බොලිවුඩයේ හිතුවක්කාරයා සල්මන් ඛාන්ගේ රහසිගත පෙම් සම්බන්ධකම් ගැන එකෝම එක කතාවක් විතරක් අපි ඔබට ඊයේ කිව්වා.
ඒ, සලා නොහොත් සල්මන් සහ අයිශ්වර්යා අතර සිදුවූ පෙම් කතාන්දරය.
අද අපි කියන්න හදන්නේ සල්මන් සහ කත්‍රිනා කයිෆ් අතර ප්‍රේම කතාව යි.
කවුරු කොහොම පිළි නොගත්තා වුණත් බොලිවුඩයේ වඩාත් පැහැදිලි සහ ජනප්‍රියතම ආදර කතාව වුණේ සල්මන් සහ කත්‍රිනාගේ ආදර කතාවයි.
Maine Pyaar Kyun Kiya? කියන 2005 වසරේ තිරගත වූ හින්දි චිත්‍රපටයෙන් තමයි මේ දෙන්නගේ ආදර කතාව පටන් ගන්නේ.
ඒක කොච්චර ප්‍රබල සම්බන්ධයක් ද කිව්වොත් වරක් කත්‍රිනාගේ උපන්දින සාදයේ දී සල්මන්, ෂාරුක් සමඟත් රණ්ඩු කරගන්නවා.
ඒක වසරේ ආන්දෝලනාත්මක මාතෘකාව බවට පත්වුණා.
ඒ විතරක් නෙවෙයි, ෂාරුක් - සල්මන් කාලයක් විරසක වෙන්නත් මේක හේතුවක් වුණා.
හැබැයි....
කළකිරුණේ ෂාරුක් විතරක්ම නෙවෙයි, කත්‍රිනාත් මේ සිද්ධියෙන් පස්සෙ සල්මන් කියන හිතුවක්කාරයා එක්ක තිබ්බ පෙම් සම්බන්ධතාවයට නැවතීමේ තිත තියනවා.
අනතුරුව ඇය රන්බීර් කපූර් සමඟ පෙම් සම්බන්ඳතාවයක් පටන් ගන්නවා.
(දැන් නම් ඇය විවාහ වෙලා ඉන්නෙ විකී කෟෂාල් එක්ක)
කත්‍රිනාගේ විවාහයත් සල්මන්ව වේදනාවට පත් කළ එකක් බව රහසක් නෙවෙයි.
සරල විවාහයක් වූ කත්‍රිනාගේ විවාහයට පවා හිතුවක්කාර සල්මන්ට ආරාධනාවක්වත් ලැබුණේ නැහැලූ..!!
පව් ඉතින් අසරණයා..!!
තොරතුරු අන්තර්ජාලයෙන්...