අද පෙරවරුවේ පොලිසියට භාර වීමෙන් පසු අත්අඩංගුවට ගත් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
අධිකරණ කටයුතුවලට බාධා කිරීමේ චෝදනාව මත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගන්නා ලෙස හෝමාගම මහේස්ත්‍රාත්වරයා ඊයේ නියෝග කළා.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව පැවැත්වෙන නඩුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ විභාගයට ගැනුණු අතර නඩු විභාගයට මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ ද පැමිණ සිටියා.
නඩුව විභාග වන අවස්ථාව දැක බලා ගැනීම සඳහා බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු පිරිසක් ද එම ස්ථානයට පැමිණ තිබෙනවා.
නඩු විභාගය අවසන් වීමෙන් පසු ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ ඉන් පිටතට පැමිණි අවස්ථාවේදී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇයට තර්ජනයක්ද කර ඇති බව වාර්තා වුණා.
ඒ පිළිබදව ඇයගේ නීතිඥයින් අධිකරණයට දැන්වීමෙන් පසු පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.