අම්මා කෙනෙක් සමාජයේ තනි වුණාට පස්සෙ එන යෝජනා විවිධාකාරයි. ඒක අපේ සමාජයේ සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා.
මේ ගැනත්, සිය ආදරණීය පුතු ගැනත් පුෂ්පිකා පහුගිය දවසක කතාබහක යෙදිලා තිබුණා.
ඒ ඇය තනි අම්මා කෙනෙක් හැටියට ඒ ජීවිතේට මුහුණ දෙන හැටි ගැන යූටියුබ් නාලිකාවකට අදහස් දක්වමින්...
පහතින් දැක්වෙන්නේ එම කතාබහෙන් කොටසක්...
"අපි සිංගල් කියලා දැනගත්තාම ,ලස්සනයි නම් යෝජනා එනවා.. හැබැයි මම හිතන්නෙ ලස්සන කාන්තාවකට, දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් ළඟට පිරිමියෙක් එන්නෙ ආදරේට නෙවෙයි...
මම හිතන්නෙ ඒ ආසාවට...
සමහර වෙලාවට මම තනියම අඬන අවස්ථා තියෙනවා... දුකකටත් වඩා මම සතුටු වෙනවා මට ලස්සන දරුවෙක් ඉන්නවා ඒ ගැන... යනුවෙන් ඇය සිය හැඟීම් වචන කරනවා...
"ගිය ආත්මෙ කළ මොකක් හරි පවක් කරලා තියෙනවා... මම නම් හිත හදාගන්නෙ එහෙමයි"...යනුවෙන්ද ඇය වරෙක පවසනවා..
"මම ඉස්කෝලෙ යන කාලෙ ඉදන් අම්මා කෙනෙක්ගෙ භූමිකාවට එන්න හීන දැකපු කෙනෙක්...
මැරි කරපු ගමන්ම මාස දෙකකින් මම ප්‍රෙග්නන්ට් වුණා...
මගෙ දරුවා මට නෝර්මල් ගන්න ඕනි වුණා..." යනුවෙන් උත්තරීතර මව් පදවිය ගැන සිය හැඟීම් වචන බවට පෙරලනවා...
"ඉර හඳ තියෙන තාක්කල් එකට ඉන්න අපි විවාහ වෙන්නෙ... මම උත්සාහ කලේ හස්බන්ඩ් එක්ක දරුවා එක්ක,, මැරෙන තුරාවට වෙන් නොවී ඉන්න... නමුත් අපිට වෙන්වෙන්න වුණා.... ඉතින් මම දැන් ඒ දේවල් ගැන හිතන්නෙ නෑ... ඒක ගිය ආත්මෙ කළ පවකට වෙන්න ඇති එහෙම වුණේ කියලා මම හිතනවා..." යන්නෙන් පුෂ්පිකා තම විවාහ දිවියේ මතක ආවර්ජනයක යෙදී තිබුණා...
මේ ඇගේත් ආදරණීය පුතුගේත් රූ එකතුවක්...