ශිහාන් ක්ෂේත්‍රයට ආපු මුල් කාලයේ ඔහුට පැළවත්ත ප්‍රදේශයේ පැවැත්වුණු ප්‍රසංගයක දී සිදුවුණු මේ සිදුවීම ශිහාන් කියලා තිබුණේ මේ විදිහට..
"මේරියන්ස් ප්ලේ කළේ. පැලවත්තේ ප්‍රසංගයක්. මට මාරවිලට යන්න වුවමනා නිසා මම කලින් ආවේ. ඉෂාක් බෙග් මහත්මයා මුලින් ගායනා කළේ. මම දෙවැනියට ගායනා කරන්න හිටියා. මම ගායන කරන අතරතුර ප්‍රශ්නයක් වෙලා තියෙනවා. දශක දෙකක් තුනක් මේ ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණයෙක්. අපිව ගණන් ගන්නෙ නෑ, පස්සෙ ආපු අයව දාන්නේ. අලුත් අයව දාන්නේ... කියලා කෑ ගහලා එතන. මට පස්සෙ එයා ගීත ගායන කරන්න ඉල්ලීමක් කර තිබුණා. මගෙන් පස්සෙ නම කිව්වේ තව තරුණ ගායකයෙක්ගේ. එතකොට එයාගේ තරහා දෙගුණ වුණා. මම ස්ටේජ් එකෙන් පහළට බහිද්දි බනිනවා, මාව දැකලා "අපි මෙතන දශක දෙකක් තිස්සෙ.. "ආ පුතා.. බලන්න පුතා.. අපිට සලකන් නෑ කියලා..", මම "ඔව් සර්" කියලා කිව්වා. "දශක දෙකක් තිස්සෙ මම ඉන්නවා, මාව දන්නවද ඇහුවා..." මට එකපාරම මතක නැතිවුණා. මම එයාව දන්නවා, හැබැයි ඒ වෙලාවේ මතකෙට ආවේ නෑ නම. "මොකද්ද මගේ නම?" කියලා ආයෙම ඇහුවා. පිටිපස්සෙ මල්ලිලා මට නම මුමුණනවා. කළුවරට මට තේරෙන් නෑ. ආයේ පටන් ගත්තා "උඹලා මෙහෙමයි..." කියලා. ප්‍රසිද්ධියේ බැනුම් ඇහුවා. 150ක් විතර ඉස්සරහා.."