ගානේ අරන් ගිය අහිංසක සමනළී, කතාව ශෝකාන්තයකින් අවසන් කර හැම එකතුවීමක්ම පියවරෙන් පියවර හෙළි කරයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

33,749 Views
“මම මුකුත් කරලා නම් නෙවෙයි මිස්. ඌ නිකන්ම බිම පතබෑවුණා.”
 
“ඩොක්ට පරණවිතානව මට අඳුනගන්න ලැබුණේ යාළුවෙක් මාර්ගයෙන්.”
 
“මං එපා කියද්දිම මාව උස්සගෙන ගිහින් ඇඳ උඩින් තිබ්බා..”
 
“ස්වාමිනී.... මැය නිර්දෝශයි....”
 
සුදෝ සුදු පොරෝගත්තු නොසෙල්වෙන පර්වත කැබැල්ලක් වගේ උන්නු එකි... උහුලන්න බැරි තරමේ දුක අඳෝනා අස්සෙ ඒකි තාමත් මේ හිම කුණාටුව ඇතුළෙන් හීනි ඇස් තෙමා ගන්නවා. ඒ ඒකිගේ හැටිම නෙමෙයි... ඒකි ආසයි මේ සිද්ධ වෙන හැමදේම “ෆැන්ටසියක් විතරක් වෙන්නැති” කියලා අමතක කරලා දාන්න..!! ඒත් ඒකිට බැරිම දේත් ඒක..!!
 
විනිසුරු තැන නිහඬවම ඒකි දිහා බලන් උන්නා.. හරියටම තප්පර දෙක තුනක් හෝ හතරක්...

“පැමිණිලි පාර්ශවයෙන් යමක් කියන්න තියනවද?”
 
පැමිණිල්ලේ නීතිඥතුමා නැගිට ගත්තා. ඔහුගේ මුහුණත් තහඩුවේ පැහැදිලි භාව ප්‍රකාශනයක් නැහැ... මේ එකි වරදකාරියක්! ඔහු හිතන්නේ එහෙමයි.! නොහිතුවත් ඔහුට මෑව “අමානුෂික කතක්” විදිහට හංවඩු ගහන්න සිද්ධ වෙනවා.
 
“ස්වාමීනි... මැය විසින් ඝාතනය කරලා තියෙන්නේ මේ රටේ ප්‍රසිද්ධම වෛද්‍යවරයෙක්. මේ බලන්න... ඔහු එසේ මෙසේ පුද්ගලයෙකු නම් නොවෙයි... ඔබතුමාට වඩාත් පැහැදිලිව කියනවා නම් අපේ රටට කීර්තියක් ගෙන දුන්නු වෛද්‍යවරයෙක්.. මැය ඔහුට ළංවෙනවා.. මොකද මැයට මුදල් නැහැ.. අන්තිමට මොකද වෙන්නේ.. මේ විත්තිකාරිය ඒ වෛද්‍යවරයාව සූරගෙන කනවා.. ඒ ඉවර වෙලා මරා දානවා.. සිද්ධිය වුණු දවසේ වෙච්ච දේ මම පැහැදිලිවම ආයේ කියන්නම්....”


 
“විරුද්ධයි ස්වාමීනි...” විත්තියේ නීතිඥ නෝනා නැගිට ගත්තා. ඈ කළු කබා සාක්කුවට අත තියාගෙන විත්ති කූඩුවේ නැග ඉන්න තමන්ගේ සේවාදායිකාව දිහා බැලුවා.
 
“මෙයා අසරණ කෙල්ලෙක්.. හොඳයි අපි හිතමු... මේ විත්තිකාරිය තමන්ට සල්ලි නැති නිසා වෛද්‍යවරයාට ළංවුණා කියලා..? ඒත්.. කෝ සාක්ෂි...? මේ කෙල්ල වෛද්‍යවරයාව හූරන් කෑවා කියන්න කෝ සාක්ෂි..? ඒ වෛද්‍යවරයාව මරා දැමුවා කියන්න කෝ සාක්ෂි...?”
 
පැමිණිල්ලේ නීතිඥ මහත්මයා අවඥා සහගතව හිනාවුණා. ඔහු ඔහුගේ උඩුරැවුල තදියෙන් පිරිමදින අතරේ උසාවියේ ඈත කෙළවරක් දිහා බලාගෙන ආයෙම කතාව පටන් ගත්තා..
 
“සාක්ෂි නම් ඕන තරම්.. මම කියන්නම් මේ උගත් නෝනා මහත්මියට දැනගන්නත් එක්කලා ඒ කතාව මුල ඉඳන්ම... මෙන්න තියනවා මගේ ළඟ හෝටල් බිල්පත්... වෛද්‍යතුමා සමඟ මැය ගියා කියන්න සාක්ෂි ගෙඩි පිටින්ම.. හරියටම දෙසැම්බර් 7 වැනිදා කොල්ලුපිටියේ හොටෙල් නුගා එකට යන මේ දෙන්නාගෙන් එක්කෙනයි එළියට එන්නේ.. ඒ මේ තැනැත්තිය විතරයි.. එතකොට කෝ වෛද්‍යවරයා..? එතුමා ඒ වෙනකොටත් අන්තිම නින්දට වැටිලා.. එළියට ආපු මේ කාන්තාව අතේ ලොකු මල්ලක් තිබුණා.. හොඳයි ඒ ගැන සැකයි නම් මම ආරාධනා කරනවා අපිට පුළුවන් හෝටලයේ සේවකයින්ගෙන් ඒ ගැන අහලා බලන්න... ඊළඟට මැය කෙළින්ම ත්‍රීවිල් එකකට ගොඩ වෙලා පිටකොටුව දක්වා පැමිණෙනවා. එතනින් පස්සෙ මුකුත් නොදන්න තොත්ත බබෙක් වගේ අස්ථානගත වෙනවා.. මම හරිද මැඩම්..? ටිකක් ඉන්න... මැදින් පනින්න එපා දැන්ම... කතාව ඉවර නෑ. මේ තැනැත්ති අතුරුදහන් වුණු සැණින් හෝටල් සේවකයා කෑ ගහනවා මොකද්දෝ වැටුණා කියලා.. බලනකොට හෝටලේ ඉහළ මහලයකින් වෛද්‍යතුමාගේ බොඩි එක පහළට වැටෙනවා...”
 
විත්තියේ නීතිඥතුමා රූප පෙට්ටියක් වගේ කතාව රහ කෙරුවා. විත්ති කූඩුවේ නැඟ හිටපු ඈ තවම නිහඬව බලන් ඉන්නවා. ඇගේ පුංචි ඇස් පිහිලි වාරු නැතුව බිම දිගා වෙනවා. තවමත් තමන්ට රවන ගොරවන මනුස්ස පරාණ ගැන ඒකිට දැනෙන්නේ අනුකම්පාවක්... නොකළ වරදකට තමන්ව එල්ලන්න යන එක ගැන ඒකි ඉන්නේ විස්සෝපෙන්... ඇත්තටම ඒකිට ඕනි මේ හැමදෙයින්ම මිදෙන්න....
 
විත්තියේ නීතිඥතුමිය විත්තිකාරිය දිහාවට හැරුණා.


 
“තමුන්ගේ නම සමනළි...?”
 
“ඔව්.....”
 
“තමුන්ගේ ගම නුවරඑළිය.. කොළඹ එන්නේ මෑතකදී... මම හරිද?”
 
“ඔව්.. ඒක හරි...”
 
“මේ කියන දවසේ...? ඒ කියන්නේ දෙසැම්බර් 7 වැනිදා... වෛද්‍යතුමා, ඒ කියන්නේ ඩොක්ටර් පරණවිතාන ඔබට අඬ ගැහුවා...? කාමරයකට යන්න..?”
 
“ඩොක්ටර් පරණවිතානව මට අඳුනගන්න ලැබුණේ යාළුවෙක් මාර්ගයෙන්. මම එයාගේ ප්‍රයිවට් ක්ලිනික් එකේ වැඩට ගියා. එන්න එන්නම එයා මට ළංවෙන්න හැදුවා. මම අකැමැත්ත පළ කළා වුණත්... එයාට ඕනි වුණේ මාව පොළඹවාගන්න. ඩොක්ටර් කිව්වා, එයාගේ වයිෆ් එයාට චුට්ටක්වත් ආදරේ නෑ කියලා. මගෙන් ඒ ආදරේ විඳින්න ආසයි කියලා කිව්වා. ඒත්... මම ඒකට පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ.. දවසක් එයා මාව බලෙන් සිපගත්තා පේෂන්ලා කවුරුත් නැති වෙලාවක. මම කෑ ගැහුවා වුණත් මගේ කෑ ගැහිල්ල අහන්න පුළුවන් කෙනෙක් ළඟ පාතක හිටියේ නැහැ...”


 
“ටිකක් ඉන්න... මේ තරම් අකැමැති පුද්ගලයෙක් එක්ක හෝටලයකට යන්න ඔබ කැමති වුණා..?” ඈ වෙනුවෙන්ම පෙනී ඉන්න නීතිඥතුමිය නැවත වතාවක් ඒක ඇහුවා.
 
“ඔව්... මොකද මම දැනන් උන්නේ නෑ එයා එදා මාව එක්කන් යන්නේ හෝටලේකට කියලා. එයා කිව්වේ පේෂන් කෙනෙක් බලන්න යනවා. එයාට හෙල්ප් එකට මාව ඕනි කියලා...”
 
“පස්සේ...” උසාවියම මීයාට පිම්බා වගේ උනා. විනිසුරුතුමා විදුලි පංකාව දිහාත්, විත්තිකාරිය දිහාත්, ඇගෙන් ප්‍රශ්න අහන නීතිඥතුමියගේ අසාමාන්‍ය හැසිරීම දිහාත් පුදුමයෙන් බලා හිටියා. ඉතින් ඒකි නැවත කතාව පටන් ගත්තා.. හරියට අරාබි නිසොල්ලාසය කියවන්න වගේ... මහා වේගෙන් ඒ මොහොත ආවර්ජනය කළා..
 
“එයා හෝටල් කාමරේ ඇරලා ඇතුළට ගියා.. මම ඇහුවා කෝ පේෂන් කියලා..? ඒත් එයා උත්තරයක් දුන් නෑ. වටපිට බලලා කිව්වා, දැන් එයි ඉන්නකෝ කියලා.. මම කිව්වා, මට මෙහෙම තනියම ඉන්න බෑ ඩොක්ටර්, එළියට වෙලා ඉන්නම් කියලා.. ඒත් ඩොක්ටර් කිව්වා, මම මුකුත් කරන් නෑ ළමයෝ බය නැතුව ඉන්න කියලා... පස්සෙ මම එතන තිබ්බ ප්ලාස්ටික් පුටුවක ඉඳගත්තා.. ඩොක්ටර් එයාගේ සාක්කුවෙන් පෙත්තක් අරන් බිව්වා...”
 
“මොකද්ද ඒ පෙත්ත...” ප්‍රශ්නය ඇසූමත් පිළිතුරක් අමුණාගත නොහැකි වුණු ඒකි උසාවියේ ඒ මේ අත ඉන්න උනුන්ගේ ඇස් උගුල්ලන්න ගත්තා. ඉතින් නීතිඥ නෝනාට නැවත වතාවක් ඒක අහන්න උනා.
 
“කියන්න සමනළි? මම ඇහුවේ? ඩොක්ටර් සාක්කුවෙන් ගත්ත පෙත්ත මොකද්ද?”
 
“මම හරියටම දන්නේ නැහැ.. ඒත් මම හිතන්නේ අර ලිංගික උත්තේජනය ඇතිකරන පෙත්තක් ඒක.. ඩොක්ටර් ඒක බිව්වා වුණත් මම හිතුවේ ඒක නිකන් පැරසිටමෝල් පෙත්තක් වෙන්නැති කියලයි.. ඒත් පස්සෙ එකපාරම එයා ඇවිත් මාව බදාගත්තා. ප්ලාස්ටික් පුටුවත් එක්කම මාව පෙරළගත්තා...” විත්තිකාරියගේ ඇස් දෙකේ කඳුළු අලුත් වුණා. පියාපත් නොතේමී තියාගත්තු ඒකිගේ බර කතාවේ අයිතිකාරයා ජීවතුන් අතර නැති එක ගැන හැමෝටම දුකක් දැණුනා. ඒත් ඒ... දුකක්ම නෙවෙයි. නිකන්ම නිකන් හිස් හැඟීමක්....


 
“ඒ කියන්නේ තමුන්ට ඔහු බලහත්කාරකමක් කළා..?”
 
“ඔව්... දෙයියනේ ඔව්..! ඒ තිරිසනා මං එපා කියද්දිම මාව උස්සගෙන ගිහින් ඇඳ උඩින් තිබ්බා.. පස්සේ එයා... එයා... එයා මාව....”
 
“තමුන්ව දූෂණය කළා...”
 
“එහෙමයි...”
 
“ඉතින් තමුන්ට කෑ ගහන්න බැරිවුණාද? අඩුමගානේ හෝටලයක් නිසා..? කවුරුමහරි එන්න තිබ්බා උදව්වට...”


 
“මම කෑ ගැහුවා.. කොයි තරම් කෑ ගැහුවද දෙයියනේ.. ඒත් ඩොක්ටර් එයා එයාගේ පත ලේන්සුවක් මගේ කටට ඔබලා කෑ ගහන එක නතර කළා. එයා මට තර්ජනය කළා.. මට කරන්න දෙයක් තිබුණේ නෑ. එයා අර පෙත්ත බිව්වට පස්සෙ සම්පූර්ණයෙන් අනිත් පැත්ත ගැහුණා. මට තේරෙන් නෑ ඒක කියන්න.. ඒක ඇත්තටම.. ඩොක්ටර් වෙන කෙනෙක් බවට පත්වුණා වගේ දෙයක්.. එයාට එයාව කන්ට්‍රෝල් කරගන්න බැරිවුණා.. මාව ඒ තිරිසනා තුන් හතර පාරකට වඩා දූෂණය කළා.... මම කෑ ගහන්න හැදුවා.. දැඟලුවා.. ඒත් අන්තිමට මට යටත් වෙන්න සිද්ධ වුණා... ඩොක්ටර් සේරම ඉවර වෙලා වොෂ් රූම් එකට ගිය වෙලාවේ තමයි මම එළියට පැන ගත්තේ.. ඊට පස්සෙ මොනාද උනේ කියන්න මම දන්නේ නෑ...” ඇය නිහඬ වුණා. මොහොතකට පැමිණිලි පාර්ශවය නියෝජනය කරපු නීතිඥ මහත්මයා ඒ ළඳැරිය ගාවට කිට්ටු කළා. (ඈ ඇත්තටම දැන් නම් ළඳැරියක් හා සමානයි.)
 
“හොඳයි මම තමුන්ගෙන් ප්‍රශ්න කිහිපයක් අහන්නම්... කොහොමද ඩොක්ටර් වහපු දොර ඇරුණේ.. මම මේ කිව්වේ තමුන් ඔය බොරුවක් ගොතලා කියනවනේ ඒ මහත්මයා තමුන්ව දූෂණය කළා කියලා..? එයා තමුන්ගේ කටට ලේන්සුවක් දාලා හිර කළා.? ඒ වෙනකොටත් දොර අඟුළු දාලද තිබුණේ..?”
 
“ඔව්.. යතුර තිබුණේ එතන තිබ්බ පෝටිකෝ එක උඩ.. මම පහළට දුවන් යද්දි මට ඇහුණා එයා මගේ නම කියලා හයියෙන් කෑ ගහනවා. ඒත් මම පිස්සියක් වගේ දුවන් ආවා..”
 
විත්තියේ නීතිඥතුමිය කතාවට එකතු වුණා. ඇගේ දෑසුත් පුංචි වෙලා..
 
“හොඳටම පැහැදිලියි ස්වාමිනී... මේ කාන්තාව එපා කියද්දි ඒ වෛද්‍යවරයා මෑව දූෂණය කරලා. එක් වරක් නෙවෙයි ස්වාමිනි... තුන් හතර වරක්ම.. ඔබට පුළුවන්ද ඔහු මොන තරම් සම්මානලාභියෙකු වුණත් ඒකට සමාව නොදී ඉන්න... මේ තරුණිය එතනින් පැනලා එනවා. හේතුව ඇය තව වතාවක් ඔහු ඇයව දූෂණය කරගන්න බවට තිබුණු බය.. පරීක්ෂණවලින් ඔප්පු වෙලා තියනවා වෛද්‍යවරයා අර කියපු විදිහේ පෙත්තක් පානය කර ඇති බව.. සමනළි එතනින් යනවත් එක්කම ඔහු ආවේගෙන් කෑ ගහන්න ගන්නවා. ඒකේ ප්‍රතිඵලය වුණේ සමනළි යන දිහාම බලාගෙන ඔහු පහළට පැන්න එක.. ඒ ඔහු ඒ වෙනකොටත් විකෘතිකයෙක් වෙලා හිටියේ.. එහෙව් විකෘතිකයෙකු තමන් විහින්ම දිවි තොරකරගැනීමයි සිද්ධ වුණේ.. ස්වාමිනී.. මැයට පුළුවන්ද ඔහුව මරන්න..? කෝ තුවාලයක සළකුණක් ඒ මුහුණෙ තිබුණාද? අඩුම ගානේ කැළලක්..? අපොයි මගේ උගත් මිත්‍රයාට ඒක නිර්මාණය කරන්න හරි තිබුණා. අපරාදයක්.. ස්වාමිනි.. තමන්ගේ නිලයට බලයට මුවා වෙලා මේ වගේ අසරණ තරුණියන්ගේ අසරණකමින්, දුප්පත්කමින් ප්‍රයෝජන ගන්න ඕනම ධනවතෙකුට පුළුවන්ද? ඒ නීතිය සර්ව සාධාරණද? මේ ගැන තීරණය ඔබට භාරයි....”
 
ඒ තීන්දුවට ටික වෙලාවක් ගත වුණා. අවසානයේ සමනළි නිවැරදිකාරියක් වුණා.
 
“විත්තිකාරිය සියළු චෝදනාවලින් නිදොස් කොට නිදහස්...!!”
 
අළුත උපන්න මලක් වගේ පෙති විහිදෙන්න ගන්න ඒ එකි මුළු උසාවියම මොහොතකට නිහඬ කළා. ඒකිගේ අත්වැල් පටලන්න රොත්ත පිටින් එක්කහු උනා.
 
= = = = = = = = = = = = = = = = = = = =
 
(නඩු තීන්දුවෙන් අනතුරුව විත්තිකාරිය වූ සමනළි විසින් තමන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහත්මියට මෙසේ සඳහනක් කර තිබුණා.)


 
“මිස් මට සමාවෙන්න.. මිස්ට මට කියන්න බැරිවුණා... ඒ ඩොක්ටර්යි මමයි ආදරේ කළා මිස්.. මහා ගොඩක් ආදරේ කළා. මම දැනන් හිටියා, එයා මැරි කරපු කෙනෙක්. ඒත්.. මට ඕනි වුණා එයාව මගේ කරගන්න. එයා පොරොන්දු වුණා මට වයිෆ්ගෙන් ඩිවෝස් වුණු ගමන් මාව මැරි කරනවා කියලා.. ඒත් දන්නවද මිස්..? එයා ඒක කැඩුවා. එයාට මාව ඕනි වුණේ උලා කන්න විතරයි. හැමදාම හෝටල් ගානේ එක්ක ගිහින් මා එක්ක සතුටු වෙන්න විතරයි. එදා.. දෙසැම්බර් 7... එයයි මායි ලිංගිකව සතුටු වුණා. අර කිව්වා වගේ තුන් හතර පාරක්ම.. ඒත් මගේ අකැමැත්තෙන් නෙවෙයි.. මගෙත් කැමැත්ත ඇතුව.. මම එයාට කිව්වා මාව ඉක්මනට බඳින්න කියලා..? ඒත් එයා කනකට ගත්තේ නෑ.. එයාට ඕනි වුණේ මා එක්ක ලිංගිකව සතුටු වෙන්න. අන්තිමට මොකද වුණේ.. ඌ පරාද උනා. බෙහෙතේ වරදකින් පපුව අල්ලගෙන බිම වැටුණා. දෙයියම්පල්ලා !! මම මුකුත් කරලා නම් නෙවෙයි මිස්. ඌ නිකන්ම බිම පතබෑවුණා. මම බලන් හිටියා ඒ මිනිහා මැරෙනකන්. මුකුත්ම කරන්නේ නැතුව බලන් හිටියා. මට හිනා ගියා ඒ තිරිසනා මැරෙද්දී... මට බොරු හීන මවලා දීපු හම්පඩගැහිච්ච නාකියා මැරිච්චාවේ කියලා.. මම හරිම සතුටින් බලන් හිටියා. අන්තිමේ ඌ මැරුණා කියලා දැනගත්තම මම එතනින් ආවා මිස්... ඒ එන්න කලින් මම ඌව බිත්ති කණ්ඩියට හේත්තු කළා පහළ වැටෙන්න ඇරලා. ඒක තමයි ඌට හරියනම දඬුවම. ඒකෙන් උගේ නම්බු නාම සේරම කපෝති! කොහොම වුණත්.. මට කියන්න ඕනි වුණේ.. මිස්ට ස්තුතියි.. මාව බේරගත්තට...”
 
-සමිත ලක්ෂාන්
(මෙම සිද්ධියට අදාළ නඩු තීන්දුවෙන් විත්තිකාරිය නිදහස් වූ අතර ඇය මේ වන විට විදෙස්ගතව සිටී. මෙහි නම් ගම් ආදිය පුද්ගලිකත්වය සහ නීතිමය තත්ත්වය සලකා වෙනස් කර ඇති බව කරුණාවෙන් සලකන්න.)
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top