මේ හද කම්පා කරවූ පුවත විදෙස් මාධ්‍ය බොහෝමයක් වාර්තා කර තිබුණේ "ඊරිෂ්‍යාවෙන් පෙළුණු දඩෝරියන් දරුවන්ව අවසන් නින්දට යැවූ" බව කියමිනුයි.
මේ නිවුන් දරුවන් මෙලොව එළි දකින්නටත් කලින් මරු හා යන්නට යද්දි ඔවුන්ට හරියටම දින 26ක් පිරුණා පමණයි.
අවුරුදු 9ක් තිස්සේ නොවාස් නෝනාත් ඇගේ සැමියා වන අවුරුදු 32ක් වයස රෙජිස් මහත්තයාත් දරුවන් ලැබීමේ ආසාවෙන් සිටියා.
කොහොම වුණත් මව මොහොතකට නිදන කාමරයෙන් පිටත්ව ගිය විගස, මෙම දරුවන්ට මේ අවාසනාවන්ත ඉරණමට ගොදුරු වෙන්න සිදු වෙලා.
ප්‍රචණ්ඩකාරී සුනඛයාගේ ශබ්දය ඇසී මව එහි යන විටත් ඔවුන්ගේ උදරයට මාරාන්තික තුවාල සිදුව තිබූ බව සඳහන්. සුනඛයාගෙන් දරුවන්ව ඉවත් කර දැමුවත් ඵලක් නොවුණු බවයි ඇය හැඬූ කඳුළින් පැවසුවේ.
අසල ජීවත් වූ හෙදියක් නිවුන් දරුවන් සඳහා ප්‍රථාමාධාර ලබා දුන් නමුත් එක් අයෙකු තුවාල නිසා ක්ෂණිකව මිය යන අතර... අනෙක් දරුවා හෘදයාබාධයට ලක්වීමෙන් 'මාරියා පේදෙයිරා බාබෝසා' මහ නගර රෝහලේදී අවසන් ගමන් ගොස් තිබුණා.
දරුවන්ගේ මව පැවසුවේ දරුවන් උපත ලැබූ දා සිට මෙම දඩෝරියා යම් "ඊරිෂ්‍යාවකින්" පෙළුණු බවයි. ඒ නිසාම දරුවන්ට පහර දෙන්නට ඇති බවයි ඇය කියන්නේ.
පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවයි, ඩේලිමේල් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ...