ෆයිසර්, මොඩර්නා සහ ඇස්ට්‍රසෙන්කා කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීමෙන් පසු එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස හෘදයේ, මොළයේ සහ රුධිරයේ සංකූලතා ඇති වීමේ දුර්ලභ අවස්ථාවක් තිබෙන බව මෙතෙක් එම එන්නත සම්බන්ධයෙන් කළ විශාලතම අධ්‍යනයෙන් හෙළි වී ඇතැයි ෆෝර්බ්ස් සඟරාව වාර්තා කරනවා.
ප්‍රතිශක්තිකරණ එන්නතෙන් කොවිඩ් රෝගය වැළඳීම වළක්වාලන බැවින් එම අවදානම ගැනීමේ වැරද්දක් නොමැති බව විශේෂඥයන් අධ්‍යනය පිළිබඳ අදහස් දක්වමින් පැවැසුවේය.
ආර්ජන්ටිනාව, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ප්‍රංශය, නවසීලන්තය සහ ස්කොට්ලන්තය යන රටවල ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගත් මිලියන 99 කගේ වාර්තා මෙම අධ්‍යනය සඳහා භාවිත කර ඇත.මෙම අධ්‍යනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ පර්යේෂණ අංශය වන ගෝලීය එන්නත් දත්ත ජාලය විසින් සිදු කරනු ලැබ තිබේ.
අධ්‍යනය කළ පර්යේෂකයන් කණ්ඩායම එහිදී රෝග තත්ත්ව 13 ක් පිළිබඳව නිරීක්ෂණය කර ඇත.
එහිදී එම රෝග තත්ත්ව වැළඳීමේ අවදානම ෆයිසර් , මොර්ඩනා සහ ඇස්ට්‍රසෙන්කා කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගැනීමෙන් පසු ඉහළ යන ආකාරය පිළිබඳ පර්යේෂණ කණ්ඩායම අධ්‍යනය කර තිබේ.
එහිදී මොඩර්නා එම්.ආර්.එන්.ඒ සහ ෆයිසර් කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත මාත්‍රා තුන ලබා ගැනීමෙන් පසුව මයොකාර්ඩයිටස් නම් හෘද රෝගී තත්ත්වය වැළඳීමේ අවදානම සාමාන්‍යයෙන් බලාපොරොත්තු වන ප්‍රතිශතයට වඩා 6 ගුණයකින් ඉහළ ගොස් ඇතැයි අධ්‍යනයෙන් හෙළි වී තිබේ.එසේම පෙරකාඩයිටස් නම් හෘද රෝග තත්ත්වය ඇස්ට්‍රසෙන්කා එන්නතේ තුන්වෙනි මාත්‍රාව ලබා ගත් පුද්ගලයන්ට වැළඳීමේ අවදානම 6.9 ගුණයකින් ඉහළ ගොස් ඇතැයි එම අධ්‍යනයෙන් අනාවරණය වී ඇත.
සම්පූර්ණ අධ්‍යයන වාර්තාව වැක්සින් නම් වෛද්‍ය සඟරාවේ පළවී තිබේ. එම ලිපියේ රෝග තත්ත්ව 13 වැළඳීමේ අවදානම ඉහළ යන ආකාරය පිළිබඳ සවිස්තරාත්මකව සඳහන් වේ.