2012 වර්ෂයේදී කැලණිය විශ්ව විද්‍යාලයේ හා රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ජීවිතක්ෂයට පත්වන්නේ ගම්පහ ඉඹුල්ගොඩ ප්‍රදේශයේදි. ජානක බණ්ඩාර හා සිසිත ප්‍රියංකර වන ඔවුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්වන්නේ යතුරු පැදි අනතුරකින් බවයි පොලිසිය පැවසුවේ.
එම අනතුර සැලසුම් සහගතව කළ එකක් බව අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පොලිසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබුණා. මේ සිදුවීම සම්බන්ධයෙන් අගතියට පත්වූ පාර්ශවයේ ඉල්ලීම මත මෙහි පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදුන් බව පොලිස් මූලස්ථානය ඊයේ නිවේදනය කර තිබුණා.
මෙය මිණීමැරුමක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළා.
ඔහු දැක්වූ අදහස් පහතින්....
‘‘ඒ ශිෂ්‍යයෝ දෙන්නා මියගිය අවස්ථාවේ සිටම හැම දෙනාම මතු කළා මේක මිනී මැරුමක් කියලා. එතනට විනිශ්චකාරවරයා එන මොහොත වනවිට සියලු සාක්ෂි මැකුවා පොලිසිය මැදිහත් වෙලා. ගිය අවුරුද්දේ ශිෂ්‍ය ව්‍යාපාරය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළා මේ සම්බන්ධව මැදිහත් වෙන්න කියලා. ඒත් මැදිහත් වුණේ නැහැ. දැන් පොලිස්පතිවරයා කියනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පරීක්ෂණ බාරදීලා තියෙනවා මාර දෙයක් වෙයි කියලා.
පොලිස්පති උගුරට බෙහෙත් කන්න ඕනේ නැහැ. එයා දන්නවා මේක මිනී මැරුමක්, කවුද මැරුවේ කියලා දන්නවා. මේ සැලසුම් කරන ලද රිය අනතුරු අපට නැවත බල කරන්න තියෙන්නේ මේ ගැන පරීක්ෂණ කරනවා කියලා සංදර්ශන විකාර කර කර ඉන්නේ නැතුව අත්තට පරීක්ෂණ කරලා පෙන්වන්න. තාජුඩීන් ඝාතනය ගැන ලොකු කතාවක් කිව්වා පරීක්ෂණ නැහැ. ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගැන අවුරුද්දක් ගිහිල්ලත් මුකුත් පරීක්ෂණ නැහැ. එක පාරට ඔන්න දැන් චිත්‍ර දෙකක් එළියට දාලා තියෙනවා. හොයන්න අපිට ඔත්තුවක් දෙන්නත් පුළුවන්. මාධ්‍යවලින් මතු කළා මේ මිනීමැරුම්වලට සම්බන්ධයි කියලා කැප්ටන් තිස්ස කියලා කෙනෙක්. එයාගේ පින්තූරේ තමයි එක චිත්‍රයක තියෙන්නේ. දැන් පොලිසිය අලුතින් ඉගෙන ගත්තා වගේ චිත්‍රයක් ඇදලා දාලා තියෙනවා.‘‘VIDEO