කෙසේ වෙතත්, එහිදී ඇති වූ නොසන්සුන්තාවයෙන් තුවාල ලැබූ 39 දෙනෙකු මේ වනවිට කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ ඊට කාන්තාවන් දෙදෙනෙකු ද ඇතුළත් බවයි. මේ අතර, අරගලකරුවන් අද දහවල් ජාතික රූපවාහිනියට ද ඇතුළු වූ අතර ඔවුන් එහි සජීවි වැඩසටහනකට ද සහභාගි වී තිබුණා.
පසුව එහි විකාශන කටයුතු ද කෙටි කාලයකට අත්හිටුවනු ලැබූ අතර පසුව විකාශන කටයුතු යළි ආරම්භ කළා.
මේ අතර, පවතින තත්ත්වය හමුවේ ස්වාධීන රූපවාහිනි සේවය ද සිය විකාශන කටයුතු අද පස්වරුවේ අත්හිටවූ අතර එහි විකාශන කටයුතු ද මේ වනවිට යථා තත්ත්වයට පත්වී තිබෙනවා.
මේ අතර, බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ පාර්ලිමේන්තු පිවිසුම අසල විරෝධතාවක් විසුරුවා හැරීමට පොලීසිය අද පස්වරුවේ තවත් කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබුණා.
විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අද පස්වරුවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ජනතාවගෙන් ඉල්ලා සිටියේ නීතිය හා සාමය පවත්වාගෙන යාම සඳහා ආරක්ෂක අංශ වලට සහය ලබාදෙන ලෙසයි.