"අනේ අපි මාතර නතර වෙන්න තැනක් බැලුවා.. පස්සේ බලනකොට එතන කැරපොත්තෝ.. ඒක නිසා අපි එතනින් ආවා.. අපිට වෙන ඉන්න පුළුවන් කාමරයක් ඒ ලැගුම්හලේ තිබ්බේ නෑ.."
මේ විදෙස් ජාතිකයින් දෙදෙනා ශ්‍රී ලාංකික තරුණයාට පැවැසූ කතාවයි.. කොහොම වුණත් මේ විදිහට විදෙස් ජාතිකයින් දෙදෙනෙක් පාරේ දාලා යන එක හොඳ මදි නිසා මේ තරුණයා තවත් තරුණයෙක් සමඟ නවාතැන් සොයන්න පිටත් වුණා..
පාන්දර 1.30 ට විතර නවාතැනක් හොයලා දීලා තමයි එතනින් ඇවිත් තියෙන්නේ.. කොකොමහරි ආයෙත් දවසක මේ තරුණයා ගිහින් වුණ අපහසුතාව ගැන මේ විදෙස් ජාතිකයන්ගෙන් සමාව ඉල්ලලා.... එතකොට එයාලා කියලා තිබ්බේ මෙන්න මෙහෙම කතාවක්...
"ඒකට කමක් නෑ ඒකට ඔයා සමාව ගන්න ඕන නෑ, ඒ වෙච්ච අවාසනාවන්ත සිද්ධිය නිසා අපිට ලොකු වාසනාවාක් හම්බවුනා, ඒ තමයි ඔයාලව මුනගැහුනු එක. ලංකාවට ආපු මේ ගමන ඔයාල තව 10 ගුනයකින් සුන්දර කරා"