Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
27
"මම දූගේ ඇඳුම් සෝදලා, මැදලා, නවලා තියනවා... ''අම්මා'' කියන චරිතයේ බරපතලකම මම ශශිනිගෙන් දැක්කා.." චූටි මැණිකත් එක්ක ගෙවන, ආදරණීය ජීවිතේ ගැන කියන ධනංජය - Photos

- "මම දූගේ ඇඳුම් සෝදලා, මැදලා, නවලා තියනවා... ''අම්මා'' කියන චරිතයේ බරපතලකම මම ශශිනිගෙන් දැක්කා.." චූටි මැණිකත් එක්ක ගෙවන, ආදරණීය ජීවිතේ ගැන කියන ධනංජය - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2 Views

"දූ ඉපදෙන්නත් කලින්ම අපි දුවට මෞර්යා කියන නම දාලත් ඉවරයි..."
 
"මීට කලින් අහලා නැති නමක් දුවට දාන්න අපිට ඕන වුණා..."
 
"ඒ කාලේදී මම දූගේ ඇඳුම් හෝදලා, මැදලා, නවලා තියෙනවා..."
 
ධනංජය සිරිවර්ධන කියන්නෙ කවුරුත් ආදරේ කරන දක්ෂ ඒ වගේම ජනප්‍රිය රංගන ශිල්පියෙක්...


චූටි දූ එක්ක ධනංජයයි ඔහුගේ ආදරණීය බිරිඳයි ගෙවන්නෙ හරිම සුන්දර ජීවිතයක්. මේ ඔහු ඒ ගැන ලබාදී තිබූ සාකච්ඡාවක්...
 
ධනංජය චූටි දුවගේ නම කියන්න?
 
එයාගේ නම මෞර්යා ශෛරී සිරිවර්ධනයි. ජූලි මාසේ පළවෙනිදාට චූටි දුවට අවුරුදු දෙකයි.
 
චූටි දූ දැන් දඟයිද?
 
ඔව් දඟයි. එයාගේ මේ බහ තෝරන කාලයයි. එක එක වචන කියනවා. වැඩ කරනවා. එයාට හිතෙන දේවල් එයා වචනවලට හරවන්න උත්සාහ කරනවා. එයාගේ ලෝකය එයා ගෙනයන්න පටන් අරගෙන තියෙනවා.
 
චූටි දූ මුලින්ම ''අම්මා'' කියලද කිව්වේ ''තාත්තා'' කියලද කිව්වේ?
 
මුලින්ම එයා ''තාත්තා'' කියලයි කිව්වේ. ''අම්මා'' කියනවාට වඩා ''තාතා'' කියන්න ලේසියිනේ. මුලින් ''තාතා'' කියලා ඊට පස්සේ අම්මා, සීයා, ආච්චා කියලත් කිව්වා. දැන්නම් ඉතින් එයාගේ වැඩිපුරම කටේ ''අම්මා'' කියලයි තියෙන්නේ.
 
ධනංජයයි, ශශිනියි ආසාවෙන් හිටියේ දුවෙක්ට... එහෙම නේද?
 
ඔව්... අපි ආසාවෙන් හිටියේ දුවෙක්ටයි. ඒ නිසාමයි මම ''හද්දා ශුද්ධ වූ ප්‍රේමය'' කියන ගීතය පවා ලිව්වේ. ඒකේදී දූ ඉපදෙන්නත් කලින්ම ඒ ගීතය මෞර්යා කියන නමත් සඳහන් කරලයි තියෙන්නේ. දූ ඉපදෙන්නත් කලින්ම අපි දුවට මෞර්යා කියන නම දාලත් ඉවරයි.
 
මෞර්යා කියන නම දැම්මේ කවුද?
 
''මෞර්යා'' කියන නමට ගොඩක් ළඟින් යන වෙනත් නමක් තමයි මුල ඉඳන්ම ශශිනිගේ හිතේ තිබුණේ. හැබැයි අවාසනාවන්ත විදිහට දෙවතාවක්ම අපිට දරුවන් ලැබෙන්න ඉඳන් අහිමිවෙලා ගියා. ඒ නිසාම අපි ඒ නම නොදාන්න තීරණය කළා. ඊටපස්සේ තමයි ඒ ළඟින් යන නමක් විදිහට මෞර්යා කියන නම අපි තෝරාගත්තේ. මීට කලින් අහලා නැති නමක් දුවට දාන්න අපිට ඕන වුණා. ඒ නිසා තමයි දුවට මේ නම දැම්මෙ.
 
ධනංජය දුවට ලියූ ''හද්දා ශුද්ධ වූ ප්‍රේමය'' ගීතයට හරි අපූරු මතකයක් තියෙනවා නේද?
 
ඔව්... ''හද්දා ශුද්ධ වූ ප්‍රේමය'' ගීතය පද රචනා කළේ මමයි. ඒක ගායනා කළේ මගේ බිරිඳ ශශිනි සිරිවර්ධනයි. සංගීතවත් කළේ දිනේෂ් සුබසිංහයි. මේ ගීතයට පෙර මේ අදහස මම ලංකාවේ ඉන්න හොඳම ප්‍රවීණ පද රචකයකුට බාර කළා. ඇත්තටම ඔහු ඉතාමත් ලස්සන, ඉතාමත් බරසාර ගීතයක් මට ලියලා දුන්නා. හැබැයි ඒක බර වැඩිදෝ කියලත් මට හිතුණා. කොහොම හරි ශශිනිගේ ගැබිණි සමය සම්බන්ධයෙන් වීඩියෝවක් කරන්නට අපිට ඕන වුණා. ඒ නිසා අපේ ගීතයට ඒ විෂුවල් එකම කරන්නට ශශිනිට ඕන වුණා. කොහොම හරි ඒ විෂුවල් එකට යද්දී කාර් එකේදී ලියපු පද රචනාව තමයි අවසානයේදී ගීතය බවට පත්වුණේ.
 
දුව ඉපදුණේ සිංදුව පටිගත කරපු දවසෙම කියලයි ආරංචි වුණේ?
 
ඔව්... 2020 ජූලි මාසෙ පළවෙනිදා මේ ගීතය පටිගත කරන්න දිනය වෙන් කරගෙනයි තිබුණේ. ඒ වෙද්දී ශශිනිට දරු පැටියා බිහිවෙන්න ගොඩක් ළංවෙලයි තිබුණේ. අපි ගීතය පටිගත කරද්දීත් ශශිනි ''අද බබා දඟලනවා වැඩියි'' කියලත් කිව්වා. කොහොම හරි ගීතය පටිගත කිරීම අවසන් කරලා අපි දවල්ට එළියෙන් කෑමත් කාලා ශශිනිට ටිකක් අමාරු නිසාම ඉස්පිරිතාලෙ ගියා. ශශිනිව පරීක්ෂා කරපු වෛද්‍යවරයා ''දරුවා අද ආවා නම් හොඳයි'' කියලා ශශිනිව රෝහල්ගත කළා. එදාම රූ දුව ඉපදුණා.
 
ධනංජය චූටි දෝණි වැඩිපුරම ඉන්නේ අම්මා එක්කයි. ධනංජය ගෙදර ඉන්න වෙලාවට දෝණිගේ ප්‍රතිචාරය කොහොමද?
 
දූ ඉපදුණ පළවෙනි මාස තුන මම ගෙදරමයි හිටියේ. ඒ කාලේදී වැඩවලට වඩා දරුවා එක්ක ඉන්න මට ඕනවුණා. ඒ කාලේදී මම දූගේ ඇඳුම් හෝදලා, මැදලා, නවලා තියෙනවා. බබාගේ වැඩවලට ශශිනිට උදව් කළා. නමුත් පළවෙනි මාස තුන විතරයි මට ඒක ඒ විදිහට කරන්න පුළුවන් වුණේ. දැන් ගෙදර සහ බබාගේ වැඩ කරන්නේ ශශිනි. මගෙන් වෙන්න ඕන දේවල් මගෙන් මඟහැරෙනවාත් ඇති. හැබැයි හැමදේම හොයල බලලා කරන්නේ ශශිනි. ඇය දරුවා වෙනුවෙන් පුදුමාකාර කැපකිරීමක් කරන්නේ. 
 
''අම්මා'' කියන චරිතයේ බරපතළකම මම ශශිනිගෙන් දැක්කා. මගේ අම්මාත් ඒ කැපකිරීම කළා කියලා මම දන්නවා. නමුත් මට ඒක මම පොඩි කාලේදී දැනුනේ නැහැ. කිරි දෙන තැනේ ඉඳලා කොයිතරම් මහන්සියක් දරුවන් වෙනුවෙන් අම්මලා දරනවාද කියලා මම දැන් දන්නවා. දරුවා ලැබුණාට පස්සේ ශශිනි ගොඩක් මහත් වුණා. ඒ හැමදේම ඇය දරාගත්තා. ඒ හැමදෙයක්ම ශශිනි කරන්නෙ හරිම සතුටින්. අවුරුදු දෙකක් තිස්සේ පොඩ්ඩ පොඩ්ඩ දූ ලොකු වෙද්දී ඒ සතුටත් වැඩිවෙනවා. මම ගෙදර ඉඳිද්දී දුව හරි සතුටුයි. 
 
දූට මේ ගේ ඇතුළේ කිසිම තහංචියක් නැහැ. ඕන දෙයක් කරන්න, ඕනෑ තැනකට යන්න, ඕන තැනක චිත්‍ර අඳින්න එයාට ඉඩදීලයි තියෙන්නේ. මුලින් එයා බිත්ති දිගේ චිත්‍ර ඇන්දා. අපි ඒවාට කිසිම තහංචියක් දැම්මේ නැහැ. ටික කාලයක් ගියාට පස්සේ අපි Art Board එකට එයාව හුරුකළා. දැන් එයා බිත්තිවල චිත්‍ර අඳිනවා අඩුයි. 
 
දරුවකුට එයාගේ නිදහස සීමා කිරීම වැරදියි. දැන් එයාට ප්ලැටිග්නම් එකක් ලැබුණ ගමන් මගේ මූණේ තමයි එයාගේ හිතේ ඇතිවන අදහස්වලින් පෙන්වන්නේ. එයාට නිදහසේ ජීවිතේ විඳින්න අපි ඉඩ දීලයි තියෙන්නේ. අපි ''එපා'' කියන දේම එයා වැඩිපුර කරන්න ආසා කරනවා.
 
ධනංජයට රූපවාහිනියෙන් දකිද්දී චූටි දූගේ ප්‍රතිචාර කොහොමද?
 
මුලින් නම් තේරෙන්නේ නැති නිසා ගණන් ගත්තේ නෑ. ටික කාලයකට පස්සේ මාව ටී.වී. එකෙන් දකිද්දී ''තාත්ති'' කියලා ටීවී එක ළඟට ගිහින් අතගාලා ඒකට ප්‍රතිචාර දක්වනවා. හැබැයි එයාට මාව ලොකු වෙනසක් නැහැ. පුංචි කාලේ ඉඳන් දූ ජංගම දුරකථනයෙන් දැක්කේ එයාගේ අම්මවයි. ඒ නිසා මට වඩා අම්මව එයා වැඩිපුර දැක්කා. මාව රෑපවාහිනියේ දකිද්දී දූට ඒක අරුමයක් නොවෙයි.
 
ධනංජය අද ශශිනි සහ මෞර්යා එක්ක ගෙවන මේ ජීවිතේ දැනෙන්නේ කොහොමද?
 
තරුණ කාලේ අපිට සෑහෙන නිදහස තිබුණා. ශශිනි හිටියේ පිටරටක. එයා ලෝකේ වටේ යන රස්සාවක් කළේ. මාත් එයාත් එක්ක ඇවිදිද්දා. අපි දෙන්නම Travel කරන්න හරි ආසයි. දුව ලැබුණාට පස්සේ ඒ සංචාරය කිරීම ගොඩක් අඩුවුණා. දරුවෙක් කියන්නේ වගකීමක්. අද අපි තුන්දෙනා හරිම ආදරණීය ජීවිතයක් ගෙවනවා. දරුවා එක්කත් ගත කරන මේ කාලය එක්තරා අපූරු සංචාරයක්.
 
දිශානි
 


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top