Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
06
"ගයේෂා ඇගේ මුළු ආත්මයම මේ වෙනුවෙන් කැප කළා... නිරුවත්ව හිටියා කියලා අසැබි වෙන්නේ නෑ...." ඉගිල්ලෙන මාළුවෝහි ආන්දෝලනාත්මක ජවනිකාවකට පණදුන් ගයේෂා ගැන කියන කතාව - Photos

- "ගයේෂා ඇගේ මුළු ආත්මයම මේ වෙනුවෙන් කැප කළා... නිරුවත්ව හිටියා කියලා අසැබි වෙන්නේ නෑ...." ඉගිල්ලෙන මාළුවෝහි ආන්දෝලනාත්මක ජවනිකාවකට පණදුන් ගයේෂා ගැන කියන කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

28 Views

"කාන්තාවක් නිරුවත්ව සිටියා කියලා ඒක අසැබි වෙන්නේ නැහැනේ.

ඒක අසැබි වෙන්නේ ඒක අපි ප්‍රකාශ කරන මානයත් අනුවයි..."


Flying Fish ගැන මේ දිනවල වැඩි කතාබහක් ඇතිව තිබෙනවා. ඔන්න ඉතින් ඒ ගැන සති අන්ත පුවත්පතකට එය අධ්‍යක්ෂණය කළ සංජීව පුෂ්පකුමාර මේ විදියට අදහස් දක්වලා තිබුණා.

● පසුගිය කාලයේ වාරණයට ලක්වූ ඉගිල්ලෙන මාළුවෝ චිත්‍රපටය Directors Cut ලෙස තිරගත කරනවා නේද?

අපි මේ චිත්‍රපටය නිර්මාණය කළේ 2011 වසරේ. මේ චිත්‍රපටය අන්තර් ජාතික වශයෙන් ප්‍රසාදයට ලක් වුණාට ලංකාවේ තිරගත කරන්න බැරි වුණා. ප්‍රංශ සිනමා උළෙලේ දී තිරගත කරන්න හැදුවහම ඒ වෙලාවේ මෙය තහනමට ලක් වුණා. මේ චිත්‍රපටයේ එක පිටපතක් මොනයම් හෝ හේතුවක් නිසා එළියට ගියා. නමුත් ඒක ඔරිජිනල් චිත්‍රපටය නෙමෙයි. ඒ එළියට ගියේ රෆ් කට් එක. පසුව මිනිස්සුන්ට මේක බලන්න හම්බවුණේ නෑ. හැබැයි දැන් ඔරිජිනල් ෆිල්ම් එක තමයි තිරගත කරන්නේ. මිනිස්සු දැකලා තිබෙන රෆ්කට් එකට වඩා ඔරිජිනල් චිත්‍රපටයේ විශාල වෙනස්කම් කිහිපයක් තිබෙනවා.

● එළියට ගිය චිත්‍රපටය නෙමෙයි දැන් තිරගත කරන්නේ?

පැහැදිලිව ම උදාහරණයක් විදිහට ඒකේ සිංහල දෙමළ උපසිරැසි නැහැ. දැන් අපි තියටර් එකේ බලන්න යන චිත්‍රපටයේ උපසිරැසි තිබෙනවා.

● ඇත්තටම මේක හදන්න සල්ලි දුන්නේ කවුද?

ඇත්තට ම මනෝ නානායක්කාර කියන මහත්මයා ගේ ආයතනයක් තිබෙනවා ඒෂියා ඩිජිටල් කියලා ඒ ආයතනයෙන් තමයි චිත්‍රපටය හදන්න ලක්‍ෂ 25ක මුදලක් ලබාදුන්නෙ. බොහෝ අය මේකට වැඩ කළේ නොමිලේ වගේ තමයි. ඊට පසුව මේ චිත්‍රපටයේ පසු නිෂ්පාදන කටයුතු සඳහා නෙදර්ලන්තයේ රොටර් ඩෑම් සිනමා උළෙලේ අරමුදලකින් තමයි ඉතිරි මුදල ලැබුණේ. එච්චරම තමයි මේකේ තිබුණු සම්බන්ධය. කිසිම පුළුල් අවබෝධයක් නැතිව ඔහේ හිතට එන දේවල් ලියන පිරිසක් කියන පිරිසත් නිසා තමයි මේ අර්බුදය ඇති වුණේ.

● ඒ වෙලාවේ ඔබට කලකිරීමක් ඇති වුණේ නැතිද?

මේ සිදුවීම වෙනකොට මම මගේ පශ්චාත් උපාධිය හදාරන ගමන් සිටියේ කොරියාවේ. මම කවදාවත් ජීවිතේ කලකිරිලත් නැහැ. අනික එහෙම කලකිරෙන කෙනෙකුත් නෙමෙය.ි තවත් දෙයක් තමයි අපේ වගේ රටවල් ධෛර්යක් සහ අරමුණක් නැති වුණොත් ජීවත් වෙන්න අමාරුයි. මොකද තමන් ජීවත් වෙන පරිසරය ඇතුළේ තමන්ට අවශ්‍ය අරමුණ කරා යන්න පරිසරය හැදිලා නැහැ. තවත් දෙයක් තමයි එහෙම කලකිරෙන කෙනකුට කලාකරුවෙක් වෙන්න අමාරුය.ි තමන් යම්කිසි විෂන් එකක් අරමුණක් වෙනුවෙන් ඉන්නවා නම් කලකිරෙන්නේ නැහැ.

● දැන් චිත්‍රපටය තිරගත කරන හින්ද මේ වෙලාවේ ලැබෙන්නේ මොනවගේ ප්‍රතිචාර ද?

මම හිතනවා චිත්‍රපටය බලන්න මිනිස්සු ආවොත් අපිට විශාල ප්‍රතිචාරයක් ලැබේවි කියලා. එළියේ තිබෙන ඉල්ලීගල් කොපි එකයි රෆ් කට් එකයි අතහැරලා නියම සිනමා රසාස්වාදයක් ලබන්න මේ චිත්‍රපටය නරඹයි කියලා හිතනවා.

● ලංකාවේ හමුදාව අපකීර්තියට පත්කරන්න හදපු චිත්‍රපටයක් කියලත් කතාවක් පැතිරුණා නේද?

මේ චිත්‍රපටයේ කතා තුනක් තිබෙනවා. දැන් එතකොට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී සංවිධානය සම්බන්ධයෙන් තිබෙන කතාව ගැන මොකද කියන්නේ. දැන් එල්ටීටීඊ සංවිධානය කැමැති වෙයිද ඒ ආධ්‍යානයට. අපිට බැහැ සමාජයේ විවිධ පුද්ගලයෝ හා ආයතනය කැමැති වෙන විදිහේ නිර්මාණ කරන්න. අපි නිර්මාණයක් කරන්නේ ඒ නිර්මාණය කරන කෙනාගේ හෘද සාක්‍ෂියට එකඟවයි. මේක මගේ හිතළුවක් විතරද එහෙම නැතිනම් මනුෂ්‍ය ජීවිතයේ මුහුණ දෙන ගැටලු නෙමෙයිද මේ චිත්‍රපටයේ තිබෙන්නේ.

● මේක ඇත්තට ම ඔබේ හිතළුවක් නෙමෙයි එහෙම ද?

නැහැ. මේක මගේ හිතළුවක් නෙමෙයි. දැන් මගේ ගම ත්‍රිකුණාමල ය. මේ ගම ඇතුළේ අපේ ජීවිතය ගතවෙච්ච ආකාරයේ එක්තරා මොහොතවල් කිහිපයක් තමයි මේ චිත්‍රපටයේ තිබෙන්නේ. ඒකට මම අධ්‍යක්‍ෂවරයෙක් විදිහට කලාකරුවෙක් විදිහට මගේ පරිකල්පන ශක්තිය අධ්‍යාපනය යොමු කරලා කලාත්මක ප්‍රකාශයක් විදියට ඒක කරල තිබෙනවා. එහෙම නැතිව මම ඒකෙ දේශපාලනඥයකුගේ කාර්යභාරයක් කරලා නැහැ. අනික මට තනි ආයතනයක් පුද්ගලයෙක් විවේචනය කිරීමේ වුවමනාවක් නෑ.

● වැඩිහිටියන්ට පමණයි. අසැබි දර්ශන ඇතුළත් නිල් චිත්‍රපටයක් වගේ කියපු අවස්ථාවක් තිබුණා නේද?

ඒ කියපු අයට දැන් මේ චිත්‍රපටය ඉතාම හොඳින් බලන්න පුළුවන් ඒවා එහෙමද කියලා. දැන් ගොඩක් අය කිසිම සෙවිල්ලක් බැලිල්ලක් නැතිව මේ චිත්‍රපටය විවේචනය කළා.

මේ චිත්‍රපටය තහනම් කරපු වෙලාවේ මගේ යාළුවකුගේ තාත්තා කෙනෙක් කියලා තිබුණා දැක්කද අර එකෙක් දේශද්‍රෝහී චිත්‍රපටයක් හදල නේද කියලා අහල තිබෙනවා. මගේ මිත්‍රයා අහලා තිබෙනවා තාත්තා චිත්‍රපටය බැලුව ද නැතිනම් පෙන්වන්න ද කියල. නැහැ නැහැ මට ඕනෑ නැහැ මාධ්‍යයෙන් ඕක ගැන ඔක්කොම කිව්වනේ කියල මිනිස්සු මේක තීරණය කළේ මාධ්‍ය මගින් ගිය ප්‍රවෘත්ති නරඹලා. නැතිව මේ චිත්‍රපටය නරඹලා නෙමෙයි.

● මොකද මේ චෝදනා ගැන හිතන්නේ?

කාන්තාවක් නිරුවත්ව සිටියා කියලා ඒක අසැබි වෙන්නේ නැහැනේ. ඒක අසැබි වෙන්නේ ඒක අපි ප්‍රකාශ කරන මානයත් අනුවයි.

● ගයේෂාට සහ සම්පත්ට පිටපත අතට දුන්නහම පස්සේ ඔවුන් මොනවද කිව්වේ?

මම මුලින් ම ගයේෂා පෙරේරා ගැන දැනගෙන හිටියේ නැහැ. සම්පත් මම මුලින්ම කාස්ට් කළා. අපි වෙන නිළියන් කිහිප දෙනෙක් බලන කොට තමයි ගයේෂාගේ නම සම්පත් යෝජනා කළේ. ගයේෂාට කතා කළහම එයා ඒකට කැමති වුණා. මොකද ඇත්තටම ඒ ගැන එයාට අවබෝධයක් තිබුණා. මම හිතන්නේ නැහැ ගයේෂා කරපු චරිතය කිසිම නිළියක් අදත් කරයි කියලා. හිතාගන්න අමාරුය.ි ඒ තරම් ප්‍රබල රංගනයක් ගයේෂා ඇගේ මුළු ජීවිතයම ආත්මයම මේ චිත්‍රපටය වෙනුවෙන් කැප කළා. සම්පතුත් ඒ හා සමානයි. මේ දෙදෙනා වගේම කෞෂල්‍යා ප්‍රනාන්දු, වසන්ති රන්වල ගේ ලොකු කැපකිරීමක් සිදුකළා. මට මොවුන් සමග වැඩ කිරීම ගැන ඇත්තට ම සතුටු වෙනවා.

● චිත්‍රපටය තිරගත වෙනවෙලේ ගයේෂා, සම්පත් මොකද කියන්නේ?

චිත්‍රපටය කරන කාලේ අපි අතර කිසිම ගැටුමක් තිබුණේ නෑ. චිත්‍රපටය කරලා මේ අර්බුදය එනකොට විවිධ අය විවිධ දේවල් එක එක්කෙනාගේ ඔළුවලට දැම්මා. මොකද මම ඒ කාලේ ලංකාවේ හිටියෙත් නැහැනේ. සමහර අය විවිධ විදියට ඒවා අර්ථකථනය කළා. නමුත් අපි අතරේ කිසිම ගැටලුවක් අද වෙනකම් ඇතිවෙලා නෑ. ඇත්තට ම මටත් වඩා ගයේෂාට සම්පත්ට මේ චිත්‍රපටය තිරගත කිරීමේ දැඩි වුවමනාවක් තිබෙනවා. මේ වෙලාවේ චිත්‍රපටයක් තිරගත කරනවා කියන්නේ ලොකු අභියෝගයක්. එළියට ගියා කියලා හිතන චිත්‍රපට නැවත සිනමාශාලාවකට ගෙන්වන්න ප්‍රේක්‍ෂකයෝ කැමැති කරවා ගන්නවා කියන්නෙත් ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි. ඒ අභියෝගය මම භාර ගත්තෙත් ඒ නිසා ම තමයි.

● මේ අභියෝගයට මුහුණ දෙන්න ඉන්නේ මොනවගේ සූදානමකින්ද?

මගේ මූලික අරමුණ තමයි මේගොල්ලෝ කරපු කැපකිරීම, මහන්සියේ ප්‍රතිඵල රටට කිව යුතුයි. සිනමාකරුවකුට චිත්‍රපටයක් තමන්ගේ රටේ තිරගත කරගන්න බැරි වෙනවා කියන්නේ ඒක ඉතාම ඛේදනීය අවස්ථාවක්. ඒ ඛේදනීය බවෙන් මිදෙන්න තමයි මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්නේ. අපි කොහොම හරි අවුරුදු දහතුනකට පස්සේ මේ චිත්‍රපටය ලංකාවේ පෙන්වනවා.

● දිනේෂ් විතාන
දිවයින



Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top