Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
13
ඔබත් ඔබේ ලග්නයට අනුව වර්ණය ගලපා අරමුණු වෙත යන්න...

- ඔබත් ඔබේ ලග්නයට අනුව වර්ණය ගලපා අරමුණු වෙත යන්න...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12 Views

මේ කියන්න යන්නේ ඔබ ගොඩක් සමීප තවත් කාරණයක් ගැන කතාවක්..

අපි කවුරුත් කැමති කරන වැඩ හැමදෙයක්ම සාර්ථක කරගන්න.. 


ඒ වෙනුවෙන් කරන්න පුළුවන් ගොඩක් දේවල් තියනවා.. ජෝතිෂ්‍ය පැත්තෙන් ගත්තත්, වර්ණවලට හිමිවෙන්නේ විශේෂ තැනක්.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන කතාවක්... ජෝතිෂ්‍යයට අනුව එක් එක් දිනයේ නැකැත් ගන්නා විට ඒ ඒ දිනට අවශ්‍ය වර්ණ පවතිනවා.. ඉරිදා දිනට රන්වන් පාටද, සඳුදා දිනට සුදු පාටද, අඟහරුවාදා දිනට රතු පාටද, බදාදා දිනට කොළ පාටද, බ්‍රහස්පතින්දා දිනට කහ පාටද, සිකුරාදා දිනට විවිධ වර්ණද, සෙනසුරාදා දිනට නිල් පැහැයද භාවිත කෙරේ. එම දිනට අධිපති ග්‍රහයාගේ වර්ණය පාවිච්චි කිරීමෙන් ප්‍රතිඵල ඇති කරනවා...
ඒ වගේම ඔබ නිතර පාවිච්චි කරන මෝටර් රථයද, ඔබගේ කාමරයේ පාවිච්චි කරන වර්ණ තුළින්ද, ඔබගේ උනන්දුව, උත්සාහය වැඩි කරන අතරම කරන්නා වූ වැඩය පහසුවෙන් කරගෙන යෑමට ඉඩ සැලැසෙනවා... ඔබගේ ලග්නයට අනුව වර්ණ තෝරා ගැනීම මෙන් ඔබගේ අරමුණ කරා යෑමට පහසුවක් වනු නොඅනුමානයි..

ඔබ මේෂ ලග්නයෙන් ඉපදුණේ නම් රතු පාට, රෝස පාට, සුදු පාට සුදුසු වෙනවා.. ඒ වගේම ඔබට සුබ දවස් වන්නේ අඟහරුවාදා, සෙනසුරාදා හා සිකුරාදාය. සඳුදා හා සිකුරාදා තරමක් සුබයි.. අනෙක් දවස් සුබ නොවේ.. වියදම් වැඩි වෙනවා..

ඔබ වෘෂභ ලග්නයෙන් ඉපදුණේ නම් රෝස පාට හා සුදු පාට සුබ වර්ණ වන අතර සාමාන්‍යයෙන් සුබ දවස සිකුරාදායි... ජයග්‍රාහී දිනය බදාදාය.. සෙනසුරාදා ප්‍රතිඵල පමා කෙරෙනවා... නමුත් කෙසේ හෝ සෙනසුරාදා දිනය ජයග්‍රහණය ගෙනෙනු ලබයි.. අඟහරුවාදා අනවශ්‍ය වියදම් පෙන්නුම් කරයි.. බ්‍රහස්පතින්දා හවුල්කරුවන්ගෙන් ලාභ ලබා දෙයි.. සඳුදා දිනවල කෙටි ගමන්, ප්‍රීතිමත් ලිපි ගනුදෙනු හා ඉරිදා නිවෙසේ විවේකය ගත කිරීමට යොදා ගැනීම සුබයි..

ඔබ මිථුන ලග්නයෙන් ඉපදුණේ නම් සුබ වර්ණය වනුයේ කොළ හා කහ පාට වෙනවා... රතු වර්ණවලින් වළකින තරමට සුබයි.. සඳුදා ආදායම වැඩි වන අතර අඟහරුවාදා සුබයි... බදාදා සුබ වන අතර බ්‍රහස්පතින්දා දින ජයග්‍රාහී දිනය වශයෙන් සලකන්න.. සිකුරාදා ප්‍රීතිමත් දිනයක් වුවත් ඔබගේ මුදල් වැය වෙනවා.. සෙනසුරාදා දින කරදර ඇතිවෙනවා..

ඔබ කටක ලග්නයෙන් ඉපදුණේ නම් ඔබේ සුබ වර්ණය වනුයේ සුදු හා කහ වෙනවා.. කොළ වර්ණ අසුබ වන අතර අඟහරුවාදා හා සිකුරාදා සුබ දින වෙයි.. අප්‍රේල් හා මැයි ජය මාස වේ. රැකී - රක්ෂා හා අධ්‍යාපනය සඳහා සඳුදා දින ඉතා සුබ වෙයි..

ඔබ සිංහ ලග්නයෙන් ඉපදුණේ නම් රතු - කොළ මිශ්‍ර කහ වර්ණය සුබ වේ. නිල් හා සුදු වර්ණ අසුබ වේ. ඉරිදා ඕනෑම වැඩකට උසස් නිලධාරීන් හමු වීමට, විදුලි උපකරණ මිලදී ගැනීමට සුබ වේ.. සඳුදා සුබ නොවේ.. අඟහරුවාදා ඉතාම සුබ දිනයකි.. දීර්ඝ ගමනක් යෑමට හා තරග විභාගවලින් ජය ගැනීමට හැකිවනු ඇත.. ඔබ දුර්වල අයෙක් වුවත් අඟහරුවාදා දින ජය ගැනීමට හැකියාව යෙදේ. බදාදා වාසනාව උරගා බැලීමට සුදුසුය. සිකුරාදා කෙටි ගමන් යෙදේ. උසස්වීම්වලට සුබ වේ. රැවටිලිවලට, වංචාවලට හසු වන්නේ සෙනසුරාදාය..

ඔබ කන්‍යා ලග්නයෙන් උපන්නේ නම් කොළ හා කහ වර්ණ සුබ වේ. රතු සහ නිල් අත්හරින්න. ලෙඩ රෝගවලට හා හදිසි අනතුරුවලට මඟ පාදයි. බදාදා වාසනාවන්ත දිනයකි.. සිකුරාදා ධනය ලැබේ. අඟහරුවාදා / සෙනසුරාදා හා ඉරිදා අසුබ වෙයි. සඳුදා මිතුරන් හමුවීම හා මිතුරන් හා ගනුදෙනුවට සුබ වෙයි.. මෝටර් රථ මිලදී ගැනීමට හා ව්‍යාපාරවලට මුදල් යෙදවීමට හා ප්‍රේම සම්බන්ධතාවලට ඉතා සුබ වේ..

ඔබ තුලා ලග්නයෙන් උපන්නේ නම් ඔරේන්ජ් පාට ඉතා සුබ වෙයි. සුදු හා රතු සුබ වන අතර විවාහයට, තරගවලට රතු පැහැය සුබ වෙයි. ඉරිදා හා සඳුදා දිනය වාසනාවන්ත වන අතර සෙනසුරාදා දින විශිෂ්ට ප්‍රතිඵල ගෙන දෙයි. අඟහරුවාදා තරගවලට හා නඩුවලට මෙන්ම ඡන්ද විමසීම්වලට සුබ වෙයි. බලාපොරොත්තු නොවූ ලාභ ලැබෙයි. සිකුරාදා මිශ්‍ර ඵල ඇති කරන අතර බ්‍රහස්පතින්දා අසුබ වෙයි..

ඔබ වෘශ්චික ලග්නයෙන් උපන්නේ නම් කහ හා රතු පරිහරණයට ගන්න. ඉරිදා දින උසස් අය හමුවීමට හා රැකී රක්ෂා සඳහා පිට වීමට සුබ වෙයි. බැංකු ගිණුමක් ඇරඹීමට හා විවාහයට බ්‍රහස්පතින්දා සුබ වෙයි. සෙනසුරාදා ණය ගෙවීමට සුබ වන අතර බදාදා වැදගත් ලේඛනවලට අස්සන් නොකරන්න. සිකුරාදා දින මුදල් බැඳීම් හා පොරොන්දුවලින් වළකින්න.

ඔබ ධනු ලග්නයෙන් උපන්නේ නම් සුබ වර්ණ වනුයේ සුදු / ක්‍රීම් / කොළ / ඔරේන්ජ් හා ළා නිල් පාට වෙයි. රතු හා මුතු වර්ණ අසුබ වේ. සුදු මිශ්‍ර කහ වර්ණය ආණ්ඩුවෙන් ආධාර ලබා ගැනීමට සුදුසු වේ. බදාදා හා සිකුරාදා ඉතාමත් වාසනාවන්ත වෙයි. බ්‍රහස්පතින්දා ජයග්‍රහණ ලබන අතර සඳුදා කරදර සිත් තැවුල් ඇති වෙයි. බදාදා ප්‍රසන්න භාවය හා සමෘද්ධිය ලැබෙන අතර සෙනසුරාදා අන් අයගෙන් උදවු ලැබේ. සිකුරාදා දින අධික ලාභ ලැබීමට මුදල් යෙදීමට සුබ වෙයි.

ඔබ මකර ලග්නයෙන් උපන්නේ නම් සුදු / රතු හා නිල් වාසනාවන්ත වර්ණ වන අතර කහ හා ක්‍රීම් වර්ණවලින් වළකින්න. සුදු වාසනාවන්ත දරුවන් ලැබෙන අතර මුදල් ලාභ සහිත වේ. ව්‍යාපාරවලින් නොසිතූ ලාභ ලැබෙන අතර සිකුරාදා / අඟහරුවාදා හා සෙනසුරාදා සුබ දවස් වේ. බදාදා ජය ගන්නා දිනයකි. බ්‍රහස්පතින්දා හා ඉරිදා වියදම් අධික වේ.

ඔබ කුම්භ ලග්නයෙන් උපන්නේ නම් කහ / රතු / සුදු හා ක්‍රීම් පාට වාසනාවන්ත වේ. කහ පාට ආදායම වැඩිවීමට හා ප්‍රීතිමත් පවුල් ජීවිතයකට සුබ වේ. රතු පාට සතුරන්ගෙන් ජය ගැනීමට හා කීර්තියට සුබ වෙයි. බ්‍රහස්පතින්දා / සිකුරාදා / අඟහරුවාදා යන දින කුම්භ ලග්නයට ඉතාමත් සුබ වේ. බදාදා හා ඉරිදා එතරම් සුබ නොවන අතර මුදල් යෙදවීම් අසුබ වෙයි.

ඔබ මීන ලග්නයෙන් උපන්නේ නම් රෝස / රතු හා ඔරේන්ජ් වර්ණවලින් වළකින්න. සුදු / කොළ හා ක්‍රීම් වර්ණයන් සහකරුවාට සුබ වන අතර මීන ලග්නයේ අයට මෙම වර්ණයන් සුබ නොවේ. බ්‍රහස්පතින්දා රක්ෂාවට හා කීර්තියට සුබ වන අතර අඟහරුවාදා දීර්ඝ ගමන් හා මිල - මුදල් කටයුතු සඳහා සුබ වේ.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top