ඔහු පවසන ආකාරයට මෙම සිදුවීම දෙහිවල සත්ව උද්‍යානයේ සිදුවීමක් නම්, මේ පිළිබඳව වහාම බලධාරින් අවධානය යොමු කළ යුතු නොවේද ?
තරමක් වැඩුණු මෙම ව්‍යාඝ්‍ර පැටවුන් දෙදෙනාට එම ප්ලාස්ටික් කූඩය කිසිසේත් ඉඩ නොමැති බව එම ඡායාරූප සමීපව නිරීක්ෂණය කිරීමේ දී හොඳින් පැහැදිලි වනවා.
ඉඩකඩ තිබුණ ද එම අසරණ පැටවුන් දෙදෙනා එතුළ හිර කර පියනෙන් වසා දැමූ පසු ටික වේලාවකට හෝ ඔවුන්ට ශ්වසන අපහසුතා ඇති වීමේ ඉඩක් නැතුවාම නොවෙයි.
මෙවැනි වගකීම් විරහිත ක්‍රියාකාරකම් හමුවේ, යම් ලෙසකින් මෙම ව්‍යාඝ්‍ර පැටවෙකු හට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවූවා නම් එයට වග කියන්නේ කවුද ?
බෙංගාලි ව්‍යාඝ්‍රයින් මේ වන විටත් ලොව වඳ වී යන ඛාන්ඩයේ අධිසංරක්ෂිත සත්ත්ව කොට්ඨාශයක් ලෙසයි සැළකෙන්නේ.
මෙම කරුණු කාරණා දෙහිවල සත්ව උද්‍යානයේ සේවයේ නිරත සේවකයින් නොදන්නවා ද ?
මෙලෙස ප්ලාස්ටික් කූඩයක ඔබා රැගෙන යන්නේ, දෙහිවල සත්ව උද්‍යානයට ජනතා ආකර්ශනය ගෙන එන සත්ව කොට්ඨාශයක් බව මේ සේවකයින් නොසිතන්නේ ඇයි ?
මේ පිළිබඳ සත්ව උද්‍යාන බලධාරින්, විෂය භාර අමාත්‍යවරයා සිය අවධානය යොමු කර මෙවැනි අමනෝඥ ක්‍රියා සිදුවීම ඉදිරියේ දී හෝ පාලනය කරගැනීමට වහාම පියවර ගත යුතු නොවේද ?
අප ඔවුන්ගේ ප්‍රතිචාර පිළිබඳව දැඩි අවධානයෙන් !