Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
24
මළගෙදර වියදම් පියවන්න හයර් දුවපු වාහනෙත් විකුණලා දුව මතක් වෙන නිසා ගෙදරත් දාලා ගිය සේයාගේ අම්මා දැන් කියන කතාව

- මළගෙදර වියදම් පියවන්න හයර් දුවපු වාහනෙත් විකුණලා දුව මතක් වෙන නිසා ගෙදරත් දාලා ගිය සේයාගේ අම්මා දැන් කියන කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7 Views

‘‘ගෙට පැනලා කිරි දරුවො උස්‌සගෙන යන්න තරම් තිරිසන්නු
ගමේ හිටියද කියලා හිතුවෙත් නෑ. අපිට වැරැදුණා.
ඒත් ගමේ මිනිස්‌සු අපිට කට කතා ගෙතුවේ දරුව අපි අරගෙන යන්න දීලා වගෙයි.‘‘
 
‘‘සේයා‘‘ කියන්නේ අපේ රටේ අස්සක් මුල්ලක් නෑර මිනිස්සුන්ගේ ඇස් ඇරපු පුංචි දැරියක්. අපේ රටේ මරණ දඬුවම ආයෙත් ක්‍රියාත්මක කරවන්න ඕනි කියන කතාව එළියට අරන් ආව දැරියක්. ඇයගේ ඝාතකයා හොයාගන්නකම් මිනිස්සු ඇස් ඇරගෙන බලන් හිටියේ ඒ වගේ අපරාධ ආයෙත් මේ රටේ කාටවත් නොවෙන විදියේ දඬුවමක් ඔහුට ලැබෙයි කියලා හිතාගෙන.

අන්තිමට සමන් ජයලත් කියන ඒ නරුම ඝාතකයා පොලිසියට කොටු වුණාම මිනිස්සු ඔහුට මරණ දඬුවම දෙන්න කියලයි රටපුරා පාරවල් ගානේ උද්ඝෝෂණ කළේ. ඔය අතරේ සේයාගේ මරණයට වගකියන්න ඕනි නැති වුනත් පොලිසියේ අත්අඩංගුවට පත්වෙලා පස්සේ නිදහස් වුණු කොණ්ඩයා එහෙමත් නැත්තම් දුනේෂ් ප්‍රියශාන්ත ගැන රටම කතා වුණේ ඔහුට වුණු අසාධාරණයට පොලිසිය වගකියන්න ඕනි කියන කතාව මුල්කරගෙන.



ඒ අස්සේ සේයාව, සේයාගේ පවුල දන්නෙම නැතිව ගොඩක් මිනිස්සුන්ට අමතක වෙලා ගියා, සිද්ධ වුණු දේවල් එක්ක මැවුණු කටකතා නිසා ඔවුන්ට පාරේ බැහැලා යන්න බැරි තත්වයක් උදාවුණා. ඒත් දැන් කවුරුත් එයාලා ගැන හොයලා බලන්නේ නෑ.

මේ ගැන සේයාගේ අම්මා මේ වෙනකොට පුවත්පතකට කියලා තියෙනවා. මුළු රටක් ඇඟිල්ල දික් කළේ ඇයටයි.. ඇයගේ නොසැලකිල්ල නිසා සේයාට මේ ඉරණම අත්වුණු බවයි. මුළු ලොවකගෙන් ලැබෙන අපවාද ඇයට නිහඬව අසා  සිටින්නට සිද්ධවුණි. වාවගත නොහැකි දරු දුකින් හදවත විලාප දි හැඬුවත් ලෝකයාට එය පෙනුනේ නැත.  ‘‘සේයා‘‘ පුංචි සමනලිය නැවත එන්නේ නැත. ඇය කාමාතුරයෙකුගේ බිල්ලක් වී මරු තුරුළට ගොස් අවසානය.

සියල්ල මතකයට එක්වෙද්දි මේ සේයාගේ මව කියන කවුරුත් නොදත් තවත් කතාවකි....

"මගේ මහත්තයා ඉංග්‍රීසි ගුරුවරයෙක්‌. මහත්තයට හොඳ වැටුපක්‌ ලැබුණා. ඒ නිසා මහත්තයා මාව ජොබ්වලට යෑව්වේ නෑ. අපි බොහෝම ලස්‌සනට ජීවත් වුණා. නොහිතපු වෙලාවක මහත්තයාගේ ජොබ් එක නැති වුණා. ජීවත් වෙන්න තිබුණු එකම ආදායම් මාර්ගය නැති වුණාට පස්‌සේ අපි අන්ත අසරණ වුණා. මහත්තයා වෙල්ඩින් වැඩ කරන්න පටන් ගත්තා. ඒ රස්‌සාවෙන් ලොකු ආදායමක්‌ ලැබුණේ නැති නිසා මමත් ජොබ් එකකට ගියා. රජයේ රැකියාවක්‌. පස්‌සේ මහත්තයටත් ඉන්ටර්නැෂනල් ස්‌කූල් එකක ගුරුවරයෙක්‌ විදිහට වැඩ කරන්න ලැබුණා.

අපිට තිබුණු ප්‍රශ්න ටික, ටික අඩු වෙලා ආයෙමත් අපි යථා තත්ත්වයට පත් වෙන්න පටන් ගත්තා. අපි හොඳට ඉන්නවා බලාගෙන ඉන්න බැරි මිනිස්‌සු මහත්තයා උගන්නපු ස්‌කූල් එකට ගිහින් බොරු කේලම් කියලා මහත්තයගේ ජොබ් එක නැති කළා. පස්‌සේ මහත්තයා බැංකු ණයක්‌ දාලා වෑන් එකක්‌ අරගෙන ගාමන්ට්‌ එකකට දාල හයර් කළා. ගාමන්ට්‌ එකේ ළමයින්ව ගෙවල්වලට බස්‌සලා මහත්තයා එන්නේ රෑ දෙගොඩ යාමේ. මහත්තයා එනකම් අපි ගෙදර ඉස්‌සරහා දොරේ යතුර දාන්නේ නෑ. මහත්තයා ඇවිත් නිදාගන්න යනකොට තමයි දොරේ අගුල දාන්නේ. අපේ ගමේ ගෙවල්වලට පනින හොරු හිටියේ නෑ. ඒ නිසා බය නැතුව අපි නිදා ගත්තා. ඔය සිද්ධිය වෙන දවසෙත් දොර ලොක්‌ කරන්නේ නැතිව තමයි නිදා ගත්තේ. එදත් දරුවො නිදාගත්තට පස්‌සේ, ගෙදර වැඩ කරලා ඉවරවෙලා රෑ දහයමාර වෙනකම් මම ටී.වී. බලලා තමයි නින්දට වැටුණේ."...

"ඇඳන් දෙකක්‌ එකතු කරලා අපි පස්‌ දෙනා නිදාගන්නේ එකට. දරුවො තුන්දෙනාම මට තුරුලු වෙලා නිදාගන්නේ. නින්දෙන් තමයි එහාට මෙහාට වෙන්නේ. සේයා දුව මහ රෑට හිටපු ගමන් ආච්චි අම්මා ළඟට දුවනවා. එදත් මහත්තයා නිදාගන්න හදනකොට සේයා කෝ කියලා ඇහුවා. මම කිව්වා අම්මා ළඟට ගිහින් ඇති කියලා. කවුද දන්නේ දුවව හොරු අරන් ගිහින් කියලා. මමත් රස්‌සාවක්‌ කරන ගෑනියෙක්‌. රස්‌සාවයි, දරුවන්ගේ වැඩයි, ගෙදර වැඩයි සේරම කරනකොට තියෙන මානසික පීඩනය ජොබ් කරන ගෑනු හොඳට දන්නවා. ඒත් මම දරුවො ගැන හොඳට සොයා බැලුවා. රෑට දරුවො ඇහැරෙන හැම වෙලාවකම මමත් ඇහැරෙනවා. එදා මොන හේතුවක්‌ නිසා මර නින්දට වැටුණද කියලා අදටත් මට හිතාගන්න බෑ. ජනේලය වහන්න බැරි වෙච්ච එක මගේ වරදක්‌. මීට කලිනුත් ඕන තරම් ජනෙල්වල අගුල් දාන්න අමතක වෙලා අපි නිදාගෙන තියෙනවා. හොරුන්ට අපේ ගෙට පැනලා ගන්න දෙයක්‌ තිබුණේ නෑ.

ගෙට පැනලා කිරි දරුවො උස්‌සගෙන යන්න තරම් තිරිසන්නු ගමේ හිටියද කියලා හිතුවෙත් නෑ. අපිට වැරැදුණා. ඒත් ගමේ මිනිස්‌සු අපිට කට කතා ගෙතුවේ දරුව අපි අරගෙන යන්න දීලා වගෙයි. මගේ තුරුලේ ඉන්නකොට දුව උස්‌සගෙන ගිහින් කිව්වා. ළමයි ගැන මම හොයලා බලන්නේ නෑ කියලා කිව්වා. දරුවො ගැන හොයා බලපු හැටි දන්නේ මම විතරයි. අපිට මොන අගහිඟකම් තිබුණත් දරුවො තුන්දෙනාට කිසිම අඩුවක්‌ කළේ නෑ. අපි නොකා හරි දරුවො ඉල්ලන හැම දේම දුන්නා. මම රස්‌සාවකට ගියෙත් දරුවො නිසා තමයි. ඒ අයට හොඳට උගන්වන්න. කන්න අඳින්න දෙන්න. රස්‌සාවක්‌ කරනකොට ආයතනයේ නීති රිතීවලට යටත් වෙන්නත් ඕනෑ. ඕන, ඕන විදිහට නිවාඩු ගන්න බෑ. ඒ වගේ හේතු නිසා පුංචි අතපසුවීම් නොවෙන්න දරුවන්ට මගෙන් වෙන්න ඕනෑ යුතුකම් පැහැරහැරියේ නෑ. දවල් දවසට අම්මා දරුවො බලා ගත්තට මම ගෙදර ආපු වෙලාවේ ඉඳලා දරුවො තුන්දෙනාගේ හැම දෙයක්‌ම හොයලා බැලුවා. ඒත් ගමේ මිනිස්‌සු කියලා තිබුණේ දරුවො හැදුවේ අම්ම, මම දරුවො ගැන සොයල බලන්නෙත් නෑ කියල කිව්වා. මම දරුවන්ව එළියේ නිදි කරලා තියලා දරුවා අරගෙන ගියේ නෑ. ගෙට පැනලා ඇඳේ නිදාගෙන ඉන්නකොටයි දරුවා අරගෙන ගිහින් තිබුණේ...

"දුවගේ ඝාතනයත් එක්‌ක මට විශාල පීඩනයක්‌ ආවා. මම හීනෙකින්වත් හිතපු නැති දේවල් ගමේ මිනිස්‌සු මට කිව්වා. සේයා දුව මගේ මහත්තයගේ නෙමෙයි කියලත් කියලා තිබුණා. ඒක කවුරුවත් කියන්න ඕන නෑ මගේ මහත්තයා දන්නවා. අපි ගැන අපිට හොඳ අවබෝධයක්‌ තියෙනවා. මම ජීවිතේට කිසිම වරදක්‌ කරලා නෑ. මම ළඟින් ඇසුරු කරපු අය ඒ දේවල් දන්නවා. මම ගැන දන්න මිනිස්‌සු මට ගැරහුවේ නෑ. අපේ ගමේ අපිට කුහකකම් කරන මිනිස්‌සු තමයි මට එක, එක කතා ගෙතුවේ. මාධ්‍යයට දුන්නේ. මාධ්‍යවලින්, කට කතාවලින් ඒ දේවල් පැතිරෙනකොට මට පාරේ බැහැලා යන්න බැරිව ගියා. සමහර මිනිස්‌සු මගේ දිහා බැලුවේ සතෙක්‌ දිහා බලන්න වගෙයි. මගේ හිතේ තියෙන දුක තව කාටහරි කියා ගන්න බැරි තරමට මම මානසිකව වැටුණා. පස්‌සේ මම රස්‌සාව කරපු තැනින් කතා කරලා මට ඇවිත් වැඩ කරන්න කියලා කිව්වා. මම වැඩ කරන තැන කිසිම කෙනෙක්‌ මගේ වරදින් මේ දේ වුණා කියලා කිව්වේ නෑ. හැම කෙනෙක්‌ම මට අනුකම්පා කළා. ආයතනයේ අය තමයි මගේ හිත හැදුවේ. නැත්තම් මට මොනවා වෙයිද කියලා මටවත් හිතාගන්න බැරිවයි හිටියෙ"...

"අපේ කරුමයක්‌ නිසා තමයි, දරුවා අපිට නැති වුණේ. දැන් අපට දරුවා ආපහු ලබාගන්න බෑ. මම ඒ ගැනම හිතලා මානසිකව වැටිලා ලෙඩෙක්‌ වුණොත් මේ දරුවො දෙන්නට යන එනමං නැති වෙනවා. අනිත් දරුවො දෙන්න ගැන හිතලා ජීවත් වෙනවා. මගේ ලොකු පුතා ඉස්‌කොලේ තුන වසරේ ඉගෙන ගන්නවා. පුංචි දුවත් පෙර පාසල් යවන්න ඕනෑ. ආයෙමත් මගේ මහත්තයා ඉන්ටර්නැෂනල් ස්‌කූල් එකක උගන්වනවා.

ඒ නිසා නැවත, නැවත අපේ පින්තූර මාධ්‍යවල පළ කරන එක අපේ රාජකාරී ජීවිතවලට බලපෑමක්‌. මට වඩා මගේ මහත්තයට ඒක බලපනවා. එයා වැඩ කරන්නේ ළමයි එක්‌ක. ඒ ළමයි දන්නේ නෑ මහත්තයා සේයාගේ තාත්තා කියලා. මාධ්‍යයෙන් අපේ පින්තූර පළ කළහම ඒ ළමයි දැන ගන්නවා මහත්තයා සේයාගේ තාත්තා කියලා. එතකොට ළමයි මහත්තයා දිහා බලන්නේ වැරැදි විදිහට. මොකද දුවගේ මරණයත් එක්‌ක අපේ චරිතත් මිනිස්‌සු මරලා දාලා තියෙන්නේ. මහත්තයවත් අපරාධකාරයෙක්‌ විදිහට හංවඩු ගැහුවා. මේ ලෝකයේ ඉන්න නරකම අම්මා මම කියලා තමයි සමහර මිනිස්‌සු කිව්වේ. විශේෂයෙන්ම අපේ අසල්වාසීන්. අපිට පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක්‌ ඇති වුණා. දැන් නම් මිනිස්‌සුන්ට ඒ දේවල් අමතකයි. නැවත අපේ පින්තූර දකිනකොට මිනිස්‌සුන්ගේ හිත්වලට යටගියාව මතක්‌ වෙනවා. එහෙම වුණොත් ආයෙමත් මහත්තයට රස්‌සාවක්‌ නැති වෙන්නත් ඉඩ තියෙනවා. අපි බොහෝම අමාරුවෙන් ගොඩනඟාගෙන එන ජීවිත මඟ නතර වෙනවා. එහෙම වුණොත් අපේ අනිත් දරුවො දෙන්නට මොකද වෙන්නේ...

"දුවගේ මළගෙදරටත්, ඊට පස්‌සෙත් හුඟක්‌ වියදම් ගියා. ණය වෙන්නත් වුණා. අපිට තිබුණු වෑන් එකත් විකුණන්න සිද්ධ වුණා. අදටත් අපි අපේ ගෙදරට යන්නේ නෑ. ගිහින් ඉන්න බෑ. දුව මතක්‌ වෙනවා. ගේ පුරා සේයා දුවගේ කටහඬ දෝංකාර දෙනවා. දරුවා දුව, පැනලා සෙල්ලම් කරපු හැටි මතක්‌ වෙනවා. 'අම්මේ බඩගිනියි' කියලා දුවගෙන ඇවිත් ඇඟේ එල්ලෙනවා දැනෙනවා. ඒ දේවල් මතක්‌ වෙනකොට ගෙදර ඉන්න අමාරුයි. පෙර විදිහට අපිට වටේපිටේ මිනිස්‌සුත් එක්‌ක ඇයි හොඳයිකම් පාන්න බෑ. අපි තවම ඉන්නේ මගේ මහ ගෙදර. නැවත අපි අකරන්ගහ ගමේ ගෙදරට යන්නේ නෑ. කොහෙන් හරි ටිකක්‌ දුරකින් ඉඩම් කෑල්ලක්‌ අරගෙන ගෙයක්‌ හදාගන්නවා. අනිත් දරුවො දෙන්නට හොඳට උගන්වන්න ඕනෑ. ඒ හැම දෙයක්‌ම කරන්න අපි ශක්‌තිමත්ව ඉන්න ඕනෑ...

"සේයා දුවගේ නඩුවට උසාවියට ඇවිත් ගිය හැම දිනකටම පසු දිනයේ අපේ පින්තූර මාධ්‍යවල පළවෙනවා. මේ හේතුව නිසා මගේ මහත්තයා නඩුවට එන එක අඩු කළා. මමයි, අම්මයි තමයි දිගටම නඩුවට ආවේ. මේ මාසේ 25 වැනිදා ඉඳලා දරුවගේ නඩුව දිගටම කතා කරනවා. ඒ හැම වතාවකදීම අපිටත් උසාවි එන්න වෙනවා. මගේ මහත්තයටත් එන්න වෙනවා. දරුවන්ටත් එන්න වෙයි. දුවගේ නඩුවට වෙන්නේ මොකක්‌ද කියලා මාධ්‍යවල පළ කළාට ප්‍රශ්නයක්‌ නෑ. මගේ දුවව මරා දාපු මිනීමරුවට දෙන දඬුවම මාධ්‍යවලින් මුළු ලෝකයටම කියන්න ඕනෑ. ඒ විස්‌තරයත් එක්‌ක අපේ පින්තූර නොදා ඉන්නවා නම් ගොඩක්‌ හොඳයි.

ඒක අපිට කරන උදව්වක්‌. දුවගේ නිරුවත් පින්තූර අදටත් වෙබ්අඩවිවල යනවා. දුවගේ ඝාතනයත් එක්‌ක සමහර මාධ්‍ය බොරු ප්‍රචාරය කරලා අපේ චරිත ඝාතනය කළා. ගමේ මිනිස්‌සු කියපු දේවල් තමයි මාධ්‍යවල පළ කළේ. ඒ නිසා අපි කිසිම මාධ්‍යයකට චෝදනා කරන්නේ නෑ. දුවගේ මරණයෙන් පස්‌සේ මාධ්‍යයෙන් ඒ ගැන දිගින් දිගටම කතා කරපු නිසා තමයි හැංගිලා හිටපු මිනීමරුවා මෙච්චර ඉක්‌මනට කොටු කරගන්න පුළුවන් වුණේ. මාධ්‍ය කෙරෙහි අපේ තියෙන ගෞරවය අබමල් රේණුවක්‌ තරම්වත් අඩු වෙලා නෑ. අපි කාටවත් වරදක්‌ කරපු මිනිස්‌සු නෙමෙයි. මේ වගේ දෙයක්‌ වුණේ අපේ කරුමයකට. අපිට අනුකම්පා කරන්න. අපිට අපේ ජීවිත ගොඩ නඟාගන්න ඉඩ දෙන්න. අපේ පින්තූර මාධ්‍යවල පළ කරන්න එපා... විශේෂයෙන්ම මහත්තයගෙ පින්තූර පළකරන්න එපා'
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top