හැබැයි දැන් මාස පහක විතර ඉඳන් මේ ලස්සන ගම්මානයට යන සංචාරකයින්ට වගේම ගම්වැසියන්ටත් හරිම කරදරකාරී කාලයක් උදා වෙලා තියෙනවා කියලා අපිට ආරංචි වුණා.
මතකද පහුගිය කාලේ ආපු 'දිට්වා' සුළි කුණාටුව? ඒ කුණාටුවෙන් උඩුදුම්බර මීමුරේ ගම්මානයට යන පාරට සෑහෙන හානි වෙලා. ඒ වෙච්ච විනාශයෙන් පස්සේ මාස 5ක්ම ගත වෙලා තිබුණත්, අද වෙනකම්ම මේ පාර හදලා බස් රථයක් ධාවනය කරන්න බලධාරීන් පියවර අරගෙන නැති එක තමයි ලොකුම ප්‍රශ්නය වෙලා තියෙන්නේ.
මීමුරේ කියන්නේ පවුල් 400ක් විතර ජීවත් වෙන ගමක්. මේ මිනිස්සුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය තමයි එහේ එන සංචාරකයෝ. පාර හරියට නැති නිසා සංචාරකයෝ එන එක අඩු වෙලා, ගමේ මිනිස්සුන්ගේ ආර්ථිකයටත් ලොකු පහරක් වැදිලා තියෙනවා. ගම්වැසියන් කියන්නේ පාර ඉක්මනින් හදලා දීලා සාමාන්‍ය විදියට ගමනාගමන කටයුතු කරන්න ඉඩ හදලා දෙන්න කියලයි.
දැනට මීමුරේට යන්න තියෙන්නේ විල්වත්ත ප්‍රදේශයට එන ලංගම බස් රථයෙන් විතරයි. එතැන් සිට වෑන් රථ තුනක් ගමන් වාර 6ක් දිනකට ධාවනය කරලා මිනිස්සුන්ගේ ප්‍රවාහන වැඩ ටික කොහොම හරි කරලා දෙන්න උත්සාහ කරනවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ.
කොහොම වුණත් මීමුරේ වගේ සුන්දර සංචාරක කලාපයකට යන පාර මේ විදියට අබලන් වෙලා තිබීම ලොකු අඩුවක්.