දැඩි ආලෝක සහිත වාහනයක් වම්පස කෙළවරින් ඇවිත්වීදි පහන්වල තිබූ ආලෝකය නිසාවාහනවල ඉන්න අය අඳුරන්න බැරි වෙලා
තාජුඩීන්ගේ ඝාතනයට සම්බන්ධ බව කියන CCTV දර්ශන සම්බන්ධයෙන් පසුගියදා සමාජයේ දැඩි කතාබහක් ඇතිවුණා. එහි ප්‍රභූ පුද්ගලයින්ද සිටින බවට විවිධ කතා පැතිර ගිය අතර CCTV දර්ශනවල අඩංගු දත්ත වැඩිදුර පරීක්ෂා කිරීමට කොළඹ විශ්ව විද්‍යාලයේ අංශයේ පරිඝණක අංශයට ලබා දී තිබුණා.
කෙසේ නමුත් මේ වන විට කොළඹ සරසවියෙන් අධිකරණය වෙත දන්වා ඇත්තේ මෙම දර්ශන වල තාජුඩීන්ගේ වාහනය හෝ එහි සිටින පුද්ගලයින් හඳුනාගැනීමට නොහැකි බවයි.
එමෙන්ම වැඩිදුරටත් වාර්තාවන්නේ මෙම දර්ශන පැහැදිලිව ලබා ගැනීමට සඳහා විදෙස් සහයෝගය පතන බවයි.
අමානුෂික අන්දමින් ඝාතනය කළ බව කියන රගර් ක්‍රීඩක මොහමඩ් වසීම් තාජුඩීන් ඝාතනයට අදාළව රහස් පොලිසිය ලබා ගත් ආරක්ෂක කැමරා දර්ශන අපැහැදිලි බව කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක පාසලේ කළමනාකරු ඩී.එම්.බී. අත්තනායක මහතා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා වෙත විශේෂ වාර්තාවක් ඉදිරිපත් කරමින් ඊයේ (5) දන්වා තිබෙනවා.
සී.සී.ටී.වී. දර්ශන අනුව තාජුඩීන්ගේ වාහනය ගමන් කරන කාලය තුළ දැඩි ආලෝක සහිත වාහනයක් වම්පස කෙළවරින් පැමිණෙන බව දර්ශනය වූ නමුත් වීදි පහන්වල තිබූ ආලෝකය නිසා එම වාහනවල සිටි පුද්ගලයන් කවුරුන්ද යන්න පිළිබඳ නිවැරැදි ආකාරයෙන් දර්ශනය නොවන බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
කැමරා දර්ශන අපැහැදිලි වීම නිසා එම වාහනයේ ලියාපදිංචි අංක තහඩුව තහවුරු කර ගැනීමට නොහැකි බවත්, ඒ පිළිබඳ තොරතුරු සොයා ගැනීමට විදේශීය විශේෂඥයන්ගේ සහාය ලබා ගත යුතු බවත් අත්තනායක මහතා සිය වාර්තාව මඟින් නිර්දේශ කර තිබේ.
තාජුඩීන්ගේ ඝාතනයට අදාළව රහස් පොලිසිය සිදු කළ විශේෂ විමර්ශනයේදී අනාවරණය කර ගත් සී.සී.ටී.වී. දර්ශනවලට අදාළ DVD තැටි 4ක් හා CD පටයක් විශ්ලේෂණ වාර්තාවක් ලබාගැනීම සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක පාසල වෙත අධිකරණ නියෝග පරිදි යොමුකර තිබූ අතර එම DVD සහ CD පටයට අදාළ වාර්තාව නිකුත් කරමින් අත්තනායක මහතා මේ බව ඊයේ අධිකරණයට දැනුම්දී තිබිණි.