කොල්ලන්ගේ ක්‍රශ් එක රශ්මිකාගේ සැමියා විදිහටයි. (හිත කඩාගන්න එපා. ඒ දෙන්නා දැන් ඩිවෝස්.)
2017 වසරේදී රක්ෂිත් සහ මන්දානා විවාහ ගිවිස ගන්නා අතර, එය විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා.
මේ පෙම් කතාවට මුල් වී තිබුණේ 2016 වසරේදී ඔවුන්ට එකට රඟපෑ චිත්‍රපටයක්. (Kirik party)
මේ චිත්‍රපටිය රශ්මිකාගේ පළමු චිත්‍රපටය වීමත් විශේෂත්වයක්.
කොහොම වුණත් මේ වන විට රක්ෂිත් බොහෝම ජනප්‍රියත්වයට පත්ව ඇති අතර, ඔහු චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතු අතරතුර රශ්මිකා ගැන ද සඳහන් කර තිබුණා.
“ඇය කොහොම හරි ඇගේ සිහින සැබෑ කරගත්තා. ඒක අගය කරනවා මම..” යැයි ඔහු කියා තිබුණා.
මේ වන විට 777 Charlie අතිශය ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද තිරග වන අතර, මංගල සංදර්ශන සිතුවාටත් වඩා අතිසාර්ථක බවයි වාර්තා වන්නේ.
එසේම සමාජ මාධ්‍ය තුළ වැඩිම පිරිසක් කතාබහ කරන චිත්‍රපටය ද 777 Charlie යි.
ඉන්දීය මාධ්‍ය ඇසුරිනි.
