එංගලන්තයේ සිට මෙම රථ වාහන ගෙන්වා තිබෙනවා.
මේ අතර විදෙස් රටවලින් භාණ්ඩ ආනයනය සීමා කර ඇති මොහොතක, නීතිවිරෝධීව හා ඉතා සූක්ෂ්ම අන්දමින් මෙරටට ගෙන්වූ භාණ්ඩ තොගයක් ද එහි තිබූ කන්ටේනර් දෙකකින් සොයාගෙන තිබෙනවා.
එහිදී අමරිකානු ඩොලර් 40,000ක් වටිනා විස්කි බෝතල් 2500ක්, රූපලාවන්‍ය ද්‍රව්‍ය තොගයක්, එන්ජින් ඔයිල්, කහ සහ ලයිටර් තොගයක් රේගු භාරයට ගැනුණා.
මෙම භාණ්ඩ සියල්ලේම වටිනාකම රුපියල් මිලියන 50කට අධික බවයි වාර්තා වන්නේ.