Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
27
"මම ගොඩක් වාසනාවන්තයි ඒ වගේ පුතෙක් ලබන්න" චාමර වීරසිංහගේ අම්මා කළ ප්‍රථම සහ අවසාන සාකච්ඡාව

- "මම ගොඩක් වාසනාවන්තයි ඒ වගේ පුතෙක් ලබන්න" චාමර වීරසිංහගේ අම්මා කළ ප්‍රථම සහ අවසාන සාකච්ඡාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

23 Views

චාමර වීරසිංහ කියන්නේ ලොකු කුඩා වයස් බේදයකින් තොරව හැමෝම ආදරය කරන කලා ලොවේ ආදරණීය නිහතමානී ගායකයෙක්. දෙදාහා දශකයේ මුල්භාගයේ ඉතා ජනප්‍රිය ගායකයෙක් වුණු චාමර වීරසිංහ එතැන් සිට තවමත් වසර ගණනක් ප්‍රේක්ෂකයන්ගේ හිත් හොරකම් කර ඇත්තේ ඔහුගේ නිර්මාණවල තියෙන හැඟීම නිසාමයි.


ඔහුගේ එකම ගීතය ආයෙ ආයෙත් අහන ප්‍රේක්ෂකාගාරයක් ඔහු වෙනුවෙන් නිර්මාණය වෙලා තියෙනවා. මේ චාමර වීරසිංහගේ අම්මා සමඟ පුවත්පතක් කළ ප්‍රථම සහ අවසාන සම්මුඛ සාකච්චාවයි. ඉන් වසරකට පසුව ඇය අභාවප්‍රාප්ත වන අතර මෙම සම්මුඛ සාකච්චාවේදී ඇය චාමර ගැන බොහෝ දේවල් කියනවා.

පහත දැක්වෙන්නේ ඒ ලියමනයි.

"චාමර වීරසිංහ කියන්නේ ලොකු කුඩා වයස් බේදයකින් තොරව හැමෝම ආදරය කරන කලා ලොවේ ආදරණීය නිහතමානී ගායකයෙක්. දෙදාහා දශකයේ මුල්භාගයේ ඉතා ජනප්‍රිය ගායකයෙක් වුණු චාමර වීරසිංහ එතැන් සිට තවමත් වසර ගණනක් ප්‍රේක්ෂකයන්ගේ හිත් හොරකම් කර ඇත්තේ ඔහුගේ නිර්මාණවල තියෙන හැඟීම නිසාමයි. ඔහුගේ එකම ගීතය ආයෙ ආයෙත් අහන ප්‍රේක්ෂකාගාරයක් ඔහු වෙනුවෙන් නිර්මාණය වෙලා තියෙනවා.

අෑත දියඹේ සැඩ කුණාටු, සුළි සුලං, චණ්ඩ මාරුතවලින් කොච්චර නං නෞකා අතරමං වෙනවා ඇත්ද? ඒ මහා නෞකාවලට යන්න හරි පාර කියලා දෙන්නේ ගොඩබිමේ ඉන්න ප්‍රදීපාගාරය. නෞකා විතරක් නෙමෙයි. සාගර ජීවින් පවා මේ ප්‍රදීපාගාරයට අවනත වෙන්නේ නන්නාඳුන මහා සාගරේ පාර කියන එකම කෙනා එයා නිසා.

සමහරු කියනවා සතර දිසාවට විශාල ආලෝක කදම්භ විහිදුවට ප්‍රදීපාගාරය යට කළුවරයි කියලා. ඔව්. ප්‍රදීපාගාරය යට කළුවරයි. ඒත් ඒ ප්‍රදීපාගාරය රාත්‍රියට කොච්චර නම් අයට පාර කියනවා ඇත්ද?

අම්මලත් හරියට මේ ප්‍රදීපාගාරය වාගේ. තමන්ගේ ජීවිතේ මොන තරම් දුක්ඛ ‍ෙදාම්නස්සයන්ගෙන් කළුවර වුණත් ඒවා ඉවසා දරාගෙන දරුවන්ගේ ජීවිත ආලෝකමත් කරන්න අම්මලා කොයිතරම් නම් වෙර දරනවා ද? ගොඩක් අය ජීවිතේ ගැන කතා කරද්දි “ජීවිතේ කියන්නේ තක්සලාවකට” කියලා කියනවා. මම කියනවා ජීවිතේ තක්සලාවක් නම් අම්මා කියන්නේ ඒ තක්සලාවේ දිසාපාමොක් ඇඳුරුතුමාට කියලා. මොකද දරුවෙක් නව මාසයක් තිස්සේ උදර කුහරේ දරාගෙන විඳපු දුක වගේම ඒ දරුවා ලෝකේ එළිය දැකපු දවසේ ඉඳන් දියුණුවේ හිනිපෙත්තටම නඟින්න ජීවිත කාලෙම කැප කරන, පාර කියන තාරුකාව වෙන්නේ අම්මා මිසක් වෙන කවුද?


“මම මෙතනට ආවේ ලොකු කට්ටක් කාලා. මේ එන ගමන ඇතුළේ ගොඩක් කලකිරීම්, හිත් රිදීම් වුණා. මම රුපියල් 300ටත් සින්දු කියපු කාලයක් තිබුණා. ඒ දේවල්වලින් පහුබහින මාව දිරිමත් කළේ මගේ අම්මා. මට ජීවිතේ ඉවසීම පුරුදු කළේ මගේ අම්මා.”

තමන්ගේ අම්මා ගැන කියන්න මොනාහරිම දෙයක් හැම ළමයෙක්ටම කියනවා. ඒ පුතාටත් අම්මා ගැන කියන්න දෙයක් තිබුණා. ඒ වචනවලට විතරක් සීමා වුණ නිර්වචනයක් නෙමෙයි. හදවතේ හැඟීම් වචනවලට කාවද්දලා වර නඟපු වචන පෙළක එකතුවක්.

කලකට පෙර ලංකාවේ ප්‍රසංග වේදිකාව බටහිර පන්නයට නතුව තිබුණි. එකල ප්‍රේක්ෂක රසවින්දනයට නතු වූයේ බටහිර ආභාසය සහිත රොක් හිපොප් ශෛලියට අනුගත රිද්ම රටා මෙන්ම ඉන්දියානු හින්දුස්ථානී ආභාසය ඇසුරු කොටගත් හින්දි ගීතය. ප්‍රසංග වේදිකාවේ රසිකයන් ඔල්වරසන් දුන්නේ ද උරුවම් බෑවේ ද ඒ හරසුන් රිද්ම රටාවන්ටය. එය වෙනත් මඟකට යොමු කළ පුරෝගාමීන් අතර චාමර වීරසිංහ යනු රසික ජනාදරය දිනූ ප්‍රමුඛ පෙළේ හඬ පෞරුෂයකි.

වෙන කවුරුත් නෙමෙයි ඒ වචන පෙළේ අයිතිකරුවත් ඔහුම තමයි. තමන්ගේ අම්මා ගැන පුතාගේ මේ කියවීම් ඇතුළේ අපි ඒ අම්මාව හොයන්න පටන්ගත්තා. චාමරට ජීවිතේ ආපිට හැරෙන්න තීරණය කරපු තැන්වලදී ජීවිතේ කියන්නේ දියුණුවට විතරක් නෙමෙයි නින්දා අපහාස, පසුබැසීම් කියන්නෙත් ජීවිතයට කියලා කියලා දීපු ඒ අම්මව මුණගැහිලාම මේ පෙකණිවැලේ කතාවේ සුලමුල හොයන්න අපි තීරණය කළා.

හරිම කෙටි දුරකතන සංවාදෙකින් පස්සේ හවස් යාමේ චාමර වීරසිංහගේ ගෙදරට පිළියන්දල බණ්ඩාරගමට යන්න අපි තීරණය කළේ හීන් හිරිපොද වැස්සත් එක්කරගෙන. කියපු මංසලකුණු දිගේ ගෙදරට ගියාම අම්මා වගේම එදා විවේකයෙන් ගෙදරට වෙලා හිටපු චාමරත් අපිව ආදරෙන් පිළිගත්තා. අම්මා දැකපු ගමන්ම හිතුණේ චාමර වගේ කියලා. හරියටම කිව්වොත් චාමර අම්මා වගේ. අම්මාගේ හැඩහුරුකම්වලින් බොහෝමයක් චාමරටත් ඇවිත් තියෙනවා කියලා මේ අම්මයි පුතායි දිහා බලන ඕනෙ කෙනෙක්ට පේනවා.

“අපි එළියට ගිහින් කතා කරමු පුතේ. අපිට නිදහසේ කතා කරන්න පුළුවන් එතකොට.”
වැහි කළුව නිසා අන්ධකාර වුණ ගෙදර ඇතුළේ රූපවාහිනියේ සද්ද බද්ධ නිසා නිදහසේ කතා කරන්න බැරි බව වැටහුණු අම්මා අපිව නිවස ඉදිරිපිට ආලින්දයට එක්කරගෙන ගියා. නිදහසේ කියන්න තරම් මේ අම්මට තමන්ගේ පුතා ගැන ලොකු කතාවක් ඇති කියලා නිකමට හිතුණේ ඇගේ කතා විලාසයෙන්.

ආලින්දයේ කොනකට වෙන්න තිබුණ පුටුවක හරි බරි ගැහිලා හිමින් සීරුවේ වැටෙන හිරිපොද දිහා බලාගෙන අම්මා ඇගේ යටගියාව සිහිපත් කරන්න පටන්ගත්තා.
ඉදිකැටියේ හේවා ගමගේ ශික්ෂිතා මානෙල්. ඒ තමයි අම්මාගේ සම්පූර්ණ නම. මාතර වල්ගම ප්‍රදේශයේ සොහොයුරන් තිදෙනෙක්ට හා සොහොයුරියකට වැඩිමල් සොයුරිය විදිහට උපත ලබපු අම්මා තමන්ගේ පුංචි කාලේ විස්තර කිව්වේ හරි ආසාවෙන්. පවුලක වැඩිමලා විදිහට ගෑනු දරුවෙක් ලැබුණම අම්මාට ටිකක් සහනයක් ලැබෙනවා. මොකද ඉන් පස්සේ උපත ලබන බාල සොයුරු සොයුරියන් බලාකියාගන්න වගකීම “ලොකු දුවට” භාරදෙන්න පුළුවන් නිසා. ඉතින් හදිස්සියේම අම්මාට හොයාගන්න බැරි ලෙඩක් හැදිලා රෝගාතුර වුණාම පවුලේ ලොකු දුව වුණු චාමර වීරසිංහගේ අම්මා තමයි නංගිවයි මල්ලිලා තුන්දෙනාවයි බලාගෙන තියෙන්නේ.
“මගේ තාත්තා එළවළු ව්‍යාපාරිකයෙක්. මොන අඩුපාඩු තිබුණත් අපි පුංචි කාලේ හරි කෙළිලොල් විදිහට ගත කළා. දැන් ළමයින්ට පහසුකම් වැඩී. ඒත් එයාලට අපිට වගේ පුංචි කාලයක් නැහැ.”

අෑ තමන් විදපු කුඩා කළ මතක සිහිපත් කරන්නීය. රස විඳින්නීය. තමන් විඳි කුඩා කාලය අහිමි වත්මන් දරුවන් දෙස බලා පසුතැවෙන්නීය. අනේක විද දුක් ගැහැට මැද වුව ළමා කාලය හිමි තමන්ගේ පරම්පරාව සමඟින් තාක්ෂණයෙන්, පහසුකම්වලින් සපිරි දරුවන්ගේ කොටුවුණ ජීවිත සසදන්නීය.

තම යටගියාව ටිකෙන් ටික හාරවුස්සන අම්මාගේ කල්පනා ලෝකේ මඳකට අවහිර කරන්න හිතුණේ හිටිහැටියේ හිතට ආපු ප්‍රශ්නයක් නිසා.
“එතකොට අම්මා බැන්දේ කොයි කාලෙද?”

“මම බැන්දේ අවුරුදු 24න්. ගමේම කෙනෙක්ව තමයි මම බැන්දේ. එයා ‘ටේලර්’ කෙනෙක්. අපි දෙන්නා යාළු වෙලා බැන්දේ.”
ඒ වචන ටික කියනකොට අම්මාගේ මූණෙ ඇඳුණ ආදරබර හිනාවෙන්ම ඒ බැඳීම කොච්චර ආදරණීය ද කියලා කියන්න පුළුවන්.

වෘත්තියෙන් ඇඳුම් මසන්නෙක් වුණ තම සැමියාගේ ව්‍යාපාරයටත් උදව් උපකාර කරගෙන, දුක සැප බෙදාගෙන තමන්ගේ යුගදිවිය ගතකළ ආකාරය අම්මා රස කර කර අපිත් එක්ක කිව්වා.

“ඒ කියන්නේ අම්මාට හොඳට ඇඳුම් මහන්න පුළුවන් ඇති?”
මගේ තොරතෝංචියක් නැති ප්‍රශ්නවලින් ඊළඟ ප්‍රශ්නේ තමයි ඒ.

“ඔව්. මට ඕනම ඇඳුමක් හොඳට මහන්න පුළුවන්. පුංචි කාලේ චාමරලාගේ ඇඳුම් මහලා දෙන්නේ මම තමයි.
ඒ ඇඳුම් මහලා තමන්ගේ දරුවන්ට අන්දවලා හැඩ බලලා අම්මා මොන තරම් නම් සතුටු වෙන්න ඇත්ද ඒ කාලේ? දරුවන්ට තමන්ගේ අතින් මහපු ඇඳුම් අන්දන්න අම්මලා කොහොමත් හරි ආසයි.

වැහි අඳුරත් එක්ක එන හිරිගඬු පිපෙන හීනි සුළං රැල්ල හෙමීට ඇවිල්ලා අපිව වෙලාගෙන ආයිමත් තමන්ගේ ගමන යනවා. අම්මා හෙමින් හෙමින් වැටෙන හිරිපොද දිහා බලාගෙන ඒ නොකියපු කතාව අපිත් එක්ක කියනවා.

කතාව ගලාගෙන යන අතරේ මම කතාව අපේ කතා නායකයා දිහාවට හැරෙව්වා.
“අම්මේ... චාමර වීරසිංහ කියන්නේ පවුලේ කීවෙනියටද?”

“චාමර කියන්නේ පවුලේ පස්වෙනියට. මට ඉන්නේ දුවලා තුන්දෙනයි පුතාලා තුන්දෙනයි. චාමරට පස්සේ මල්ලි කෙනෙකුත් ඉන්නවා.”
සහෝදරියෝ තුන්දෙනෙක්ට සහ සහෝදරයෝ තිදෙනෙක්ගෙන් පස්වෙනියා හැටියට මාතර මහරෝහලේ උපත ලබපු චාමර වීරසිංහ නම් ඒ ප්‍රසංග වේදිකාවේ වේදනාබර සංවේදී හඬ පෞරුෂයේ යටගිය මතක අම්මා අපිත් එක්ක බෙදාගන්නවා. මේ අතරතුර කවුරුත් ආදරේ කරන චාමරගේ කුඩා කල මතකවලට එබිකම් කරලා බලන්න අපි අමතක කළේ නැහැ.

“චාමර තමයි මේ හයදෙනාගෙන්ම අහිංසකම ළමයා. විසේ නෑ. හරිම අහිංසක තැම්පත් ළමයෙක් එයා. එයා අහිංසක නිසාම ද කොහෙද හැමෝම එයාට ආදරෙයි.”

ප්‍රසංග වේදිකාවේ අහිංසක පෙම්වතා පොඩි කාලෙත් හරි අහිංසකයි කියලා අම්මාම කියපු නිසා පිළිගන්නම වෙනවා. අදටත් බැලූ බැල්මට පේන ඔහු සතු හික්මීම, තැම්පත් ගති පැවතුම් කුඩා කාලේ පටන්ම ගෙන එන ඇවතුම් පැවතුම් කියලා අම්මාගේ වචනවලින්ම ඕනෙ කෙනෙක්ට තේරෙනවා.

ගොඩක් අය සංගීත ක්ෂේත්‍රයට පිවිසෙන්නේ හුඟක් පුංචි කාලේ ඉඳලා දක්ෂතා පෙන්නලා ඒත් චාමර එහෙම නෙමෙයි.

“එයා පුංචි කාලේ වැඩියෙන්ම සංගීතයටත් වඩා කැමති චිත්‍රවලට. ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන්. එයා ඇඳපු චිත්‍රකතාවලින් තාත්තා තොරන් තුනක් ගැහුවා ඉස්සර.
හැමෝම ආදරේ කරන ඒ නිහතමානී කලාකරුවාගේ සැඟවුණු රහසක් තමයි අම්මා අපිත් එක්ක කිව්වේ. සංගීතයට විතරක් නෙමෙයි චිත්‍ර කලාවටත් දක්ෂතා දක්වන ඔහු විවිධ වූ හැකියා ඇත්තෙක් බව පසක් කරන තවත් කතාවක් අම්මා කිව්වා.

“එයාලගේ තාත්තා ටේලර්නේ. ඉතින් චාමරටත් හොඳට ඇඳුම් මහන්න පුළුවන්. එයාට විතරක් නෙමෙයි පවුලේ හැම ළමයෙක්ටම ඒ වැඩ හොඳට පුළුවන්.”
අපි ආදරය කරන මිනිස්සුන්ගේ නොදන්න දේවල් නම් කොයිතරම් තියනවාද? චාමර වීරසිංහ කියන්නේ හැමෝම දන්න විදියට අතිදක්ෂ ගායකයෙක්. ඒත් ඔහු චිත්‍ර ශිල්පියෙක්. ඒ වගේම හොඳ ඇඳුම් මසන්නෙක්. අම්මා තමන්ගේ පුතාගේ මේ හැකියා දක්ෂතා අපිත් එක්ක කිව්වේ හරි ආඩම්බරෙන්. ඒ වගේම හිතේ කොනක ගුලිකරගත්ත ආදරෙන්.

“චාමරගේ තාත්තත් හරි කැමතියි සංගීතයට. පුංචි කාලේ සංගීත සංදර්ශනවලට එක්කන් ගිහින් ස්ටේජ් එකේ තියලා ඒකේ සිංදු කියවලත් තියෙනවා මෙයාට කියලා. ඒත් ඇත්තටම එයා ස්ටෙජ් එකේ සිංදු කියනවා දකින්න තාත්තාට බැරි වුණා.”

අෑ මොහොතකට නිහඬ විය. ඒ පමාවෙන් ඇගේ නෙත් කොනේ දිලිහෙන කඳුළු කැටේ දැක ගන්න ලැබුණා. චාමර වීරසිංහට තමන්ගේ තාත්තා අහිමිවෙන්නේ අවුරුදු 12න්. ඒත් තාත්තා පුංචි කාලේ ඉඳන් හීන දැකලා තියෙන්නේ ඔහු දක්ෂ ගායකයෙක් වෙනවා දකින්න. මේ දේවල් අම්මා කොහේදෝ බලාගෙන කියාගෙන යන්නේ සතුටයි, දුකයි අතරමැද මොකක්දෝ කියාගන්න බැරි හැඟීමකින්. මට ඕන වුණේ ඒ හැඟීම අම්මත් එක්කම විඳින්න. ඒත් ඒ සිතුවිලි දිගුව මඳකට නතර කරන්න වුණේ හිටිහැටියේ. මගේ කලබල හිතට ආපු තවත් එක ප්‍රශ්නයක් නිසා.

“චාමරට අම්මා කතා කරන්නේ මොකක් කියලද?”

“මම එයාට කතා කරන්නේ ‘චම්මි’ කියලා”

ඒක චාමරට ආදරේ කරන රසිකයන්ට ලොකු හෝඩුවාවක්. කොහොම වුණත් චාමරගේ නිවුණ ගති පැවතුම් නිසා අම්මා චාමරට ටිකක් වැඩියෙන් ආදරේ කළා කියලා අම්මගේ කතාවෙන් අපිට තේරුණා.

චාමර වීරසිංහ ආපු මේ තරු ගමන ගැන අම්මාගේ මතකය අවදි කරන්නත් අපි අමතක කළේ නැහැ.

“එයා ඉස්කෝලේ යන කාලේ ගොඩක් සංගීතයට දක්ෂයි. ඉස්කෝලේ යන කාලේ එයාගේ ඒක පුද්ගල ප්‍රසංගයක් තිබුණා. ඒකෙන් පස්සේ තමයි එයාව ගොඩක් අය දැනගත්තේ. ඒ වගේම එයාට ඒකට හොඳ ප්‍රතිචාරත් ලැබුණා.

පුතාගේ තරු ගමනේ මතක එකින් එක අම්මා හරි සතුටෙන් හෙළි කරනවා. තමන් පුංචි කාලේ ඉඳන් හරි ආදරෙන් හදපු දරුවෝ ලොකු තැන්වල වැජඹෙද්දී අම්මලාගේ සතුට වචනවලට පෙරළන්න හරි අමාරුයි. වචන වෙනුවට එළියට එන්නේ කඳුළු කැට. ඒත් ඒවා සතුටු කඳුළු.

පුංචි තැනකින් පටන් අරගෙන දවසින් දවස මුළු රටක්ම ආදරය කරන තැනට එනකම් චාමර වීරසිංහ ආපු ගමන ගොඩක් දුෂ්කරයි. ඉතින් මේ හැමදේකටම ඔහු ළඟින් හිටියේ චාමරගේ ‘අම්මා’. ඉතින් දරුවා මේ ඉන්න තැන ගැන දැනෙන හැඟීම අහන්න හොඳම කෙනත්, ඒ සතුටේ අයිතිකාරියත් ඒ අම්මා විතරයි.

“මට ගොඩක් සතුටුයි පුතා ඉන්න තැන දැකලා. ඒ වගේම මම ගොඩක් වාසනාවන්තයි. ඒ වගේ පුතෙක් ලබන්න. එයා දවසින් දවස ඉහළට යනවා. මට එතකොට එයාලගේ තාත්තව මතක් වෙනවා. තාත්තත් හිටි නම් කියලා හිතෙනවා.”

ඒ අන්තිම වචන ටික ඉවර වුණේ ඉකියකින්. තමන්ගේ පුතා ඉන්න තැන ගැන සතුටුවෙන අම්මා ඒ දිහා බලන්න තාත්තා නැති වුණ ඒක ගැන දුක් වෙනවා. ජීවිතේ කියන්නේ හරි පුදුමාකාර එකක්. කෙනෙක්ට දෙයක් ලැබෙනකොට තවත් දෙයක් අහිමි වෙනවා. ළමයි පුංචි කාලෙම තමන්ගේ සැමියා අහිමි වුණාම අම්මා කෙනෙක් මොනතරම් අසරණ වෙනවා ඇත්ද? කොයි තරම් දුක්විඳලා ඒ දරුවෝ හදන්න ඇත්ද? ඒ හැමදේටම හිත හයිය කරගෙන තමන්ගේ ස්වාමියාගේ ව්‍යාපාරය වැඩිමහල් පුතාත් එක්ක දිගින් දිගටම කරගෙන පවුලම නඩත්තු කළා කියලා අම්මා අපිත් එක්ක කිව්වා. එහෙම දුක්විඳලා හදපු ළමයි දැන් ඉහළ තලයක බැබළෙද්දි අම්මාගේ සතුට කොහොමට ඇත්ද?
මේ තොරතෝංචියක් නැති ප්‍රශ්නවලට මගේ හිතට ඉඩදීලා මම අහන්න හිතාගෙනම හිටපු ප්‍රශ්නයක් අම්මාගෙන් ඇහුවා.

“චාමර මේ දැන් ඉන්න විදිහට අම්මා කැමතිද?”
“එයා මුළු ඇගේම පච්ච කොටාගෙන ඉන්නේ. කනයි, මූණයි තුන් හතරපලකින් විඳලා ඉන්නේ. මම නම් ඒවාට කැමති නැහැ. ඒවා කරගෙන ආවම මම බයිනවා. ඒත් ඒක එයාගේ කැමැත්තනේ. ඒ නිසා ඒක මට නතර කරන්නත් බැහැ.

ඒ වචන හරි අව්‍යාජයි. තමන්ගේ දරුවෝ තමන් අකමැති දේවල් කළාම ඒ දේට විරුද්ධ වෙන්න අම්මලා දෙපාරක් හිතන්නෙ නැහැ. ඒත් අම්මලා දරුවන්ගේ කැමැත්තට ඉඩ දීලා තමන්ගේ විරෝධය යටපත් කරගන්නේ ආදරේට.

තාරුණ්‍යයේ අතිමහත් බහුතරයක ආදරය දිනාගත් ප්‍රසංග වේදිකාවේ ජනප්‍රියම, නිහතමානීම කලාකරුවෙක් විදිහට කවුරුත් දන්න කියන තමන්ගේ පුතාගේ ඉදිරිගමනට අම්මා ආශිර්වාද කරන්නේ සුපසන් සිතින්. නොකිව්වත් ඒ ආශිර්වාදය, ආදරය, ඇගේ හැම වචනයකින්ම දෝරේ ගලනවා. අම්මා කෙනෙක් ජීවිතේ ලබන්න කියන උපරිම සතුට, ගෞරවය චාමර වීරසිංහගේ අම්මා විඳලා හමාරයි. ඇගේ අවසන් බලාපොරොත්තුවත් හරි උපේක්ෂා සහගතයි.

“මගේ අන්තිම බලාපොරොත්තුව මෙහෙම ඉඳලා කිසිම කරදරයක් නැතුව, එකතැන් වෙන්නෙ නැතුව මගේ හුස්ම ටික යන්න එක තමයි.”
ඇය ජීවිතේ නොයෙක් විඳ දුක්ඛ ‍ෙදාම්නස්නයන්ගෙන් පීඩා විඳ දරා ගන්නීය. සැමියාගේ අභාවයත් සමඟ අනිත්‍ය අනාත්ම ලක්ෂණ පසක් කරමින් කල්ගෙවන්නීය.

දරුවන් මෙන්ම මුණුබුරු මිනිබිරියන්ගේ ආදරය ලබමින් ජීවිතේ සැදෑ සමය ගත කරන්නීය. තම පුතු විඳින පැසසුම්, මෙන්ම නින්දා දෙස උපේක්ෂා සහගත සිතින් බලන්නීය. ජීවිතේ මේ යැයි අවබෝධ කරගනිමින් ප්‍රීතිමත් මරණයක් බලාපොරොත්තුවෙන් පසුවන්නීය. කෙසේ වුව ද අෑ ඒ රටක් ආදරය කරමින් ඔල්වරසන් දෙන චාමර වීරසිංහ නම් ඒ දැවැන්ත හඬ පෞරුෂයේ ‘ආදරණීය අම්මා’ විය.

නිර්මාණි බණ්ඩාරනායක
ඡායාරූප - හෂාන් අනුරාධ

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top