"බස් රථය මගීන්ගෙන් අඩුවක් නොවීය.
බසයට නැගි මොහොතෙ සිට පාසල් ළමුන් වෙනුවෙන් ඔහුගේ මුවින් පිට වූ වදන් මෙම සටහන ලිවීමට මූලික විය..."
මේක හරි දුර්ලබ කතාවක්....
සාමාන්‍යයෙන් කොන්දොස්තරලා කියන්නෙ නිතරම වගේ මගීන්ගේ දෝෂ දර්ශනයට ලක්වන පිරිසක්නෙ.
එහෙම පිරිස් අතරින් ඇහෙන මේ කතාව ඇත්තටම අගය කළ යුතුයි...
"මා ඔහු කව්රැන්දැයි පුද්ගලික ව නොදනිමි..
නමුත් අද උදයෙ හෙට්ටිපොලින් කුරුණෑගල බලා පිටත් වීමට නැගි කුරුණෑගල -හලාවත බස්රථයෙ කොන්දොස්තර මහතා විය.
බස් රථය මගීන්ගෙන් අඩුවක් නොවීය.
බසයට නැගි මොහොතෙ සිට පාසල් ළමුන් වෙනුවෙන් ඔහුගේ මුවින් පිට වූ වදන් මෙම සටහන ලිවීමට මූලික විය.
1.. සල්ලි නැතුව හරි කමක්නෑ කොහොම හරි බස් එකට නැගල ඇතුලට ඇවිල්ලා ඉස්කෝලෙ යමල්ලා..."