Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
12
සයිමන් නවගත්තේගමයන්, මෙලොව හැරගොස් වසර 17කි - Photos

- සයිමන් නවගත්තේගමයන්, මෙලොව හැරගොස් වසර 17කි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4 Views

සයිමන් නවගත්තේගමයන් මිය ගොස් වසර 17 ක් පිරීම නිමිත්තෙන් මීට පෙර රචිත ලිපියකි.

එතුමා මිය ගියේ 2005 ඔක්තෝබර් 09 වැනි දිනයි.

මේ ඒ වෙනුවෙන් පළවූ සටහනකි.

ඔහු කවුදැයි කවුරු දනිත් ද?

“මචං මට රහස් පරීක්ෂකයෙක් වෙන්න ආසයි. පුලුවන් නං උදව් කරපං”. පාසැල් නිවාඩුවකට ගෙදර ගොස් සිටි මට ලැබුණු තැපැල් පතක එවැනි ඉල්ලීමක් කර තිබුණි. ඒ මගේ පන්තියේ සගයෙක් එවූ තැපැල්පතකි.

1954 හෝ 55දී දවසක මාහෝ මධ්‍ය විද්‍යාලයේ සෙල්ලම් පිට්ටනිය මැද වූ මයිල ගහ යට මගේම වයසේ වූ අලුතෙන් ආ කොලු ගැටයෙක් සිටියේ ය. ඔහුගෙන් පිළිඹිබු වූයේ අසරණව, අතරමංව, අන්දමන්ද වූ ස්වාභාවයකි. එහෙත් ඔහුගේ පෙනුම එවකට අප සමග සිටි හද්දා වන්නිකරයේ කොලු ගැටවුන්ගේ පෙනුමට වඩා සුවිශේෂී වූවකි. මා ඔහු වෙතට සමීප වූයේ ඔහුගේ අසරණ , අතරමං , අන්දමන්ද ස්වාභාවය නිසාද ඔහුගේ සුවිශේෂී පෙනුම නිසාද යන්න නිච්චියට මට කිව නොහැකිය .


ගමේ පාසැලෙන් පහේ ශිෂ්‍යත්වය සමත් ව එකල ඒ පළාතේ ලොකු පාසැලක් වූ ‘මාහෝ සෙන්ට්‍රල් කොලීජිය”ට පැමිණි දාහක් තරම් වූ අනෙක් ළමුන් අතර අතරමංව , අසරණව අන්දමන්ද ව සිටි මේ කොලු ගැටයා නවගත්තේගම රංකිරාගේ උක්කුවා (එන්. ආර්. උක්කුවා ) නම් විය. එය අපේ ගණිත ගුරුවරයා උච්චාරණය කළේ ‘ යුක්කුවා’ නමිනි. මේ නම සාමාන්‍ය කිරීමට දෝ අපේ පන්ති බාර ගුරුවරයා වූ සොයිසා මහතා එය එන්. ආර්. සයිමන් නමින් නාම ලේඛනයේ සටහන් කලේය .එදා ඔහුගේ අසරණ , අතරමං, අන්දමන්ද ස්වාභාවය නිසා හෝ පෙනුමේ සුවිශේෂීකම නිසා හෝ ඔහුට ම සමීප වූ නිසා විය හැකිය අර මුලින් සදහන් කළ උපකාරය ඉල්ලා සිටියේ. එදා ඇති වූ මේ සමීපකම මෑතක් වන තුරුම අප අතර විය.

මේ එන්. ආර් සයිමන්, නමින් පෙනුමෙන් පමණක් නොව හැසිරීමෙන් ද අමුතු ම විදිහේ චරිතයක් විය. අපි ළමා වියට උරුම සියලු දෙයක් ම කළෙමු. බීඩි බීවෙමු. ගැහැණු ළමයින්ට සෙනෙහෙ කොළ ලීවෙමු. බයිස්කෝප් බැලුවෙමු. අපි නොකළ දඩබ්බර කමක් නැති තරම් ය. එහෙත් සයිමන් ඒ එකක්වත් නොකළේ ය. පාසැල් යන අවධියේ ඔහු අතින් වූ වරදක් වශයෙන් මට මතක ඇත්තේ එකකි. ඒ බස්නායක නම් පිරිමි ළමයෙකුගේ සෙනෙහෙ කොලයක් ගුණසේකර නම් ගැහැණු ළමයෙකුට ගෙන ගොස් දීමයි. මේ කළ එකම සරල වරදට ඔහු බරපතළ ලෙස දඩුවම් ලැබුවේ ය. ඒ පාසැල් ක්‍රීඩාංගණය වටා අලුතෙන් බොරලු දමා සකස් කර තිබූ පාරදිගේ සම්පූර්ණ රවුමක් දණ ගෑමයි. මේ දඩුවම පැවරුයේ එවකට විදුහල්පතිව සිටි ඩී.ඒ ජයතිලක මහතා විසිනි. අපි එදා පිට්ටනිය වටා දණගාන සයිමන් දෙස බලා සිටියේ සෝබර හදවතිනි.

අප පාසැල් අවදියේ අපට සිටියේ සැබෑ ගුරුවරුය. ඔවුහු වෙහෙස මහන්සි වී ඉගැන්වූවා පමණක් නොව, ගුරු ගරුත්වය ද රැක ගත් හ. රහමෙර පානයට ආශාවක් ඇති වූ විට සති අන්තයේ දුරක සිටින මිතුරෙකුගේ ගෙදර ගොස් රිසි සේ සතුටු වී සුදනන් සේ ආපසු පැමිණියහ.මේ නිසා අද ද අපට ඔවුන් ඉදිරියේ දුම් වැටියක් ඉරීම , මත් වතුර ටිකක් පානය කිරීම කළ නොහැකි ය. මේ තත්ත්වය යටතේ ඔවුන්ගේ උපදෙස් පිළිපැදීමට ද අප අධ්‍යාතමයෙන් ම බැදී සිටියෙමු.ඔවුන්ගේ එක් උපදෙසක් වූයේ කඩල ගොට්ටක කඩදාසිය පවා ඉවත දැමීමට පෙර කියවා ගත හැකි වැදගත් දෙයක් ඇත්දැයි බලන ලෙසයි. මේ උපදේශය අනුව එකළ අපේ පාසැල් පුස්තකාලයේ වූ පොත්පත් කියවීමට අපි පොර කෑවෙමු. සයිමන්ට රහස් පරීක්ෂකයෙක් වීමට සිතක් පහළ වූයේ මේ පුස්තකාලයේ තිබුණු ” කෝණ්ගොඩ වික්‍රමපාල”ගේ වික්‍රම කියවීම නිසා විය යුතුය . ඒවායින් කිසියම් වින්දනයක් ලැබූ මුත්, සයිමන්ට තරම් බලපෑමක් මට ඇති නොවීය. එහෙත් ඒවා මතකයේ රදවාගෙන කතා ලිවීමට අපි පෙළඹුණෙමු. මගේ රහස් පරීක්ෂකයා මිත්‍රසේන නම් විය. එහෙත් සයිමන් රහස් පරීෂක කතා නොලීවේ ය. ඔහු වෙනත් කතා ලියුවේය. කෙසෙල් කැන් සොරකමක් ගැන ඒ අවධියේ ඔහු ලියූ කතාවක් කියවූවා මතකය. එය කිය වූ පසු මගේ කතා බොළද බව මට පසක් වූයේ සියුම් ඊර්ෂ්‍යාවක් ද සමගිනි.

සති අන්ත දිනවල සයිමන් හිටි ගමන් අතුරුදහන් වන්නේ ය. එසේ අතුරුදහන් වන ඔහු කෑම වෙලාවට හෝ නාන වෙලාවට නේවාසිකාගාරය අවට ඇති බූටෑවෙන් එළියට එන්නේ පොත් දෙක තුනක් අතැතිවය.ඔහු අපෙන් ඈත් ව කැලයට වී පොත් කියවීම පුරුද්දක් කරගෙන සිටියේය .

එදා මුල් දවසේ මෙන් ම හුදෙකලාව අතරමංව සිටීමට ප්‍රියකළ ඔහු හා හා පුරා මවිසින් පුහුණු කරනු ලැබූ කෙටි නාට්‍යයක රග පෑවේය. ඒ නේවාසිකාගාරයේ සිංහල සමිතිය සදහාය. අපි බෙහෙවින් චිත්‍රපට, නූර්ති හා නාඩගම් බැලීමට ඇබ්බැහි වී සිටි නිසා විය යුතුය රංගන කලාවට වැඩි ආශාවක් දැක්වීමට පෙළඹුණේ. පාසැල් ගුරුවරුන් මුල් වී නිෂ්පාදනය කළ ” ආලෝකය” හා ” පබාවති” යන නාට්‍ය දෙකටම රගපෑම සදහා මා තෝරා ගැණිනි. නමුත් සයිමන් ව තෝරා නොගැණිනි. ඒ ඔහුගේ හුදෙකලා හා සමාජශීලී නොවන චර්යාව නිසා විය යුතුය. එහෙත් ඒ නාට්‍ය දෙකෙන් පසු මා විසින් පුහුණු කරවන ලද ඩබ් .ඒ. සිල්වාගේ නාට්‍යයක (එය දයිව විපාකය යයි සිතමි) ප්‍රධාන චරිතය සදහා මම ඔහු තෝරා ගතිමි. ඔහු මගේ ඉල්ලීම පිට එහි රගපෑවේය. ඊට බලපාන්නට ඇත්තේ රගපෑමට වූ කැමත්ත ද අපේ මිත්‍රත්වය දැයි මට කිව නොහැකිය. ඔහු අපේ බාල දක්ෂ කණ්ඩායමේ හා කැඩෙට් කණ්ඩායමේ සිටිය ද ඒ සිටිය යුතු නිසා මිස වුවමනාවකින් යැයි මම නොසිතමි.

සාමාන්‍ය පෙළ විභාගය සමත්වීමෙන් පසුව උසස් පෙළ සදහා ඔහු අනුරාධපුර මධ්‍ය විද්‍යාලයට ඇතුලු විය. ශිෂ්‍යත්වධාරීන් එසේ අනුරාධපුරයට ගිය ද, අලුතින් උසස් පෙළ පන්තියක් ඇරඹීම සදහා අපි මාහෝම රැදුණෙමු. අනුරාධපුරයෙන් පේරාදෙණි විශ්වවිද්‍යාලයට ගිය සයිමන් නැවත මට හමු වූයේ 1965 දී පමණ ය. ඒ ඔහු විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ උපාධිය සදහා ඉගෙනීමට පැමිණි සිටි අවස්ථාවේ ය. පේරාදෙණි විශ්වවිද්‍යාලයේ සිටිනා අවදියේ ලාහෙන් බුසලෙන් නොව අමුණුවලින් මනින ගමක දැරිවියක් හා ප්‍රේම සම්බන්ධයක් ඇති කරගැනීමට ගොස් ඇති වූ කලබැගෑනියක් නිසා පේරාදෙණියෙන් පලා ගිය ඔහු කාලයක් කැලෑවැදී සිටියේ ය. මේ කාලයේ ලැබූ අත් දැකීම් ඔහුගේ සංසාරණ්‍යයේ කතාන්තරවලට බලපාන්නට ඇත. අනතුරුව ගුරු සේවයට ඇතුලත් වූ ඔහු කලක් සේවයේ යෙදී සිට පඩි රහිත නිවාඩු පිට නැවත උපාධිය සදහා විද්‍යෝදය විශ්වවිද්‍යාලයට පැමිණ සිටියේය. මාහෝදී වැඩිදුර අධ්‍යාපනය සදහා අපෙන් සමුගත් එන්. ආර් සයිමන් කොළඹ කොටුවේ ලෝටස් පාරේදී සයිමන් නවගත්තේගම ලෙසින් නැවත මට හමුවූයේ මේ අවදියේදී ය. ආදායමක් නැතිව සිටි ඔහුට මාවතගම රන්තැටි කන්දේ දැරිවියකගෙන් හා යාලුම්ත්‍රාදීන්ගෙන් උදව් ලැබෙමින් තිබිණි. මේ හමුවීමෙන් පසු උපාධිධාරී ගුරුවරයෙකු ලෙසින් හැටන් හයිලන්ඩ් විද්‍යාලයට යන තෙක් අවුරුදු කීපය ඔහු මගේ කාමරයේ ජීවත් විය.

ඒ කාලයේ ඔහු ධර්මසිරි වික්‍රමරත්නගේ “සහන් එළිය” නාට්‍යයේ පුහුණුවීම්වල යෙදී සිටියේ ය. අපේ පාසැල් වේදිකාවෙන් පසු මා ඔහු වේදිකාවේ දුටුවේ ” සහන් එළියෙහි” ය. එදා මට ඇති වූ හැගීමක් නම් ඔහු අපූරු වේදිකා ප්‍රභාවකින් යුත් නලුවෙකු බවයි. තනියම සිටියත් මුලු වේදිකාව ම ඔහුගෙන් පිරෙන්නේ ය. වේදිකා ප්‍රභාව යනුවෙන් මා අදහස් කරන්නේ එයයි. එදා මෙදා තුර එවන් වේදිකා ප්‍රභාවක් මා සිංහල වේදිකාවේ දැක නැත.

ඔහුගේ විශිෂ්ටම නාට්‍ය කෘතිය වන ” සුභ සහ යස” ට ආභාසය ලැබෙන්නට ඇත්තේ එකළ අප කවුරුත් අමන්දානන්දයට පත් කළ “බෙකට්” චිත්‍රපටියයි. එහි පීටර් ඕ ටූල් නලුවාගේ රංගන විලාශය යි. ඒ රංගන විලාශයට පෙම් බැදි අප කාටත් එවැනි චරිතයක් නිර්මාණය කිරීමටත්, එවැනි චරිතයක් රගපෑමටත් ආශාවක් ඇති විය.එහෙත් ඒ ආශාව මුදුන් පත් කර ගත්තේ සයිමන් පමණි. එසේ වුවත් පීටර් ඕ ටූල්ගේ ඒ රංගනය අපේ බොහෝ රංගන් ශිල්පීන්ට ආදර්ශයක් හා ආභාසයක් වූවාට නම් සැකයක් නැත.

සයිමන් අප දන්නා හදුනන අය අතර අපූරු ප්‍රතිභාවක් හා අපූරු චරිතයක් තිබූ පුද්ගලයෙකි. ඔහුගේ වේදිකා ප්‍රභාවට සමකළ හැකි වේදිකා ප්‍රභාවක් මට දකින්නට නොලැබුණා සේය.

එකළ අප බොහෝ දෙනෙකුගේ සිත් සතන් වසග කළ දර්ශනයකි සාංදෘෂ්ටිකවාදය (existentialism ). මේ සාංදෘෂ්ටිකවාදය බොහෝ දෙනෙක් ආරෝපණය කර ගත්තේය. සයිමන් එසේ ආරෝපණය කර ගත් සාංදෘෂ්ටිකවාදියෙකු නොවී සැබෑ සාංදෘෂ්ටිකවාදියෙකු විය. එසේ වීමට ඔහුට බොහෝ හේතු තිබිණි. ඔහු අතීතයත් අනාගතයත් අමතක කර ඒ මොහොතේ පමණක් ජීවත් විය. ඔහු ගත් ණයක් ආපසු දුන්නේ නැත. දුන් ණයක් ආපසු බලාපොරොත්තු වූයේ ද නැත. ණය ගන්නවා සේම දුන්නේ ද ඒ අවස්තාවේ එය කළ යුතු හෙයිනි. ඕනෑම දෙයක් ඒ අවස්ථාවේ කළා පමණි. එතැනින් එහාට එය නොපැවතුනේ ය. අහවලාගෙන් මම ණයක් ගත්තා කියාවත් අහවලා මට මේ උදව්ව කළා කියාවත්, එසේ නැත්නම් අහවලාට මම ණයක් දුන්නා කියාවත් , අහවලාට මේ උදව්ව කළා කියාවත් ඔහු කිසිදාක කියා නැත. ඊළග මොහොත ගැන නොසළකා ඔහු ඕනෑම දෙයක් කරන්නේ ය. දිනක් එවැනි දෙයක් මට සිදුවිය. මම ඔහුගෙන් යම් මුදලක් ඉල්ලුවෙමි.එදා ඔහුගේ පඩි දිනයයි. ඔහු සාක්කුවේ වූ මුදල් නෝට්ටු සියල්ල ම මගේ අතේ තැබුවේ ය. ” එතකොට උඹට ?” මම විමසීමි. ” ඒක නෙමෙයි නේ දැන් ප්‍රශ්නේ. උඹේ එකෙනේ”, ඔහු කීවේය. ඒ ඔහුගේ පැවත්මේ ස්වාභාවය යි. බොහෝ දෙනෙකුට ඔහුගේ මේ පැවත්ම නොගැලපුණා විය හැකිය. එහෙත් කීමෙහිදීත් , කිරීමෙදීත් ඔහුටම අවංක විය.

ඔහුට පැවත්මක් විය. එසේ ම පැවත්මක් නොවීය. ඔහු මනුෂ්‍යයෙකු වූයේය. එසේ ම මනුෂ්‍යයෙකු නොවූයේ ය. ඔහු කවුදැයි කිසිවෙකුට කිව නොහැකිය. ඔහු හැදින්විය හැක්කේ “විශ්වයේ ස්වාභාවය ” යනුවෙන් පමණකැයි මම සිතමි. එහෙත් කිසිවෙකුට වෙනත් යමක් කළ හැකිය. ඒ ඔහුගේ පැවත්මේ ත් නොපැවත්මේත් ඵලය වන ඔහුගේ කලා කෘතීන් නිසි ලෙස විමර්ශනයට ලක් කිරීමයි. එහෙත් එය ද ලෙහෙසි කටයුත්තක් ලෙස මම නොදකිමි.

ඉදින් පැවති නො පැවති මගේ අපූරු මිත්‍රය ! ගිහින් එන්න.

සුමන ආලෝක බණ්ඩාර
රාවය – 2005 – 10 – 09.



Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top