මේ තියෙන්නේ වෛද්‍ය පාලිත රාජපක්ෂ, ඔහුගේ මුහුණු පොතට එක් කළ සටහනක්..
සමහර ගොන් වස්සන්.....
සෞඛ්‍ය සේවය ..
අත්‍යාවශ්‍ය නොවේ ..
උන්,ඔකුන්,හැතිකරේ ,කාලකන්නි ඔකුන්ට තෙල් නෙමෙයි දෙන්න ඔනි....
යනුවෙන් අමතනු දුටුවෙම්..
ඇසුවෙමි..
බල්ලෝ බලලුන් මෙන් එලවනු දුටිමි
උත්තරය කෙටියෙන් ..
පහතින් කොටමි...
වේලාව උදේ 7.35..
ඇමතුම මීගහකිව්ල රෝහලේ DMO වෛද්‍ය . හර්ෂ මල්ලීගෙනි..
පාලිත අයියේ ගහකින් වැටුණු ලෙඩෙක්ගේ පපුව හරහා ලීයක් ඇනිල..
ඉහමොල රත්වුනු මා..මල්ලියේ වීඩියෝ කොල් එකක් ගනින්..
මට ලෙඩා ලීය තියෙන හැටි පෙන්නපන්..
සැනෙකින් ඇමතුම ලැබිනි..
හරි මේ ටික කරල ඉක්මනින් එවපන්..
හරි අයියේ..
එහෙන් මෙහෙන් ඇදුම් වලට බැස්සෙමි..
සැනෙකින් බදුල්ල හදිසි ප්‍රතිකාර එකකය සූදනම්..
විනාඩි කිහිපයක් ඇතුලත රෝගියා අපි ලගය...
ඔහුගේ දකුණු පැත්තෙන් ඇතුල්වුනු ලීය පපුව මැදින් එලියට පැමින නැවතත් වම්පසට ඇතුලුව වම් බාහුව හරහා ගොස් එලියට පැමින තිබින...
ඔහුගේ අත් දෙකම සිරවී තිබින..
සැනෙකින් කියතකින් පපුව මැදින් එලියට පැමිනි තැනින් ලීය කපා දැමුවෙමි..
එ ඔහුගේ වේදනාව අඩුකර අත්වල ලේ ගමනය පහසු කිරීමටය..
දැන් මේ මොහොතේ ලීය සම්පූර්ණයෙන් ඉවත් කිරීම වි.ශල්‍ය වෛද්‍ය පියල් කුරුකුලසූරිය ඇතුලු සුව සේවකයින් සිදුකරමින් සිටී...
ඔහු පැමිනියේ බයිසිකලයෙනි
ඉතින් ..
මීගහකිව්ල රෝහලේ වෛද්‍ය හෙද,සහායක කාර්‍ය්මන්ඩලය .
ගිලන් රිය රියදුරු ,සහායක බදුල්ල රෝහලේ ...
අමනයින් විසින් පට්ට පතුරු ගැහු..
සුවසේවකයින් 30-40ක් මෙයට දායක විය..
ඉතින් අපිට පෝලිමේ වරෙල්ලා කියපු අය...
එක් දෙයක් මතක තබාගත යුතුය..
දහසක් අඩුපාඩු ,අමාරුකම් මැද මේ කරන්නේ අරගලයක්මය...
අපේ විනාඩි 1ක යනු ඔබලාගේ ජීවිතයක් යන්න පමනක් මතක තබාගන්න..
....මේ අද සිදුවුනු එක් සිදුවීමක් පමනි
......ස්තුතියි ..
....වෛද්‍ය පාලිත ...