ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ආර්.එස්.එම් මහේන්ද්‍රරාජා හමුවට සැකකාරියන් ඊයේ ඉදිරිපත් කළ අවස්ථාවේ දී ලබන මස 5 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට යි නියෝග කෙරුණේ.
වැලිවේරිය හේනේගම පදිංචි කාන්තාවක සහ ඇයගේ ලේලිය මෙලෙස අත්අඩංගුවට ගැනුණු අතර, ඔවුන් රැකියා අවස්ථාවක් ලබාදෙන බව පවසමින් මුදල් වංචා කර තිබුණා.
බත්තරමුල්ල ප්‍රදේශයේ කාන්තාවකගෙන් රුපියල් පනස් පන්දහසක්, මෝදර ප්‍රදේශයේ පදිංචිකරුවෙකුගෙන් රුපියල් ලක්ෂයක්, අමිතිරිගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකුගෙන් රුපියල් ලක්ෂ තුනක් මෙම කාන්තාවන් වංචා කර තිබූ බවට අධිකරණයේ දී සඳහන් වුණා.
එසේම ඔවුන්ට විරුද්ධ ව තවත් පොලිස් ස්ථාන ගණනාවකටම පැමිණිලි ලැබී ඇති බවයි වැලිවේරිය පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේ.