අත්අඩංගුවට නොගැනීමට හේතුව ප්‍රධානම සැකකරුවන් දෙදෙනා පොලිස් මූලස්ථානයේ සේවය කිරීමලු...
සාදයක් අතරතුර පොලිස් පහරදීමකින් මියගියා යැයි පැවසෙන තරුණයාගේ මරණ පරීක්ෂණයේ සාක්ෂිවලින් අනාවරණය වූ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත්වරයා නියෝග කර පැය 24 කටත් වඩා වැඩි වුණත් මේ වන තෙකේ කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැති බවයි වාර්තා වන්නේ.
සැකකරුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසියට උසාවි නියෝග අවශ්‍ය නැති බවත්, නීතියේ හැටියට සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ බලය පොලිසිය සතු බවත් නීතිඥවරුන් පවසනවා. මෙසේ සැකකාර නිලධාරීන් අත්අංගුවට ගැනීමට ප්‍රමාද වන්නේ සිද්ධියේ ප්‍රධානම සැකකරුවන් දෙදෙනා පොලිස් මූලස්ථානයේ සේවය කිරීම බවයි ඔවුන් පවසන්නේ.
අධිකරණය දීපු නියෝග ක්‍රියාත්මක නොකිරීමට තරම් පොලිසිය අද බලවත් වී ඇති බවත් මෙය ඉතා කනගාටුදායක තත්ත්වයක් බවත් ඔවුන් වැඩිදුරටත් පවසනවා. දිගින් දිගටම පොලිසිය මේ අයුරින් ක්‍රියා කළහොත් මහජනතාව අතර කැලඹීමක් ඇතිවිය හැකි බවත් නීතිඥවරුන් පවසනවා. එම නිසා මේ සිද්ධිය පොලිස් දෙපාර්තමේන්තුවටම මහා නිග්‍රහයක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
මේ අතර මහේස්ත්‍රාත් නියෝගයෙන් පසු ඇඹිලිපිටිය නගරයේ ජනතාව රතිඤ්ඥා පත්තු කළ බවද වාර්තා වනවා.