ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 200 පිරිමි රන් පදක්කම නෝවා ලයිල්ස් Noah Lyles විසින් දිනා ගත්තා.
26 වසක් ඉපැරණි මළල ක්‍රීඩා වාර්තාවක් ද බිඳ දමමිනුයි ඔහු මෙලෙස ජයග්‍රහණය කළේ.
ඒ අනුව නෝවා ලයිල්ස් ඔරිගන්හි පැවති ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 200 රන් පදක්කම තමා සතුකර ගැනීමට සමත් වුණා..
ඔහුට තරගය අවසන් කිරීමට ගතව තිබූ කාලය තත්පර 19.31කි.
මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ අමරිකානු කෙටිදුර ධාවන ශුරයෙකු වන මයිකල් ජොන්ස් විසින්.
ඔහු සිය වාර්තාව තබා තිබුණේ මීටර් 200 තරග ඉසව්ව තත්පර 19.32කින් නිම කරමින්.
මෙය ධාවන ඉසව්වක වාර්තා වන හොඳම සහ වේගවත්ම සිව්වැනි කාල වේලාවයි.
තරග ජයග්‍රහණයෙන් අනතුරුව නෝවා ප්‍රකාශ කළේ, එම තරගය තමන්ගේ දවස වූ බවයි.
"Today is my day and I finally got to do what I've dreamed about for years. I've got my whole family here,"