Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
06
“....තොප්පියවත් දාන්න දන් නෑ. මම හිතුවා තොප්පිය ඇතුළේ පාන් ගෙඩියක් කියලා.. ජනතාවගේ පැත්තට කොයි වෙලාවෙවත් තුවක්කු හරවන්න එපා..!” - ආණ්ඩුවටයි විපක්ෂයටයි ඇඬෙන්නම, පාර්ලිමේන්තුව දෙවනත් කළ ෆොන්සේකා - Video

- “....තොප්පියවත් දාන්න දන් නෑ. මම හිතුවා තොප්පිය ඇතුළේ පාන් ගෙඩියක් කියලා.. ජනතාවගේ පැත්තට කොයි වෙලාවෙවත් තුවක්කු හරවන්න එපා..!” - ආණ්ඩුවටයි විපක්ෂයටයි ඇඬෙන්නම, පාර්ලිමේන්තුව දෙවනත් කළ ෆොන්සේකා - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views

යුධ හමුදාව අතිශය දුෂ්කර වාතාවරණයක් හමුවේ මේ මොහොතේ පොදු ජනතාව සමග ගැටෙමින් රාජකාරි කරන බවත්, උද්ගත වී ඇති තත්ත්වය අනුව සියලු හමුදා සාමාජිකයින් මනා ඉවසීමකින් එම රාජකාරිය සිදු කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා අද (06) පාර්ලිමේන්තුවේ දී පවසා සිටියා.

ඔහු සියලු හමුදා සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ කුමන තත්ත්වයක් යටතේ වුව ද පොදු ජනතාව වෙතට තුවක්කු එල්ල නො කරන ලෙසටයි.


පසුගිය දා ගාලු කොටු පවුර මත පැවැති විරෝධතා ව්‍යාපාරය නැවැත් වීම සඳහා යුධ හමුදාව සිදු කළ මැදිහත්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ෆීල්ඩ් මාෂල්වරයා කියා සිටියේ එම විරෝධතා ව්‍යාපාරයට බාධා කිරීමට පැමිණි හමුදා සෙබලා තොප්පියවත් හරියට පැලැඳ නො සිටි බවයි.

ඔහු තොප්පිය පැලැඳ සිටි ආකාරය අනුව තමන්ට එම තොප්පියට යටින් පාන් ගෙඩියක් තිබුණේ දැයි සැකයක් මතු වූ බවත් ඔහු ප්‍රකාශ කළේ උපහාසයෙනි.

එසේ ම කුරුනෑගල ඉන්ධන හලක දී සිවිල් වැසියෙකුට හමුදා නිලධාරියෙකු සිදු කළ පහර දීම සම්බන්ධයෙන් ද අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා කියා සිටියේ, ලුතිතන් කර්නල් ධුරයේ සිටින එම නිලධාරියා ඒ මොහොතේ හැසිරුනේ නරුමයෙකු ලෙස බවයි.

මෙහි දී මෙම නිලධාරින් සම්බන්ධයෙන් නිසි නීතිමය ක්‍රියාමාර්ග ගෙන සේවයේ සිටින සහ විශ්‍රාම ගොස් සිටින හමුදා නිලධාරීන්ගේ ගෞරවය ආරක්ෂා කරන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඉල්ලා සිටියා.

එමෙන් ම සාකච්ඡා මේසයට පැමිණ ඇති සර්ව පාක්ෂික ආණ්ඩු ක්‍රමය ගැන ද අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියා සිටියේ එම යෝජනාව පවතින ගැටලුවලට විකල්පයක් නොවන බවයි.

සර්ව පාක්ෂික ආණ්ඩුවක කැබිනට් අමාත්‍ය ධුර සියල්ල ජ්‍යෙෂ්ඨ දේශපාලකයන් හට ලැබෙනු ඇති බවත්, ඔවුන්ගේ විසංවාදි මත කැබිනට් මණ්ඩලය තුළ හා රැස්වීම් තුළ රජයනු ඇති බවටත් ඔහු අනතුරු අඟවනවා.

එබැවින් එවැනි සර්ව පාක්ෂික රජයක කැබිනට් මණ්ඩලය පවත්වාගෙන යාම රට කරවීමට වඩා දුෂ්කර කාර්යයක් වනු ඇති බවයි ඔහු පවසන්නේ.

එබැවින් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා යෝජනා කරන්නේ පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනා ගත හැකි එක් කණ්ඩායමකට බලය පවරා ඔවුන් හට රටේ ප්‍රශ්න විසඳීමට සහයෝගය දීම වඩා සුදුසු ක්‍රියාව බවයි.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top