නාසා ආයතනය සිය මීළඟ වසරක අඟහරු මතුපිට මෙහෙයුමට සහභාගී වීමට කැමති පුද්ගලයින් සඳහා අයදුම්පත් කැඳවා තිබෙනවා.
CHAPEA නොහොත් කාර්ය මණ්ඩල සෞඛ්‍ය සහ කාර්ය සාධන ගවේෂණ ඇනලොග් (Crew Health and Performance Exploration Analog) නමින් සැලසුම් කර ඇති භූමි පාදක මෙහෙයුම් තුනෙන් දෙවැන්න 2025 වසරේ වසන්ත කාලයේදී ආරම්භ කිරීමට නියමිතව ඇති බවයි නාසා ආයතනය නිවේදනය කරන්නේ.
ඒ අනුව නාසා ආයතනය විසින් කාර්ය මණ්ඩලය සහ මෙහෙයුම් පාලනය සහ ඵලදායී සන්නිවේදනය සඳහා මේ වන විට අයදුම්පත් කැඳවා තිබෙනවා.
දුම් නොබොන, වයස අවුරුදු 30-55 සහ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ප්‍රවීණයන් වන නිරෝගී, එක්සත් ජනපද පුරවැසියන් හෝ ස්ථිර පදිංචිකරුවන් සොයා මෙලෙස අයදුම්පත් කැඳවා ඇති අතර අයදුම්කරුවන්ට මෙම මෙහෙයුම කෙරෙහි දැඩි ආශාවක් තිබිය යුතුයි.
අයදුම්පත් කැඳවන අවසාන දිනය 2024 අප්‍රේල් 02 වනදා ලෙස සඳහන් වන අතර අයදුම්පත යොමු කිරීමට අදාළ ලින්ක් එක පහතින්...