Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
25
"මම බබෙක් හම්බෙන්න ඉන්න අම්මා කෙනෙක්, මේ වගේ දෙයක් කාටවත් වෙන්න හොඳ නැහැ.." - මන්ත්‍රී කාවින්ද ජයවර්ධනගේ බිරිඳ හිරුට හෙළි කළ සංවේදී කතාව - Exclusive

- "මම බබෙක් හම්බෙන්න ඉන්න අම්මා කෙනෙක්, මේ වගේ දෙයක් කාටවත් වෙන්න හොඳ නැහැ.." - මන්ත්‍රී කාවින්ද ජයවර්ධනගේ බිරිඳ හිරුට හෙළි කළ සංවේදී කතාව - ExclusiveHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

47,448 Views
"මේ වගේ දෙයක් කරන්න කලින් හිතන්න ඕන පවුලට වෙන හානිය ගැන.."

"එයා ඒ වීඩියෝ එක මට පෙන්නුවා, මම ෂොක් වුණා.."

පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන සම්බන්ධයෙන් මේ දිනවල විවිධ කට කතා පැතිරෙනවා. ඒ අසභ්‍ය වීඩියෝවක් සම්බන්ධයෙන්. ඒ ගැන විවිධ කතා පැතිරෙද්දී ඔහුගේ ආදරණිය බිරිද නටාෂා පෙරේරා එක්ක කතාබහ කරන්න අපි කල්පනා කළා. විවාහ ජිවිතයට මාස හයක් සපිරෙන්නත් කලින් මෙවැනි අකරතැබ්බයකට මුහුණ දෙන්න සිදු වූ සිදුවීම ගැන නටාෂා අපිත් එක්ක කතා කළේ මෙලෙසිනුයි.

නටාෂාගේ සැමියා මෙරට ඉන්න ජනප්‍රිය දේශපාලඥයෙක්. සමාජ මාධ්‍යවල සැරිසරන වීඩියෝවක් සම්බන්ධයෙන් ඔබේ සැමියාගේ නමත් සදහන් වෙනවා. බොහෝ කාලයක් ඇමරිකාවේ ජිවත් වුනු කෙනෙක් හැටියට ඒ සිදුවීම ගැන ඔබට මොකද හිතෙන්නේ කියලම මේ කතාබහට ආරම්භය ගමු..?
මගේ හස්බන්ඩ් කාවින්ද මට ඒ වීඩියෝ එක පෙන්නුව වේලාවේ ඒක විහිළුවක් විදිහට තමයි මම දැක්කේ. එයා මට වීඩියෝ එක පෙන්නනකොට මම එයාගෙන් ඇහුවා ඇයි ඔයා මට මේක පෙන්නන්නේ කියලා. එයා ඒ වීඩියෝ එක බලන්න කියලා ඒක හැමතැනම යනවා කියලා කිව්වා. ඒ ගැන විස්තර කිව්වා. එයාව සම්බන්ධ කරලා කතා පැතිරෙනවා කියලත් කිව්වා. දවස් දෙකකට පස්සේ මට මොකුත් හිතා ගන්න බැරුව ගියා ඇත්තම කිව්වොත් මම කම්පනයට පත් වුනා. වෙලා තියෙන සිදුවීම ගැන.

ඒ වීඩියෝ එක ගැන පැතිරෙන කතා සම්බන්ධයෙන් ඔහුගේ බිරිද හැටියට ඔබට මොකද හිතෙන්නේ..?
මට මගේ හස්බන්ඩ්ව සියයට සියයක් විස්වාසයි. නමුත් මේ වගේ දෙයක් තවත් මනුස්සයෙකුට කරන්න පුලුවන්ද. මේ සිද්ධිය සම්බන්ධයෙන් මම දුක්වුණා. නමුත් මගේ හස්බන්ඩ්ව මට විස්වාස නිසා එතැනින් එහාට එයා ගැන වැරදි දෙයක් මට හිතන්න අවශ්‍ය නැහැ කියලා මම හිතනවා. නමුත් කාවින්ද මේ වෙද්දී විවාහ වෙලා ඉන්නේ, විවාහ වෙලා මාස හයක්වත් නැහැ. ඒක කරපු අයට ඒ ගැන හිතන්න තිබ්බා. ඒ වීඩියෝ එකේ ඉන්නේ මගේ හස්බන්ඩ් නෙමෙයි. නමුත් මම බබෙක් හම්බවෙන්න ඉන්න අම්මා කෙනෙක්. තවම මාස හතරයි දරුවා කුසට ඇවිත් මේ වෙලාවේ මට හිතුනේ මගේ දරුවා ලැබිලා හිටපු නැති එක හොදයි කියලයි.

මොකද මට පාසල් යන දරුවෙක් හිටියා නම් මට වගේම එයාටත් මේ ප්‍රශ්නේ දරාගන්න බැරි වෙනවා. පොඩි දරුවන්ට ඇත්ත නැත්ත තේරුම් කරලා දෙන්න බැහැ. ජිවිත කියක් මේවගේ බොරු දේවල් නිසා විනාස වෙනවද. ගිය අවුරුද්දේ පොඩි ළමයෙකුගේ ඇත්ත සෙක්ස් වීඩියෝ එකක් එලියට ඇවිත් එය දරා ගන්න බැරුව ඒ ළමයා සියදිවි හානි කරගත්තා. ඒ නිසා මම නම් කියන්නේ කාගෙවත් ජිවිතයකට බලපෑම් කරන එක අසාධාරණයි කියලයි. මේ වගේ දෙයක් කරන්න කලින් හිතන්න ඕන පවුලට වෙන හානිය ගැන. මේක අමුලික බොරුවක්. ඒ නිසා මට මගේ හස්බන්ඩ් ගැන සැකයක් නැහැ. ඒ වගේම කියන්න ඕන මේ දේ වෙන්නේ කාගේ හරි වුවමනාවකට. කාවින්දගේ පවුල විනාශ කරන්න, දේශපාලන ජීවිතය විනාස කරන්න කරපු දෙයක් මේක. මේක ඉන්දියාවේ වීඩියෝවක්. ඒ නිසා මම කාවින්ද ගැන දුක් වෙන්නේ නැහැ. මේ සමාජයේ මේ වගේ මිනිස්සු ඉන්න එක ගැනයි මම දුක් වෙන්නේ.

කොළඹ අයි.ඩි.එච් රෝහල වෙත ගොස් කාවින්දගේ ශරීර පරීක්ෂණයක් සිදු කළා. එහි වාර්තාව වෛද්‍යවරයා ලබා දෙන්නේ ඔබ ඉදිරියෙමයි, එහෙම නේද..?
ඔව්. මට කාවින්ද කිව්වා ඩොක්ටර් ඔයාවත් එක්කගෙන එන්න කිව්වා කියලා. මම ඇහුවා ඒ මොකටද මාව කියලා. ඔයා ඉස්සරහා රිපෝට් එක දෙන්න ඕන කියලා ඩොක්ටර් කියනවා. ඒ නිසා ඔයත් එන්න මාත් එක්ක යන්න කියලා කාවින්ද මට කිව්වා. මම එයා එන්න කිව්ව නිසා ගියා. ඒ වෙලාවේ ඩොක්ටර් කිව්වේ කාවින්දගේ රිපෝට් එක මම ඉදිරියේ දෙන්නේ මෙතන කාවින්දට අසාධාරනයක් වෙලා තියෙනවා ඒ අසාධාරණය නිසා වයිෆ් විදිහට ඔයාගේ හිතෙත් සැකයක් තියෙනවා නම් මේ රිපෝට් එක දැක්කට පස්සේ ඔයාගේ හිතට සැනසීමක් දැනෙයි කියලා ඒ වෛද්‍යවරයා කිව්වා. ඇත්තටම ඔහු හොද වෛද්‍යවරයෙක් මගේ මානසික මට්ටම ගැනත් ඔහු හිතුවා. කාවින්ද වැරදි කෙනෙක් නෙමෙයි කියන එක එතැනිනුත් ඔප්පු වුනා.

මේ වගේ සිද්ධි, කටකතා නිසා දේශපාලඥයෙක් එක්ක විවාහ වුනු එක ගැන මේ වෙලාවේ කණගාටුවක් තියෙනවද..?
මේක ගොසිප් එකක් නෙමෙයි. ජනප්‍රිය අය හොදට හිටියත් කටකතා හදනවා. මේක වෙන අරමුණක් උදෙසා හදපු කතාවක්. කොහොම නමුත් කාවින්ද වගේ පුද්ගලයෙක් මගේ සැමියා වුනු එක ගැන මට කොහෙත්ම දුකක් නැහැ. සතුටක් තියෙන්නේ. දේශපාලඥයෙක්ගේ බිරිද වීම ගැනත් දුකක් නැහැ. මේ වගේ දේවල් බලාපොරොත්තු වෙන්න සිද්ධ වෙනවා. විවාහ වෙන්න කලින්ම මම දන්නව ලංකාවේ ජනප්‍රිය අයට කතා හැදෙනවා කියලා. ඒ වගේම මම මෙහෙම දෙයක් කියන්න ඕන. කවුරු මොනවා කිව්වත් වැඩක් නැහැ. මම දන්නවා මගේ සැමියා කොයි වගේ කෙනෙක්ද කියලා. මම එයාව විස්වාස කරනවා නම් එච්චරයි වෙන්න ඕන. මගේ හස්බන්ඩ් හරිම හොද කෙනෙක්. මට හොදට සලකන කෙනෙක්. ඒ නිසා මට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔහුගේ රැකියාව ගැන.

ඔබ විවාහ වෙන්නේ යෝජිත විවාහයකින්. ඔහුව මුණගැහෙන්නේ කොහොමද කියලත් කියමු..?
අපි දෙන්නා විවාහ වෙන්නේ යෝජිත විවාහයකින්. එයාගේ අම්මයි මගේ අම්මයි යාලුවෝ. උත්සවයකදී මුණගැහිලා තමයි අපි ගැන යෝජනා කරලා තියෙන්නේ. මම එතකොට හිටියේ ඇමරිකාවේ. පස්සේ මමයි කාවින්දයි මුණගැහුනා. කතාබහ කළා. අපිට අපි ගැලපෙනවා කියලා හිතුනු නිසා විවාහ වුනා. ඒ තෝරා ගැනීම හොද එකක් කියලා මම හිතනවා.

හර්ෂණී වීරරත්න





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top