මෙලෙස කිඹුලෙකුගේ ග්‍රහණයට ලක්ව ජිවිතක්ෂයට පත්වූයේ කිඹිස්ස ප්‍රදේශයේ පදිංචි කණ්ඩලම ඩී,එස්. සේනානායක විද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබන චනුත් සත්සර නම් සිසුවෙක්.
ඔහු සිය පියා,මව සහ සහෝදරිය සමග ඊයේ පස්වරුවේ දුන්නබිදුනු වැවට ගොස් දියට බැසීමට ගිය අවස්ථාවේදීයි මෙම අනතුරට ලක්ව තිබුණේ.
දරුවා කිඹුලාගේ ග්‍රහණයට හසුවන අවස්ථාවේදී පියා එම ස්ථානයේ සිට ඔහු බේරා ගැනීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ වී තිබෙනවා.
කුඩා දරුවන් සමග ජලාශ වල දියනෑමට යාමේදී වැඩිහිටියන් වඩාත් කල්පනාකාරිව කටයුතු කරන ලෙසට පොලීසිය ඉල්ලීමක් කළා.
එමෙන්ම, තම ආරක්ෂාව තහවුරු වන ස්ථානවල පමණක් දියට බැසීමට හෝ දියනෑමට මෙන්ම, අනතුරුදායක පුවරු හෝ ප්‍රදේශවාසීන් විසින් දියනෑමට නුසුදුසු බවට සඳහන් කරන ස්ථානවල දියනෑම හෝ දියට බැසීම සිදු නොකළ යුතු බවයි පොලීසිය වැඩිදුරටත් දැනුම් දෙන්නේ.
විශේෂයෙන් කිඹුලන් සිටින ජලාශ හා ගංගාවල දියනෑම සඳහා කොටු වෙන් කර ඇති ආරක්ෂිත ස්ථානවලට පමණක් දියනෑමට හෝ දියට බැසීමේදී ආරක්ෂාව පිළිබඳව වඩාත් සැලකිලිමත් වන ලෙසට ද පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.