යානයේ කී දෙනෙක් සිටියාද යන්න සහ දිවි ගලවා ගත් අය සිටීද යන්න තවමත් අනාවරණය වී නොමැත.
ග්‍රීසියේ ERT රාජ්‍ය විකාශය වාර්තා කළේ යානය ටොන් 12ක භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ බවයි.
එන්ජිමේ ඇති වූ දෝෂයක් හේතුවෙන් ගුවන් නියමුවා සිදුවීම වූ නගරයේ ගුවන් තොටුපළට හදිසි ගොඩබෑමක් ඉල්ලා සිටි නමුත් ධාවන පථයට ළඟා වීමට නොහැකි වූ බවයි වාර්තා වෙන්නේ.
ඇතැම් වාර්තාවලට අනුව යානයේ පුද්ගලයන් අට දෙනෙකු සිට ඇති බව වාර්තා වෙනවා.