"අයියගෙ කාමරේ ඉස්සරහින්මයි ඔයාව නිදිකරවන්නෙ අද. අයිටට පාලු නෑනෙ. එතකොට
කවුද දැන් අයියගෙ උරහිසේ නිදාගන්නෙ ඔලුව තියන්..."
තෙල් ප්‍රශ්නෙ අපිට විතරක් බලපාලා තියෙන එකක් නෙවෙයි.
අහිංසක සත්තුත් මේ ප්‍රශ්න නිසා නොසෑහෙන්න දුක්විඳිනවා..
සමාජ මාධ්‍යයේ හුවමාරු වුණු මේ සංවේදී කතාවත් ඊට එක උදාහරණයක්...
"ආයෙත් දවසක් එන්නෙ නැනෙ ඉතින්
චූටි.....
අපි ගාවම ඉපිදෙන්න පුතේ
හිත හදාගන්න තිබුන අඩුම ඩොක්ට ගාවට එක්කන් යන්න පුලුවන් උනානම්. පෙට්‍රල් ඉවර වෙලා මග නැවතුනාම උඹව අතේ තියන් වාහන කීයකට නම් අත දැම්මද.
අන්තිමට මං උඹ එක්ක පාරෙ නිදාගත්තමයි ස්කුටරේ ආව නන්නාදුනන අයිය නැවත්තුවෙ. ඇහුවෙ ඇයි මල්ලි කියල.
ඒත් ඒ වෙද්දිත් උඹ ගිහින්.
කාලකන්නි පාලනේ එක එක විදියට අපිව පාරනව.
අනේ මගෙ දරුවො .අපි ආයෙ ලංකාවෙනම් හමු නොවී ඉමු
අයියගෙ කාමරේ ඉස්සරහින්මයි ඔයාව නිදිකරවන්නෙ අද. අයිටට පාලු නෑනෙ. එතකොට
කවුද දැන් අයියගෙ උරහිසේ නිදාගන්නෙ ඔලුව තියන්.
අයියට නින්ද ගියාම අයියගෙ මුණ ලෙවකන්නෙ.
අයියගෙ මේසෙට නැගල හොරෙන් බිස්කට් කන්නෙ.
අයිය ගෙදරට ගේන අසරණයින්ට හොඳ ආරක්ෂකයෙක් වෙන්නෙ.
මේ ප්‍රශ්න මගෙ ලඟ තියල උඹ ගිහින්.
අනේ ආදරෙම ආදරෙයි චූටි පුතෙ..."