කෙසේ වෙතත්, මෙම ආන්දෝලනාත්මක සිදුවීමෙන් පසු, මහීල් බණ්ඩාර සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබුණේ, තමන් පෙම්වතියගෙන් වෙන්වීමට තීරණය කළ බවයි.
එම වෙන්වීමට කරුණු කියමින් මහිල් තැබූ දීර්ඝ සටහනේ ඔහු වැඩිදුරටත් කියා තිබුණේ, "අදින් පසු ජීවන සහකරු නොවූවත් හොදම යාලුවෙක් විදියට උබට මන් හයියට ඉන්නම්." කියා යි.
කෙසේ වෙතත්,
එසේ පෙම්වතියගෙන් 'වෙන් වූ' බව ලෝකෙට කියූ මහීල්, ගයත්‍රි සමඟ ම යුග දිවියට පිවිස තිබෙනවා.
මහීල් ඔහු විවාහපත් වුණු බව සඳහන් කරමින්, ඔහුගේ මුහුණු පොතට ඡායාරූපයක් ද එක් කර තිබුණා.
එමෙන්ම, නව යුවළ විවාහයට පෙර ගත් ඡායාරූප එකතුවකුත් අපට අහම්බෙන් වගේ හමුවුණා.
සියලු ඡායාරූප පහතින් බලන්න..