වසර මිලියන 240ක් පමණ පැරණි සත්ත්වයකුගේ සම්පූර්ණ ෆොසිලයක් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
පොසිලයේ පෙනුම අනුව එම සත්වයා මකරකු සිහි ගන්වන බව සදහන්.
2003 දී දකුණු චීනයේ පැරණි හුණු ගල් නිධියකින් මෙම පොසිලය කොටස් වශයෙන් හමුවී තිබෙනවා.
පසුව එම කොටස් එකිනෙක සම්බන්ධ කළ බව පැවැසෙන අතර සම්පුර්ණ පොසිලයේ දිග අඩි 16 ක්.
මකරකුගේ පෙනුම ඇති මේ පොසිලකරණය වුණු සත්වයා අතීතයේ ජීවත් වූ ජලජ උරගයකු යැයි විශ්වාස කෙරේ.
දිගු ගෙලක් සහිත මෙම එම අසාමාන්‍ය අලුත් සත්වයා Dinocephalosaurus orientalis යන විද්‍යාත්මක නමින් හඳුන්වන බව ද පැවැසෙයි.