Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
28
මහත්වරුන්ගේ ක්‍රීඩාවේ නිජ බිමට, පළමු ලෝක කුසලානය දිනා දුන්... සුදු මහත්මයා ! - Photos

- මහත්වරුන්ගේ ක්‍රීඩාවේ නිජ බිමට, පළමු ලෝක කුසලානය දිනා දුන්... සුදු මහත්මයා ! - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2 Views

එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක මෝර්ගන් (Eoin Morgan) සිය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සමුදෙන බව අද ප්‍රකාශ කලා.
 
වසර හත හමාරකට ආසන්න කාලයක් එංගලන්ත කණ්ඩායමට නායකත්වය සැපයූ ඔයින් මෝගන් කියා සිටියේ දැන් තමන්ට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීමේ කාලය එළඹී ඇති බවයි.
 
ඔහු පසුගිය සතියේ දී එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වන බවට ඉඟි පළ කළා.
 
වර්ෂ 2014 දී එංගලන්ත කණ්ඩායමේ නායකත්වයට පත් කෙරුණු මෝගන් සැලකෙන්නේ එංගලන්තයෙන් බිහිවූ විශිෂ්ටතම ටෙස්ට් ක්‍රිකට් නායකයෙකු ලෙසයි..


ඊට අමතරව ඔහුගේ නායකත්වය යටතේ 2019 වසරේ දී එංගලන්ත කණ්ඩායම එතෙක් මෙතෙක් දිනාගත් පළමු ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගන්නටත් සමත් වුණා.
   
කෙසේ වෙතත් 2021 වසරේ සිට ඔහුගේ පිතිකරණ දක්ෂතා ඉතාම බරපතල ලෙස පහළ වැටුනා.
 
මෙම කාල සීමාව තුළදී පන්දුවාර විස්ස තරග 43කට එක්වුණු මෝගන් එහිදී එකදු අර්ධ ශතකයක් හෝ රැස් කර ගැනීමට සමත්වූයේ නැහැ.
 
මෙම තරග වලදී ඔහු ලකුණු 643 ක් රැස් කර ගෙන ඇති අතර එහි සාමාන්‍ය දැක්වෙන්නේ ලකුණු 17.81 ලෙසින්.
 
මෙම කාලසීමාව තුළදී ඔහු එක්දින තරග 5 ක් තුළදී රැස්කර ගැනීමට හැකිව ඇත්තේ ද ලකුණු 103 ක් පමණයි.
 
ඒ ලකුණු 25.75 ක් සාමාන්‍ක්ය රඳවා ගනිමින්.
 
කෙසේ නමුත් පසුගිය කාලසීමාව තුලදී ඔහුගේ ස්වරූපය සහ යෝග්‍යතාවය අනුව ඔහුගේ අනාගතය ඇත්තේ අවිනිශ්චිත භාවයකයි. 
 
මෙම කාලය තුලදී  ඔහුගේ දකුණු පාදයේ නිරන්තරයෙන් මතු වූ මාංශ පේශි ආබාධ හේතුවෙන් ඔහුට මේ වසරේ පිට පිට තරග කිහිපයක් ක්‍රීඩා කිරීමට නොහැකි වී ඇති අතර, නෙදර්ලන්තයට එරෙහිව පැවති පළමු තරග දෙකේදීම පිට පිටම ලකුණු නොලබා දැවී ගියා.
 
ඉන් අනතුරුව ඔහුගේ ඉඟටියෙන් මතු වූ ආබාධයක් හේතුවෙන් පසුගිය බදාදා නෙදර්ලන්තය සමග පැවති තුන්වන එක්දින තරගයත් ඔහුට අහිමි වී ගියා. 
 
මේ සමගම වාර්තා වුනේ මෝගන් ඔහුගේ අනාගතය ගැන සලකා බලමින් සිටින බව සහ ඔහු ජාත්‍යන්තර ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට සූදානම් බවත්ය. 
 
මෝගන්ගෙන් හිස් වන එංගලන්ත කණ්ඩායමේ නායකත්වයට බොහෝ දුරට ජොස් බට්ලර් පත් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. 
 
මෝගන්ගේ තීරණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයකු වන මොයින් අලී කියා සිටියේ මෝගන් එංගලන්ත කණ්ඩායමට ලැබුණු විශිෂ්ඨතම නායකයා බවයි.
 
ඔහු සැමවිටම තමන්ට පෙර කණ්ඩායම පෙරමුණේ තබමින් කටයුතු කළ බව මොයින් කියා සිටියා.
 
“ඒ වගේම මම පුදුම වෙන්නේ නැහැ මොකද ඔහු ඉතා පරාර්ථකාමී පුද්ගලයෙක් වන අතර ඔහු සියල්ලටම වඩා කණ්ඩායම ගැන සිතනවා. මොයීන් වැඩි දුරටත් කියා සිටියා.
 
මෝගන් 2019 සහ 2020 දී ඔහුගේ වෘත්තීය ජීවිතයේ හොඳම කාලය ගෙවා දැමූ නමුත් පසුගිය මාස 18 තුළ ඔහුගේ දක්ෂතා බරපතළ පසුබෑමකට ලක් වුණා.
 
හෙඩිංලි ටෙස්ට් තරගයේ අවසන් දින තරගයට පෙර ඔයින් මෝගන් ගේ තීරණය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් හිටපු එංගලන්ත නායක නසාර් හුසේන් ස්කයි ස්පෝර්ට්ස් වෙත පැවසුවේ “මෝගන් එංගලන්තයට මෙතෙක් සිටි වඩාත්ම දක්ෂ සුදු පන්දු ක්‍රිකට් ක්‍රීඩකයා මෙන්ම ඔහු එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය දුන් අති විශිෂ්ටතම ක්‍රීඩකයා බවයි.
 

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top