මේ වන විටත් මිලියන 22ක ශ්‍රී ලාංකිකයින් දැඩි දරිද්‍රතාවයක් හමුවේ අපහසුතාවයට පත්ව ඇති අතර, පවුල් අතර අර්බුදද මේ හේතුවෙන් වැඩි වී තිබෙනවා.
පසුගිය මාස කිහිපයේදී ගණිකා වෘත්තියේ සියයට 30ක වැඩිවීමක් දැකගැන්මට ලැබී ඇති අතර, මෙම බොහෝ කාන්තාවන් ස්පා නොහොත් සම්බාහන මධ්‍යස්ථාන හරහා ගණිකා වෘත්තියට යොමුව ඇති බවටයි සමීක්ෂණවලදී හෙළි වී ඇත්තේ.
21 හැවිරිදි රෙහානා (සැබෑ නම නොවේ) රෙදි පිළි කර්මාන්ත සේවිකාවක් වී අනතුරුව ගණිකා වෘත්තියට යොමු වූ අයුරු මෙසේ හෙළි කර තිබුණා.
"පසුගිය දෙසැම්බර් වල රෙදි කම්හලේ රස්සාව නැතිවුණා. පස්සෙ මට වෙන රස්සාවක් හම්බුණා. ඒත් මට ඒ විදිහට සල්ලි ගන්න බැරිවුණා. පවුලේ අවශ්‍යතා සපුරන්න ඒ ගාණ මදි. ස්පා එකක අයිතිකාරයෙක් තමයි මාව මේකට යොමු කළේ. අර්බුද නිසාම මම තීරණය කළා ඒකට යන්න. මගේ හිත ඒකට කැමති නෑ. ඒත් මගේ පවුලට කවුද මුදල් දෙන්නේ.."
එක්දරු මවක් වන තවත් ගණිකා වෘත්තියේ නියැළෙන කාන්තාවක් මෙසේ අදහස් දක්වා තිබුණා.
"මම කඩයක් කරගෙන යනවා. ඒකට මේ සල්ලි මදි. මේ නිසාම ගොඩක් අය මේකට යොමු වෙලා තියෙනවා.."
නමුත් මෙම තත්ත්වය තුළ ඔවුන්ට ද වෙනත් ගැටලුවලට මුහුණ පෑමට සිදුව තිබෙනවා.
"ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ගැබ්ගෙන... තවත් අයගේ හස්බන්ලා එයාලව දාලා ගිහින්."
මේ අතර, ගොවි පවුල්වල බොහෝ කාන්තාවනුත් මෙම වෘත්තියට යොමු ව ඇති බවට සතිඅන්ත පුවත්පතක් පසුගිය දිනෙක තොරතුරු වාර්තා කර තිබුණා.
කවුඩුල්ල බෙදුම් ඇළ ගොවි සංවිධානයේ හිටපු සභාපතිවරයා සඳහන් කර තිබුණේ, 'කාන්තාවන් ඇඟ විකිණිමේ අරගලයක' මේ වන විට නියැලෙමින් සිටින බවයි.
ඔවුන් විසින් ණය ගෙවීම සඳහා බොහෝ භාණ්ඩ උගසට තබා අනතුරුව, මෙම වෘත්තියට යොමුව ඇති බවයි පැවසෙන්නේ.
මූලාශ්‍ර ANI