Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
20
“....ඒ ළමයට එන්න බැහැ. එයා මාව බලන්න ආව කියලා මට හිතුණා. ඒ ආදරය නැතිවෙන විදියෙ කිසිම දෙයක් මම සල්ලි වෙනුවෙන් මගේ හැඟීම් වෙනුවෙන් මම පාවිච්චි කළේ නැහැ...” - යෞවනයේ සිහින කුමාරයා, ශිහාන් මිහිරංග කලකට පසු කතා කරයි.. - Photos

- “....ඒ ළමයට එන්න බැහැ. එයා මාව බලන්න ආව කියලා මට හිතුණා. ඒ ආදරය නැතිවෙන විදියෙ කිසිම දෙයක් මම සල්ලි වෙනුවෙන් මගේ හැඟීම් වෙනුවෙන් මම පාවිච්චි කළේ නැහැ...” - යෞවනයේ සිහින කුමාරයා, ශිහාන් මිහිරංග කලකට පසු කතා කරයි.. - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5 Views

එක්තරා කාලයක ලංකාවේ මයිකල් ජැක්සන් ලෙස ඔහුට ඇතැමෙක් නම් පටබැන්ඳා.

අදටත් රසික ආදරය නොඅඩුව ලබන ජනප්‍රිය ගායන ශිල්පී ශිහාන් මිහිරංග මේ දිනවල හිරු ස්ටාර් වැඩසටහනේ විනිශ්චයකරුවකු ලෙසින්ද ඔහු කටයුතු කරනු ලබනවා.

කලා ජීවිතයත් පෞද්ගලික ජීවිතයත් සමබර ලෙස ගෙන යන ඔහු සතිඅන්ත පුවත්පතක් සමඟ කතාබහක් තමයි මේ..


රියැලටි වැඩසටහනක විනිසුරුකරුවෙක් ලෙස ලබන අත්දැකීම කොහොමද?
වෙලාවකට අමාරු වැඩක්. ඒක එහෙම මට දැනෙන්නේ මමත් ආධුනිකයෙක් විදියට, තරගකරුවෙක් විදියට එතැනින් ආව නිසා. ඒ තරගකරුවන්ගේ මානසිකත්වය, එයාලට තියෙන ආතතිය මට දැනෙනවා වැඩියි. එයාලගේ ඇත්ත මානසිකත්වය දන්න නිසා බොහෝ වෙලාවට ඒගොල්ලන්ට උදව් කරගෙන යන්න පුළුවන් තැනකයි මම ඉන්නෙ. හැබැයි ඒකත් එක්ක වෘත්තීය විනිශ්චයකරුවෙක් විදියට ඒ කටයුත්තත් සාධාරණව කරන්නට ලැබීම ගැන මට සතුටුයි.

එදා සහ අද එවැනි රියැලටි වැඩසටහන් නියෝජනය කරන ආධුනික තරගකරුවන්ව ඔබ දකින්නෙ කොහොමද?
තරගාවලියට ඉල්ලුම්කරන තරගකරුවන්, ඔවුන්ගේ ආශාවන් වෙනස්. පරිසරය වෙනස්. ඒ වගේමයි ඉස්සරයි අදයි ගත්තම ලොකු වෙනසක් තියෙන්නෙ කිසි දෙයක් නොදැන රියැලටි වලට ආපු කාලයක් තිබුණේ පටන් ගැන්මෙදී. දැන් රියැලටි ගැන හොඳ අත්දැකීමක් සහ voting campaign, කොහොමද තරගයක් ඇතුළෙ දිනන්න සැලසුම් කරන්නෙ කොහොමද කියලා ඔක්කොම දේවල් ලෑස්ති කරගෙන එන පිරිසක් තමයි දැන් දකින්නෙ. තරගකාරිත්වය වැඩී. එදා පරපුරට වඩා අද පරපුරේ දක්ෂතාත් ගොඩක් දියුණුයි. මොකද එයාලට පාවිච්චි කරන්න තියෙන මාර්ග වැඩීයි. අන්තර්ජාලය, යු ටියුබ්, ආදි හැම එකකින්ම ලෝකයෙ දේවල් බලන්න පුළුවන්. ඉස්සරට වඩා කලාවට දැන් පොඩි කාලෙ ඉඳලාම අත දෙනවා. ඒ නිසා ළමයි පොඩි කාලෙ ඉඳලාම සංගීතය ගැන දැනුම්වත්. එතකොට එයාලා එක්ක බොරු කරන්න අමාරුයි. දක්ෂතාවයයි තරගකාරිත්වයයි අද ඉන්න පිරිසගේ වැඩියි..

මේ දවස්වල ඔබේ වීඩියෝවක් සැරිසරනවා සමාජ මාධ්‍ය තුළ. ඒ ගැන කිව්වොත්?
ඒක අහම්බෙන් වුණ දෙයක්. මිනිස්සුන්ට මතකය අලුත් වුණා. ඒ වගේම සිද්දියක් මට අවුරුදු 19යෙදී මගේ පළවෙනි සීඩි එක එළි දුටු වෙලාවෙදි dreams of ශිහාන්, එළිදැක්වීම වෙලාවේ සිදු වූ දෙයක් ඒක අහම්බයක්. එදා මම ඒ වෙලාවේ ඉදිරිපස සිටිය එකේ හිටපු ගැහැනු ළමයෙක්ව උඩට ගන්නවා. ඒ ඇස ගැටෙනා ගීතය ගයද්දි. මම අවුරුදු හතළිහ සම්පූර්ණ වෙන්න ඉන්නෙ. නැවත වතාවක් ඒ වගේ දෙයක් වුණා ගිය සෙනසුරාදා. ඒක නම් ඒ ළමයට එන්න බැහැ. එයා මාව බලන්න ආව කියලා මට හිතුණා. එයාට මන් ගාවට එන්න බැරි නිසා මන් ගිහිල්ලා ගීතයේ කොටසක් ගැයුවා. ඒ අවස්ථාව බොහෝ පිරිසක් හොඳ විදියට දැකලා තිබුණා.

රසිකයන් කියන්නෙ ඔබ නිහතමානි කලාකරුවෙක් කියලා. ඒ ගැන ඔබට අදහසක් තියෙනවද?
මම ඒ ගැන මෙහෙම කියන්නම්. කලාකරුවෙක්ට විනයක් තියෙන්න ඕන. ඒකට තමයි ඔය මිනිස්සු නිහතමානිත්වය කියලා කියන්නෙ. නිහතමානිත්වය කියනදේ සාපේක්ෂයි. මම හිතන්නෙ හැමෝම ‘ශිහාන්‘ නිහතමානී කියලා හිතනවා නම් නිහතමානිත්වයට වඩා ශිහාන්ට විනයක් තියෙනවා කියන එක තමයි මම හිතන දේ. මම රියැලටි එකක ඉන්න තරුණ තරුණියන්ට වුණත් කියන්නෙ විනයක් තියා ගන්න. මම නිහතමානී කියලා මිනිස්සු හිතන්නේ ඒගොල්ලො මට ආදරය කළා දැනට අවුරුදු 17කට 18කට කලින්. ඒගොල්ලො මට sms කළා. මාව දිනවන්න මහන්සි වුණා. ඒ ආදරය නැතිවෙන විදියෙ කිසිම දෙයක් මම පෞද්ගලික වාසි වෙනුවෙන්, සල්ලි වෙනුවෙන් මගේ හැඟීම් වෙනුවෙන් මම පාවිච්චි කළේ නැහැ. එහෙම නොකර ඉන්න මට විනයක් තිබුණා. මට නිකන් හැමදේම ලැබුණා. මම මෙහෙම කියන්නම් කලාකරුවෙක්ට, පිරිමි කෙනෙක්ට ගැහැනුන්ගෙ සම්බන්ධතා, එහෙමත් නැත්නම් මත්පැන්, මුදල් වෙනුවෙන් විකිණෙන්න පුළුවන්, ආදරය විකුණන්න පුළුවන්, මිනිස්සුන්ව අවභාවිතා කරන්න පුළුවන්. සල්ලි වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුළුවන්. නමුත් මට විනයක් තිබුණා. මට ආදරය කරපු මිනිස්සුන්ගේ ආදර රැකගෙන මේක කවදා හරි නවත්තන දවස වෙනකන් මේකට වටිනාකමක් දෙන්න. ඒක තමයි මිනිස්සු හිතන්නෙ. මම මිනිස්සු එක්ක හොඳින් කතා කරන්නෙ ඒ නිසා. සමහර වෙලාවට මගේ පවුලෙ මිනිස්සුන්ටවත් කතා කරන්නෙ නැතුව ඇති. මන් ඊට වඩා දරදඬුයි මගේ පවුලෙ මගේ දරුවන් එක්ක. මන් ඊට වඩා නීති තියාගෙන ජීවත් වෙන කෙනෙක්. හැබැයි මන් මිනිස්සුන්ට මට ඒගොල්ලො ආදරය කරපු නිසා මම විනයක් තියාගන්නවා එයාලට ගරු කරන්න සහ කලාකරුවෙක් විදියට. මම ක්ෂේත්‍රයට එන කාලයෙදී මට මගේ බිරිඳගෙ පවුලෙන් කලාකරුවෙක්ට බන්දලා දෙන්න අකමැති කියන තැන කලාකරුවා සවුත්තු වෙලා තිබුණා. මට වුවමනාවක් තිබුණා කලාකරුවෙක් විදියට මම මැරෙනවා නම් කලාකරුවෙක්ට දුවෙක් දෙන්න පුළුවන් කියන තැනට මම ජීවත් වෙනවා කියලා.

ඔබේ ඉදිරි වැඩකටයුතු මොනවද ?
මම ලියා මමම සංගීතවත් කර ගායනා කළ ගීත ටිකක් එකතු වෙලා තියෙනවා. නමුත් එය එළිදැක්වීම දවසින් දවස කල් ගියා. ආපසු ඒ නිර්මාණ දිහා බලනකොට ඒවා කරන්න ආසාවක් තියෙනවා. රට හොඳ අතට හැරෙනකම් බලාගෙන ඉන්නවා ඒ නිර්මාණ එළිදක්වන්න. එතනින් එහාට ලොකු බලාපොරොත්තු නැහැ. මට ඕන මගෙ බිරිඳ දරුවෝ එක්ක නිදහසේ ඉන්න.

සඳුනි අරුමප්පෙරුමාච්චි
සම්පූර්ණ උපුටා ගැනීම
සිළුමිණ පුවත්පතේ රසඳුන අතිරේකයෙන්...


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top