ස්විට්සර්ලන්තයේ EPFL (Ecole Polytechnique Fédérale de Lausanne) ආයතනයේ විද්‍යාඥයන් පිරිසක් විසින් අස්ථි නැවත ශක්තිමත් කළ හැකි අපූරු "හයිඩ්‍රොජෙල්" (Hydrogel) එන්නතක් සොයාගෙන තිබෙනවා.
අපේ අස්ථිවල ස්වභාවිකවම තියෙන ඛනිජවලට සමාන වන විදියට තමයි මේ ජෙල් එක නිපදවා තිබෙන්නේ. මෙහි විශේෂත්වය වන්නේ සාමාන්‍ය බෙහෙත් වගේ මුළු ඇඟටම බලපෑම් නොකර, අස්ථිය දුර්වල වී ඇති නිශ්චිත ස්ථානයටම (උදාහරණයක් ලෙස උකුල් ඇටයට) මෙය එන්නත් කළ හැකි වීමයි.
සති කිහිපයකින් හාස්කමක්! පර්යේෂණ වාර්තාවලට අනුව, මෙම ජෙල් එක එන්නත් කිරීමෙන් පසු සති කිහිපයක් ඇතුළත අස්ථිවල ඝනත්වය දෙතුන් ගුණයකින් වැඩි වෙනවා. මෙය සාමාන්‍ය ඖෂධ ලබා දීමේදී ගතවන මාස ගණනාවක කාලය හා සැසඳීමේදී සැබෑ හාස්කමක් වැනියි.
මෙය ක්‍රියා කරන්නේ මෙහෙමයි.
අස්ථිය බිඳීමට වැඩි ඉඩක් ඇති ස්ථානයටම ලබා දිය හැකියි.
මේ ජෙල් එක අස්ථි සෛලවලට නැවත වර්ධනය වීමට අවශ්‍ය රසායනික පණිවිඩ ලබා දෙනවා.
මෙය ශරීරයට කිසිදු හානියක් නොවන ද්‍රව්‍යවලින් නිපදවා තිබීම තවත් විශේෂත්වයක්.
දැනට සතුන් ඇසුරින් සාර්ථකව පරීක්ෂා කර ඇති මෙම තාක්ෂණය, නුදුරේදීම මිනිසුන් සඳහාත් භාවිත කිරීමට නියමිතයි. එසේ වුවහොත්, ඔස්ටියෝපොරෝසිස් නිසා සිදු කරන බරපතල ශල්‍යකර්ම වෙනුවට "එක එන්නතකින්" නැවත ශක්තිමත් අස්ථි පද්ධතියක් ලබා ගැනීමට අපිට අවස්ථාව ලැබෙනු ඇත.
මුහුණු පොත ඇසුරෙන්..