9 Views
Cantor’s giant softshell turtle නම් මොවුන් දකුණු ඉන්දියාවේ කේරළයේ චන්ද්‍රගිරි ගං ඉවුරෙන් හමු වී තිබෙනවා.
මොවුන් දකුණු හා අග්නිදිග ආසියාවේ ගංගාවලට ආවේණික වූ විශේෂය බරපතල ලෙස වඳවීමේ තර්ජනයට ලක්ව ඇති විශේෂයක් වනවා.
සාම්ප්‍රදායික පාරිසරික සමීක්ෂණ ක්‍රම භාවිතා කරමින් මෙම කැස්බෑවන් සොයා ගැනීම අසාර්ථක වීම නිසා මෙම කණ්ඩායම දේශීය දැනුම සහ ඓතිහාසික දර්ශන භාවිතා කරමින් ඔවුන් සොයා ගැනීමට සිදු කළ උත්සාහයක ප්‍රතිඵලයක් අතරතුරයි මෙලෙස මෙම කැස්බෑවන් සොයා ගෙන ඇත්තේ.
පරීක්ෂකවරුන්ට හමු වූ ගොඩබිමට ගසා ගෙන ඇවිත් තිබූ බිත්තර කූඩු මුදවා ගෙන යලිත් ගංගාව වීත මුදා හැර තිබෙනවා.
මෙම කැස්බෑවන් සිටින ස්ථානය ආසන්නයේ අභිජනනාගාරයක් සහ තවානක් පිහිටුවීමට ද මෙම කණ්ඩායම පියවර ගනිමින් සිටින බවයි වාර්තා වෙන්නේ.
Cantor’s giant softshell කැස්බෑවන් මිරිදිය වල ජීවත් වන අතර වැඩුණු සත්ත්වයෙක් මීටර 1ක් පමණ දිගින් සහ කිලෝග්‍රෑම් 100ක් පමණ බරින් යුතු වනවා.
