Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
15
“...සමහරු කිව්වේ ප්‍රේක්ෂකයින් එන්නේ මගෙ නිරුවත හොයාගෙන කියලා. සමහරු ඉතින් ඊර්ෂ්‍යා කරනවා ඇති! මට තේරෙන්නෙ නෑ ඇයි මිනිස්සු මාව මේතරම් විකුණගෙන කන්නෙ කියලා...” - සිංහල සිනමාවේ ගිනිසිළුව සුමනා ගෝමස් නොකී කතාවයි මේ.... - Photos

- “...සමහරු කිව්වේ ප්‍රේක්ෂකයින් එන්නේ මගෙ නිරුවත හොයාගෙන කියලා. සමහරු ඉතින් ඊර්ෂ්‍යා කරනවා ඇති! මට තේරෙන්නෙ නෑ ඇයි මිනිස්සු මාව මේතරම් විකුණගෙන කන්නෙ කියලා...” - සිංහල සිනමාවේ ගිනිසිළුව සුමනා ගෝමස් නොකී කතාවයි මේ.... - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

16 Views

“මගේ බ්ලවුස් එකක බොත්තම් ගැලවුණාම
අශිෂ්ඨ විදිහට දැක්ක අය..
අද සමහරු ප්‍රසිද්ධියේ සෝෂල් මිඩියා වල රෙදි ගලවත්දි ඒවා දකින්නෙ නෑ.”

"ඇගේ වෛරය", "කාම සූත්‍ර" වැනි අතිශය ආන්දෝලනාත්මක සිනමා පටවල රඟපෑ සුමනා ගෝමස්ව ඔබට අමතක නැතුව ඇති.

කාලයක් මෙරට සිනමාවට අමතක නොවන මතක එක් කළ ඇය දැන් සිටින්නෙ විදෙස්ගතවයි.

එහෙත් අදටත් මුහුණු පොත හරහා රසිකයින්ව අමතන සුමනා ගෝමස්ගේ ඉපැරණි මතක සටහන් විටින් විට බුකියට එකතු වෙනවා.


මේ තියෙන්නෙත් ඒ විදිහේ මතක ආවර්ජනයක්..

ප්‍රශ්නය : ඔබ කතෝලික භක්තිකයෙක් ?
පිළිතුර : නෑ ... මම උපතින්ම සිංහල බෞද්ධ. මගේ පෙළපත් නම , වාසගම දකින අය හිතන්නෙ මම කතෝලික කියල.

ප්‍රශ්නය : ක්‍රිස්තු චරිතය වගේ චිත්‍රපට නිර්මාණයකට එක්වීමට ලැබීම ගැන කිව්වොත් ?
පිළිතුර : එය විශිෂ්ඨ නිර්මාණයක්. එහි මගේ භූමිකාව වෙනුවෙන් මාව තෝරාගෙන තිබුණේ ... මගේ පෙනුම පිටරට නිළියකට හුරු හින්දා කියලයි .. මට කිව්වේ. විජය චිත්‍රාගාරය ඇතුළෙ තමා මුළු චිත්‍රපටයම රූගත කළේ. මම ස්තූති කරන්න ඕනෙ ඒ නිර්මාණයට මාව එක්කර ගැනීම ගැන ... ඊට මැදිහත් වුණු හැමෝටම.

ප්‍රශ්නය : ඇගේ වෛරය 2 ?
පිළිතුර : මම හිතුවෙ ඔයා කලින් ඔය ගැන අහාවි කියල. ලුයී මට ඇගේ වෛරය 2ට කතා කලා. ඒ වෙනකොට ඇගේ වෛරය රට ඇතුළෙ ලොකු කැළඹීමක් කරල තිබුණේ. සීමිත වපසරියක මට ලැබුණු චරිතය උපරිමයෙන් කළේ. අදටත් චන්දි හා මා එක්වුණු ඒ දර්ශන කීපය ගැන බොහෝ දෙනෙක් කතා කරන්නේ ඒ හින්දා වෙන්නැති.

ප්‍රශ්නය : ඇගේ වෛරය 3 හා 4හි ඔබ ප්‍රධාන නිළිය ... අද ඒ මතක ගැන හිතන්නේ ?
පිළිතුර : චිත්‍රපට විතරක් නෙවෙයි ප්‍රසාද් ... කටවුට් පවා ලොකු මාතෘකාවක් වුණා. ක්ෂේත්‍රයේ සමහරු මාව විවේචනය කරල තිබුණා. ඒත් ඒ චිත්‍රපට දෙකම රසිකයින්ගෙන් ශාලා පුරවන්න සමත් වුණා.

ප්‍රශ්නය : කාම චිත්‍රපට රැල්ලක් ගැන ඒකාලෙ කියවුණා. එහි ප්‍රධාන භුමිකා සියල්ලම වගේ හිමිවුණේ ඔබට ?
පිළිතුර : ඔය කාලෙ වෙනකොට චිත්‍රපට වලින් ප්‍රේක්ෂකයින් ඈත් වෙමින් උන්නේ. මම දැක්කා ඔයත් ඒ ගැන ලියල තියෙනවා. ලුයී , සුනිල් ටී. අභියෝගයක් බාරගත්තේ. හැබැයි ඊටත් එහා ගිය අභියෝගයක් මට තිබුණේ. සමහරු කිව්වේ ප්‍රේක්ෂකයින් එන්නේ මගෙ නිරුවත හොයාගෙන කියල. මම කැමති නෑ ඇත්තටම ඒවාට දැන් උත්තරයක් දෙන්න. ඒ චිත්‍රපට සියල්ලම වගේ හොඳ ආදායම් ලබපු ඒවා.

ප්‍රශ්නය : රාගයේ උණුසුමත් සමගින් ... සිනමාවේ ගිනි සිළුව නමින් අන්වර්ථ නාමයක් එකතුවෙනවා. සුමනා ගෝමස් හැටියට ඒ බ්‍රෑන්ඩ් එක ගැන අද මොකද හිතන්නේ ?
පිළිතුර : මම දකිනවා අදටත් ගොඩක් දෙනෙක් මීඩියා වල මාව නම්කරන්නේ එහෙම කියල. මේකයි හැමෝටම ගිනි සිළුවක් වෙන්න බෑනෙ. මම ගොඩනගා ගත් දේ ගැන පුංචි සතුටක් තියෙනවා. අවුරුදු ගාණක් ගිහිනුත් මිනිස්සුන්ට තාම මාව මතකයෙන් ගිලිහිලා නෑ. සමහරු ඉතින් ඊර්ෂ්‍යා කරනවා ඇති . ( හිනැහෙමින් ) ඔයා දන්නවනෙ ප්‍රසාද් ඒ ගැන.

ප්‍රශ්නය : මීට කලින් මං වගේ කෙනෙක් දැකල තියෙනවද .. මතකද ?
පිළිතුර : අහ් ... කාම සූත්‍ර . මම ආසම දර්ශනයක්. රොෂාන් පිළපිටිය එක්ක. ඒකාලෙ මගෙ චිත්‍රපට දෙබස් ගොඩක් අයට කටපාඩම්. ඔයාටත් හොඳ මතකයක් තියෙනවා. ස්තූතියි ...

ප්‍රශ්නය : ඔබ ඉදිරිපත් වුණු සමහර දර්ශන ගැන පසුතැවීමක් නැද්ද ?
පිළිතුර : පිටපතට උචිත දේ විතරයි මම කළේ. ඔයා දන්නවද මම ගොඩක් දර්ශන ප්‍රතික්ෂේප කලා. ඒවට වෙනත් අය යොදාගත්තේ. ඒත් හැමෝම කතා වුණේ සුමනාගෙ නිරුවත ගැන.

ප්‍රශ්නය : වර්තමානය තුළ සමාජ මාධ්‍යයේ ඔබ ක්‍රියාකාරී චරිතයක් ?
පිළිතුර : අනේ ... ප්‍රසාද් ඔයා දන්නවද මගෙ නමින් ෆේක් එකවුන්ට් අටක් නවයක් තියෙනවා. FB page හතරක්. මට තේරෙන්නෙ නෑ ඇයි මිනිස්සු මාව මේතරම් විකුණගෙන කන්නෙ කියල. සමහරු හොඳ මුහුණ පෙන්නගෙන මට හතුරුකම් කරන්නේ ... ඒක එදත් අදත් එහෙමයි. මම රංගනයෙන් ඉවත්වෙලා දැන් කාලයක් ගෙවිල. ඔය ඉන්නේ ඕනෙතරම් අලුත් අය ... ඇයි මේ සමහරු මාවම විනාශ කරන්නේ.

ප්‍රශ්නය : ඔබ කලකිරීමෙන් ?
පිළිතුර : ඇත්තටම ඔව්. සමහරු මගෙ පරණ චිත්‍රපට කොටස් අරගෙන සෙක්ස් චැනල් වලට දාල සල්ලි හොයනවා. මම මේ ගැන පුළුවන් හැමතැනටම පැමිණිළි කළා. ටික දවසකින් ආයෙත් ඒ දේම වෙනවා.

ප්‍රශ්නය : සමහරවිට නූතන තරුණ ප්‍රජාවත් ඔබේ රූපයට වශීවෙලා වෙන්නැති ?
පිළිතුර : කැමැත්ත එකක් .. විකුණගෙන කෑම තව එකක්නෙ ප්‍රසාද්.

ප්‍රශ්නය : ඔබ ගැන කාලාන්තරයක් තිස්සේ උන්මාදයෙන් උන්නු රසික පිරිසකුත් ඉන්නවා ?
පිළිතුර : අනේ ඔව් .. ඒ හැමෝම ගැන මට තියෙන්නේ ගෞරවයක්, ආදරයක්. සමහරු ඒ කාලෙත් මාව දකින්න , කතා කරන්න ආසාවෙන් හිටපු අය. මාව විවාහ කරගන්න හීන දැක්ක අය.

ප්‍රශ්නය : අවසාන වශයෙන් යමක් කිව්වොත් ?
පිළිතුර : මගේ කකුලක් දැකල අවලාද නගල කුලප්පු වුණු අය ලෝකෙට හොරෙන් මාව සම්බන්ධ කරගන්න උත්සාහ ගත්තා කියල මම දන්නවා. කළිසම් ඇන්දට හැමෝම මහත්තුරු නෙමෙයි නේ ප්‍රසාද්. මගේ බ්ලවුස් එකක බොත්තම් ගැලවුණාම අශිෂ්ඨ විදිහට දැක්ක අය .. අද සමහරු ප්‍රසිද්ධියේ සෝෂල් මිඩියා වල රෙදි ගලවත්දි ඒවා දකින්නෙ නෑ. ආයෙත් මම කරුණාවෙන් ඉල්ලලා හිටින්නෙ මගෙ වීඩියෝස් , ෆොටෝස් අරගෙන ... සමහර ඒවා විකෘති කරල කරන මේ විකුණගෙන කන එක නවත්තන්න කියල.

ප්‍රශ්නය : ඉදිරියේ යළිත් අපිට ඔබව දකින්න ලැබෙයිද ?
පිළිතුර : මම රංගනයෙන් අයින් වෙලා නෑ. ඒක කරන්න බැරි දෙයක්. මම උපන්නෙම කලාවට ලැදි පවුලකනෙ. හිතේ කොනක යම් බලාපොරොත්තුවක් තියෙනවා අලුත් නිර්මාණයක් ගැනත්. ආ ... ප්‍රසාද් .. තව දෙයක් . මම හිතාගෙන ඉන්නවා අලුත් යූ ටියුබ් නාලිකාවක් පටන්ගන්න. මගේ ආදරණීය රසික රසිකාවියන්ගෙන් ... ඉල්ලනවා මගේ යූ ටියුබ් නාලිකාව පටන්ගත්තම සබ්ස්ක්‍රයිබ් කරල මා එක්ක එකතුවෙන්න කියල.

ස්තූතියි ඔබතුමියට කාල වේලාව වෙන්කර දුන්නාට.
ස්තූතියි ප්‍රසාද් ... ඔයාටත්.

Prasad C Jayasinghe
 


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top