Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
25
“...එදා දුම්රිය ආවේ එක එංජීමකින්... දරුවව බේරගන්න හදනකොට, කට්ටියක් ෆොටෝ වීඩියෝ ගහන්න ගත්තා...” - රටක් කම්පා කරමින්, සාගරිකා දුම්රියට බිළිවුණු තරුණයාගේ මරණය ගැන, වෙනස්ම කතාවක් එළියට - Photos

- “...එදා දුම්රිය ආවේ එක එංජීමකින්... දරුවව බේරගන්න හදනකොට, කට්ටියක් ෆොටෝ වීඩියෝ ගහන්න ගත්තා...” - රටක් කම්පා කරමින්, සාගරිකා දුම්රියට බිළිවුණු තරුණයාගේ මරණය ගැන, වෙනස්ම කතාවක් එළියට - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4 Views

ආර්ථික අර්බූදය අද වන විට රටේ සියලු අංශ වෙත ප්‍රබල බලපෑම් ඇතිකරමින් ඇත්තේ ය. ඒ තුළින් මිනිස් ජීවිත කිහිපයක් ම රටට අහිමිව ගියේ පවුල් කිහිපයක දෛනික ආර්ථිකයට ප්‍රබල ලෙස බලපෑම් ඇති කරවමිනි.

තරුණ ජීවිත ඒ අතර ප්‍රමුඛය. දික්වැල්ල වැවුරුකන්නල සඳරු රූසර විතානගේ ද රටේම කතාබහක් ඇතිකරමින් ජීවිතයෙන් සමුගත්තේ ආර්ථික අර්බූදයේ තවත් එක් සිදුවීමක් මතකයේ රඳවමිනි.


ඉන්ධන අර්බූදය හමුවේ බස් රථ ධාවනයේ ගැටලු පැවතීම හා ආර්ථික අර්බූදය හමුවේ ගොඩනැ‍ෙඟමින් තිබූ තම පවුලේ දෛනික වියදම් අඩුකර ගැනීමේ අරමුණින් දුම්රියේ ගමන්කරන්නට ගොස් සුළු අත්වැරදීමකින් ජීවිතයෙන් වන්දිගෙවූ සඳරු රූසර විතානගේ, තරුණ මෙන්ම වැඩිහිටි ප්‍රජාවට ද හිතන්නට ප්‍රබල පණිවිඩයක් බාදී ඇත.

සහෝදර සහෝදරියන් සිවුදෙනකුගෙන් යුත් පවුලේ වැඩිමලාවූ සඳරු රූසරට නැඟණියන් දෙදෙනෙකු හා මල්ලී කෙනෙකු සිටිති. රූසර ප්‍රාථමික අධ්‍යාපනය ලබාගත්තේ දික්වැල්ල කුමාරතුංග මුණිදාස මහා විද්‍යාලයෙනි.

2008 වසරේ පැවති 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 147ක් ලබාගනිමින් සමත්වූ රූසර දෙමව්පියන්ට මෙන්ම පවුගේ සැමට මහා සතුටුක් ලබා දුන්නේය.

ඒ සමඟින් ඔහු මාතර රාහුල විද්‍යාලයට ඇතුළත් වීමේ වරම් හිමි කර ගත්තේ ය.

6 ශ්‍රේණියේ සිට රාහුල විද්‍යාලයේ ඉගෙනුම ලැබූ රූසර අ.පො.ස සා.පෙළ විභාගයෙන් A සමාර්ථ 08 ක් හා B සමාර්ථයක් ලබා විශිෂ්ට අයුරින් සමත්වීමෙන් පසු ගණිත අංශයෙන් උසස්පෙළ හැදෑරූවේ ඉංජිනේරුවකු වීමේ අරමුණෙනි.

උසස්පෙළ සමත්වුව ද විශ්වවිද්‍යාල වරම් නොලද රූසර පාසල් අධ්‍යාපනය අවසන් කර රාහුල විද්‍ය­ාලයෙන් නික්ම යනතෙක්ම ගුරු සිසු සැමගේ ආදරය දිනාගත් ප්‍රියමනාප ශිෂ්‍යයකු විය.

පාසල් අධ්‍යාපනය හමාර කරන රූසර ගේ ඊළඟ ඉලක්කය වූයේ රැකියාවක් සඳහා විදේශගත වීමටයි. ඒ සඳහා ඔහු විවිධ පාඨමාලා හැදෑරුවේය.

විදේශ භාෂාවන් ද හැදෑරූ රූසර එම හීනය සැබෑ වන තෙක් දේශීය රැකියාවක් කරන්නට පියවර ගත් අතර පළමු රැකියාව සඳහා ඔහු තෝරා ගත්තේ පෞද්ගලික අංශයයි.

ඒ අනුව ෆිනෑන්ස් ආයතනයක මාතර නූපේ කාර්යාලයේ සේවකයකු ලෙස ඔහු රැකියාව ආරම්භ කළේය. ඒ මීට මාස දහසයකට පෙරදීය. වැවුරුකන්නල නිවසේ සිට දිනපතා රූසර වැඩට ගියේ බසයෙනි. එය ඔහුට පහසුවක් ව තිබුනේ. නිවස ආසන්න බෙලිඅත්ත මාතර පාරෙන් ගමන්ගන්නා තංගල්ල කොළඹ බස් රථයකට ගොඩවී කෙළින්ම නූපේ හන්දියේ බසින්නට අවස්ථාව ලැබුණු නිසයි.

ඇතැම්විට මාතරට පැමිණ වෙනත් බස් රථයකින් නූපේ හන්දිය දක්වා ගමන් කරන අවස්ථා ද විය.

පවත්නා ඉන්ධන අර්බූදය හමුවේ බස් රථ ගමනාගමනය මඳ වීම හා ආර්ථික ගැටලු හමුවේ රූසර දුම්රියෙන් මාතර දක්වා ගමන් කරන්නට පටන් ගත් අතර ඉන් ඔහුට බස් කුලිය ලෙස වරකට වැයවූ රුපියල් එකසිය පනහක මුදල අඩු කර ගන්නට ද හැකිවිය.

සතියක් පුරා දුම්රියෙන් ගමන්කළ ද දුම්රියේ ගමන් කිරීම පිළිබඳ රූසර තුළ වූයේ ආධුනික බවකි.

ඒ ඉක්තු 17 වැනිදාය. සුපුරුදු පරිදි වැඩට ගිය රූසර යළි නිවස කරා යාමට දුම්රියපොළට පැමිණිය ද වෙනදා ඔහු ගමන් කරන ගාලු කුමාරි දුම්රිය පිටත්ව ගොස් තිබුණි.

රූසරට ඊළඟට යාමට තිබූ සාගරිකා දුම්රිය රාත්‍රී 7.41 වන විට මාතරට පැමිණිය යුතු වුව ද අධික මගී තදබදය හා කාර්මික දෝෂයක් හේතුවෙන් එය පැමිණීමට පැය කිහිපයක් ප්‍රමාද විය.

රූසර සිය මවට දුරකථන ඇමතුමක් ගෙන පවසා සිටියේ ගාලු කුමාරි පිටත්ව ඇති නිසා ඊළඟට එන සාගරිකා දුම්රියෙන් ගෙදර එන බවයි.

ඒ වන විට වේලාව රාත්‍රී නවය පමණ විය. දිගින් දිගටම දුම්රිය ප්‍රමාද වෙද්දී බසයෙන් ගෙදර යාමේ අපෙක්ෂාවෙන් රූසර දුම්රියපොළෙන් පිටව මාතර ධර්මපාල මාවතට පැමිණෙමින් සිටියදී සාගරිකා දුම්රිය ඈතින් පැමිණෙන හඬ ඇසීමත් සමඟ නැවත දුම්රියපොළ වෙත දිව ගියේය.

ධර්මපාල මාවත දෙස සිට රූසර පිම්මේ දුම්රියපොළ දෙසට දිව ගිය අතර ඔහු දුම්රියපොළට පැමිණෙද්දී සාගරිකා දුම්රිය පැමිණ යළි පිටත්වීමට ආසන්නව තිබුණි. කලබලයෙන් රූසර එනුදුටු පිරිස පැවසූවේ “ඉක්මන් කරන්න කොච්චිය යන්න හදන්නේ” යනුවෙනි.

රූසර දුම්රියපොළේ මගීන් දුම්රියට ගොඩවන ස්ථානයට දිවයද්දී දුම්රිය බෙලිඅත්ත බලා ගමන් කරමින් තිබූ අතර එම මොහොතේ මෙහෙයුම් භාරව සිටි දුම්රිය ස්ථානාධිපතිවරයා හඬගා පැවසුවේ දුම්රියට ගොඩ නොවන ලෙසයි.

දුම්රියේ ගමන්විලාශය පිළිබඳ අවබෝධය මඳවූ රූසර දිවගොස් ගමන්කරමින් තිබූ දුම්රියට ගොඩවන්නට උත්සාහ ගත්ත ද අවාසනාවන්ත ලෙස ඔහු පාපුරුවෙන් ලිස්සා ගමන්කරමින් තිබූ දුම්රියත් මගී වේදිකාවත් අතරට වැටී ඒතුළ සිරවී ඉදිරියට ඇදී ගියේය.

මගියෙකු ඇදවැටෙනු දුටු දුම්රිය නියාමකවරයා වහා දුම්රියේ තිරිංග තදකරද්දී ටික දුරක් ඉදිරියට ඇදුනු දුම්රිය නතරවූයේය. දුම්රියේ රෝදයත් වේදිකාවත් අතර හිරවී සිටි සඳරූගේ එක් පාදයකට හානි පැමිණ එක් අතක් පීල්ල මත රැදී තිබුනේය.

දුම්රිය ඉදිරියට ගතහොත් කකුලටත් පසුපසට ගතහොත් අතටත් හානිසිදුවිය හැකි බැවින් අඩියක්වත් තරම් ඉඩක් නොවූ ස්ථානයෙන් රූසර ඉවත් කර ගන්නට එහි සිටි පිරිස ලොකු උත්සාහයක් දැරුවේය.

විනාඩි තිහත් හතළිහත් අතර කාලයක් පුරා ගත් උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස පිටතට ගත් රූසර 1990 ගිලන් රථයක් මගින් වහා මාතර මහ රෝහලට පිටත් කළ අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී සියලුදෙනාගේ සිත් කම්පාවට පත්කරමින් මෙලොවින් සදහටම සමුගත්තේ දෙමාපියන්ගේ දහසකුත් එකක් බලාරොත්තු සුන්කර දමමිනි.

“අනේ මම මේ දුක කොහොම ඉවසන්නද? මගේ රත්තරන් පුතා අද මට නෑ. මගේ පුතා උදේ හතහමාරට ගෙදරින් ගියේ. මේ වගේ රත්තරන් දරුවොන්ට ඇයි මෙහෙම දේවල් වෙන්නේ. මේක මහා කරුමයක්. දැන් රත්තරන් දරුවෝ කීදෙනෙක් නැතිවුණාද? ඇයි මේව මෙහෙම වෙන්න දෙන්නේ. මගේ පවුලෙම තිබූ සතුට මේ නැතිවුණේ. කිසි කෙනෙකුට කරදරයක් නැති මගේ රත්තරන් පුතා” රූසරට සිදුවූ සිදුවීමෙන් කම්පනයට පත් ඔහුගේ මවවූ නිමාලි චම්පිකා ප්‍රියංගනී (44) මාතාව විලාප නගමින් පැවසුවාය.

රූසරට සිදුවූ අනතුර පිළිබඳ දැනගත් ඔහුගේ පියා වහා මාතර මහ රෝහලට ගිය ද ඒ වන විටත් ඔහු අවසන් සුසුම් වාතලයට මුසු කර තිබූණි. ඒ වන විට වේලාව රාත්‍රී 10.20 පමණ විය.

“මගේ පුතා හොඳට ඉගෙන ගත්තා. ඉස්කෝලෙ යන කාලෙවත් ඉන් පසුවත් කිසිම කරදරයක් නැතිව තමන්ගෙ පාඩුවෙ ජීවත් වුණු දරුවෙක්. අපේ පුතා රක්ෂාව කරගෙන පවුලට බරක් නැතිව තමන්ගේ වැඩ ටික කරගෙන හිටියා. නංගිලා දෙන්නටයි. මල්ලිටයි හරි ආදරෙයි. පුතා නිශ්ශබ්ද කෙනෙක් වුණාට නංගිලා ගැන හොඳට බැලුවා. නංගිලාට ටිකක් සැරදාල හොඳ මඟ ගැන කියලා දෙනවා. මේ සිදුවීම අපේ පවුලට විතරක් නොවෙයි සමාජයටම පාඩුවක්. රූසරගේ පියා වන වැවුරුකන්නල බුදුරජ මහ වෙහෙරේ විශ්‍රාම ශාලාවේ පාලකවරයාවූ දමිත තුෂාර විතානගේ (48) කඳුළු පිසදමමින් පැවසුවේය.

සිදුවීම පිළිබඳ දුම්රිය සේවකයකු මෙලෙස පැවසුවේය.

“එදා සිදුවීම හරිම කණගාටුදායකයි. අපි මැරුණු දරුවට වරද පටවන්නත් එහෙම නැත්නම් දුම්රිය දෙපාර්තමේන්තුවට, රජයට වරදපටවන්නත් ක්‍රියාකරල ප්‍රශ්නය අමතක කරන එක නොවෙයි කළ යුත්තේ මින් පාඩමක් ඉගෙන ගැනීමයි. එදා දුම්රිය ප්‍රමාදවුන එක ඇත්ත. එදා දුම්රිය ප්‍රමාදවෙන්න හේතු දෙකක් බලපෑවා. එකක් අධික මගී සංඛ්‍යාව. අනෙක් කරුණ තමයි එන්ජින් දෙකක් සහිත සාගරිකා දුම්රියේ එක් එන්ජිමක දෝෂ ඇතිවීම. ඒ නිසා දුම්රිය අවෙ එක ඉංජිමකින්. ඒ දරුවාගේ ප්‍රමාදයත්, අනාරක්ෂිත බවත් මේ අවාසනාවන්ත සිදුවීමට බලපෑවා. ඒ අනතුරින් පසු හරිම කණගාටුදායක සිදුවීමකුත් වුනා. ඒක හැම අනතුරකදීම වෙනවා. ඒ තමයි අර දරුවා දුම්රියත් වේදිකාවක් අතර සිරිවී ඉන්නවිට ඒ දරුවා බේරගන්න පිරිසක් ලොකු උත්සාහයක් ගනිද්දී තවත් පිරිසක් එයට බාධාකරමින් ඡායාරූප හා විඩියෝ ගත කිරීම. අනතුරු ගැන වගේම මේවා ගැනත් සමාජයේ අවධානයට ලක්කළ යුතුයි”

ජයසිරි පේදුරුආරච්චි
සිළුමිණ පුවත්පත
 


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top