හැබැයි ඒ රළු පෙනුම පිටුපස තියෙන රත්තරන් හදවත ගැන කියවෙන මේ කතාව ඇහුවොත්, ඔබත් අද ඉඳන් රොනාල්ඩෝගේ දැඩි ලෝලියෙක් වෙනවා නොඅනුමානයි!
මේ කතාවේ කතානායකයා දස හැවිරිදි එරික් ඔර්ටිස් (Erik Ortiz Cruz). උපතින්ම දරුණු මොළයේ රෝගයකින් (Cortical Dysplasia) පීඩා විඳපු මේ පුංචි දරුවාට දවසකට 30 වතාවකට වඩා වලිප්පුව හැදෙනවා.
තමන්ගේ දරුවා වේදනාවෙන් ගැහෙනවා බලන් ඉන්න බැරිම තැන, ඒ දෙමාපියන් වෛද්‍යවරුන් හමු වුණත් ඒ සැත්කමට අවශ්‍ය වුණු ඩොලර් 83,000 ක මුදල ඔවුන්ට හීනයක් වුණා.
අන්තිම බලාපොරොත්තුව විදිහට ඔවුන් රොනාල්ඩෝට පණිවිඩයක් යැව්වා. හැබැයි ඔවුන් රොනාල්ඩෝගෙන් සල්ලි ඉල්ලුවේ නැහැ.
"අනේ රොනාල්ඩෝ, අපේ පුතාගේ ඔපරේෂන් එකට සල්ලි හොයාගන්න ඔයා පාවිච්චි කරපු බූට් දෙකක් හරි ජර්සි එකක් හරි දෙන්න. අපි ඒක වෙන්දේසි කරලා සල්ලි ටිකක් හොයාගන්නම්"
ලෝක ප්‍රසිද්ධ ක්‍රීඩකයෙක් මේකට උත්තර දෙයි කියලා ඔවුන් හීනෙකින්වත් හිතන්න නැතුව ඇති.දින කිහිපයකට පස්සේ රොනාල්ඩෝගෙන් එරික්ගේ ගෙදරට පාර්සලයක් ආවා.
ඒකේ රොනාල්ඩෝගේ අත්සන තියපු බූට් දෙකයි ජර්සි එකයි විතරක් නෙවෙයි, තවත් පුංචි චෙක් පතක් තිබුණා. ඒකේ වටිනාකම දැකලා දෙමාපියන්ගේ ඇස් වලට කඳුළු ආවා.
ඩොලර් 83,000ක්! ඔව්, සැත්කමට අවශ්‍ය සම්පූර්ණ මුදලම රොනාල්ඩෝ තනිවම ගෙවලා තිබුණා. එතනින් නතර නොවී, දරුවා සුව වෙනකම් යන හැම අමතර වියදමක්ම තමන් දරනවා කියලා රොනාල්ඩෝ පොරොන්දු වුණා.
අද කාලේ රුපියල් දහයක් දීලා සෙල්ෆියක් ගහලා Facebook දාන ලෝකෙක, රොනාල්ඩෝ මේ මහා පරිත්‍යාගය කළේ කිසිම මාධ්‍ය ප්‍රසිද්ධියක් නැතුවයි. මේ කතාව ලෝකය දැනගත්තේ එරික්ගේ දෙමාපියන් අතිශයින්ම හැඟීම්බරව මේ රහස රටට හෙළි කරපු නිසයි.