"කවදාවත් මගේ යාලුවගේ මල්ලී කියලා දැනුනේ නෑනේ උබව ,
උබ මගේ බොක්කෙම යාලුවෙක් වගේ හිටියේ.
අනේ කවදාවත් මේ වගේ පෝස්ට් එකක් දාන්න වෙයි කියලා හිතුවේ නෑ මල්ලී..."
ඉන්ධන පිරවුම්හලක සිදු වූ ගැටුමකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
මෙම ගැටුම ඇති වී තිබෙන්නේ, ගාල්ල - මාගල්ල ඉන්ධන පිරවුම්හලේ ඊයේ (07) රාත්‍රියේදියි..
දෙපිරිසක් ඇති වූ මෙම ගැටුමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හබරාදුව - වංචාවල - යටගල පදිංචිව සිටි 25 හැවිරිදි තරුණයෙක්.
තුවාල ලැබූ සෙසු පිරිස මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තාවන්නේ.
මෙලෙස ජීවිතයෙන් සමුගෙන් ඇත්තේ අචිර සාලින්ද නැමති තරුණයෙක්.
මේ ඔහු ගැන තබා තිබූ සංවේදී සටහන් කිහිපයක්....
"අනේ අචිර මල්ලී
ඊයේ හවස උබ එක්ක තෙල් ගැන කතා කරලා තෙල් ටිකක් දීපන් කිව්වම විහිලුවට මට බැනලා අන්තිමට හරි ටිකක් දෙන්නම් කියලා දැන් උබ ඇයි මේ සද්ද නැතුව
කවදාවත් මගේ යාලුවගේ මල්ලී කියලා දැනුනේ නෑනේ උබව , උබ මගේ බොක්කෙම යාලුවෙක් වගේ හිටියේ. අනේ කවදාවත් මේ වගේ පෝස්ට් එකක් දාන්න වෙයි කියලා හිතුවේ නෑ මල්ලී
ආපහු ඉස්සරහට උබ නෑ කියලනම් හිත හදාගන්න බෑ බං
තෙල් පෝලිමකදී වෙන බහින් බස්වීමකට පිහියෙන් අනින්න තරම් නූගත්, කෘර සමාජයක අපි ඉන්නේ
ආදරෙයි මල්ලී "